පකිස්තානයෙහි කපු නිෂ්පාදනය
කපු නිෂ්පාදනය, පකිස්තානයෙහි ආර්ථික වර්ධනයට ආවශ්‍යක වෙයි. කපු කර්මාන්තයට සහ එය හා ආශ්‍රිත පෙහෙකම් අංශය කෙරෙහි දේශය බෙහෙවින් යැපෙන අතර, මෙම බෝගය සඳහා රටෙහි ප්‍රධාන තත්ත්වයක් ලබා දී ඇත. දේශයේ ඉඩකඩම් අතුරින් 15% ක ප්‍රමාණයක් තුල කාර්මික බෝගයක් ලෙසින් කපු වගා කෙරෙනුයේ, කරීෆ් කාලසීමාව ලෙසින් හැඳින්වෙන මැයි සිට අගෝස්තු දක්වා වන මෝසම් මාස තුලදී වන අතර, පෙබරවාරි සහ අප්‍රේල් අතර කාල සීමාවෙහිදීද කුඩා පරිමාණයකින් වගා කෙරෙයි. පුටි (කපු-පුළුන් හා බීජ වෙන් නොකෙරුනු) ආකාරයෙන් වූ හා එකක් 470 රාත්තල් (210 ක්‍රිග්‍රෑ) බරැති කපු මිටි මිලියන 15 ක වාර්තාගත කපු නිෂ්පාදනයක් 2014–15 තුල සිදුවූ බව වාර්තා වී ඇති අතර, පෙර කාල සීමාව (2013–14) හා සැසඳීමේදී එය 11% ක ඉහළ යෑමකි. [1] 2012–13 වන විට, නිෂ්පාදන ධාරිතාව ප්‍රකාර, ලෝකයේ කපු වගා කරන්නන් අතර සතරවන ස්ථානය, පකිස්තානය සතුවූ අතර, චීනය, ඉන්දියාව සහ එක්සත් ජනපදය සඳහා පළමු ස්ථාන තුන ඒ පිළිවෙලින් හිමි විය.[2] අමු කපු අපනයනය සැලකූ විට පකිස්තානය විසින් තෙවන ස්ථානය හිමි කරගෙන සිටින අතර, පරිභෝජනය ප්‍රකාර එය සතරවන ස්ථානයෙහි පසුවෙයි (තම නිෂ්පාදනයෙන් සියයට 30 සිට 40 දක්වා). විශාලතම කපු නූල් අපනයනයකරු පකිස්තානය වෙයි.[3]
ඉතිහාසය
සංස්කරණයකපු පිළිබඳ දැනට දන්නා ආදිතම අනුසාරයන් සොයාගනු ලැබුවේ ක්වේටා නගරය අසබඩ මෙහර්ගර් හිදී වූ බැවින්, කපු වගාවෙහි යෙදුනු පළමු ප්‍රදේශ කිහිපය අතුරින් එකක් බවට පකිස්තානය සැලකෙයි.[4] නව ශිලා යුගය (ක්‍රිපූ 6000) වෙත දින නියම කෙරුණු සුසාන භූමියක තිබූ තඹ පබළු ඇටයකට සවිකර තිබූ නූල් ආකාරයෙන් කපු හමුවී ඇත.[4] ඛනිජකරණය වී තිබූ නූල්, පරාවර්තන-ආලෝක අන්වීක්ෂයක සහ පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක සුසංයෝජනයක් මගින් ලෝහ විද්‍යාත්මක විශ්ලේෂණයට ලක් කරන ලද අතර, එහිදී නිරාවරණය වූයේ ඒවා කපු (ගණය ගොසිපියම්) බවයි.[4][5] වර්තමාන නැගෙනහිර පකිස්තානයෙහි සහ වයඹ දිග ඉන්දියාවෙහි කොටස් පුරා පැතිර පැවති ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය තුලදී, කපු වගාව වඩාත් පැතිර ගියේය.[6] පුරා-උද්භිද විද්‍යාත්මක සාක්ෂි අනුව ක්‍රිපූ 5000 දී මෙහර්ගර් දක්වා කපු බීජ වල ඉතිහාසය අනුරේඛනය කර ඇති නමුදු, ඒවා අයත් වූයේ වනගත වර්ගයකටද නැතිනම් වගා කළ වර්ගයකටද යන්න පැහැදිලි නැත. මොහන්දජාරෝ සහ හරප්පා ඉන්දු නිම්න නගර වල කපු රෙදි භාවිතය, ක්‍රිපූ 2,500 දක්වා දිවෙයි. බලාකොට් හිදී කපු පරාග හමුවී ඇති බවට වාර්තා වී ඇත.[7] හරප්පාහිදී (පරිණත හරප්පානු යුගය ක්‍රිපූ 2500-2000), ස්ත්‍රී සුසාන භුමියක් වෙතින් හමුවුනු පෞරාණික භාණ්ඩයක්වූ කැඩපතක අල්ලුවක ගැටගසා තිබූ සහ තඹ දැළි පිහියක් වටා ඔතා තිබූ කපු නූල් පිළිබඳ සාක්ෂි හමු වී ඇත.[8][9] බලාකොට්හී ගොසිපියම් වැනි (පරිණත හරප්පානු යුගය ක්‍රිපූ 2500-2000) මල්වාකියයි (සපුෂ්පක ශාකය) පරාග වර්ග ලෙසින්; බනවාලි හී (පරිණත හරප්පානු යුගය, ක්‍රිපූ 2200-1900), සැන්ගෝල් (අපර හරප්පානු යුගය, ක්‍රිපූ 1900-1400) හී, කැන්මර් හී, කෂ් (අපර හරප්පානු යුගය, ක්‍රිපූ 2,000-1,700) හී, ඉම්ලිඩි කර්ඩ් සහ ගෝරක්පූර් (ක්‍රිපූ 1300-800) හී බීජ ලෙසින්; ශ්‍රින්ගවේරපුර හී ගුරු ගල් වර්ණවත් කුඹල් කර්මාන්තයෙහි අපර භාගයෙහි (ක්‍රිපූ 1200-700) කෙඳි ලෙසින්; සහ එල්ලූර් හී මුල් යකඩ යුගයෙහි (ක්‍රිපූ 950-900) බීජ සහ කොටස් ලෙසින් කිසියම් ආකාරයක කපු පිළිබඳ තවත් බොහෝ සාක්ෂි පවතියි.[9]
වගා කෙරෙන ප්‍රදේශ
සංස්කරණයරටෙහි ප්‍රධාන බෝග සතර අතරින් එකක් වන කපු යනු හුදෙක් සෙලියුලෝස් කෙඳි සපයා ගැනුම සඳහා වන බෝගයක් වන අතර “රාජ කපු” සහ “සුදු රන්” යන පසිඳු විරුද නාමයන් භාවිතයෙන්ද හැඳින්වෙයි. පකිස්තානයෙහි පෙහෙකම් කර්මාන්තය සඳහා ප්‍රාථමික ආදායනය එය වෙයි.[10]
කපු නිෂ්පාදනය, පකිස්තානයෙහි ආර්ථික වර්ධනයට ආවශ්‍යක වෙයි. 2015 විදේශ කෘෂිකාර්මික සේවා වාර්තාවෙහි USDA විසින් සිදුකෙරුණු විශ්ලේෂණයකට අනුව, දේශයේ ඉඩකඩම් අතුරින් 15% ක ප්‍රමාණයක් තුල කාර්මික බෝගයක් ලෙසින් කපු වගා කෙරෙයි. එය වගා කෙරෙනුයේ කරීෆ් කාලසීමාව ලෙසින් හැඳින්වෙන මැයි සිට අගෝස්තු දක්වා වන මෝසම් මාස තුලදීය. පෙබරවාරි සහ අප්‍රේල් අතර කාල සීමාවෙහිදී ද එය කුඩා පරිමාණයකින් වගා කෙරෙයි. .[11]
කපු බෙහෙවින් වගා කෙරෙනුයේ පන්ජාබ් සහ සින්ද් යන දෙපළාතෙහි වන අතර, දේශයෙහි කපු වගා කෙරෙන භූමි ප්‍රමාණයෙන් අතරින් 79% ක් පළමුවැන්න විසින්ද 20% ක් දෙවැන්න විසින්ද සැපයෙයි. කයිබර් පක්ටුන් ක්වා (KPK) සහ බලුකිස්තාන් පළාත් වලද එය වගා කෙරෙයි. 2014–15 වගා කිරීමේ කාලසීමාවෙහිදී කපු වැවීමේ මුළු භූමි ප්‍රමාණය ලෙසින් වාර්තාගතවී ඇත්තේ හෙක්ටෙයාර 2,950,000 (අක්කර 7,300,000) කි. හෙක්ටෙයාර් 5 (12 අක්කර) ක ප්‍රමාණයට අඩු භූමි ප්‍රමාණයක් අයත් කුඩා ගොවීන් විසින් විශාලතම වැවිලිකරු කාණ්ඩය සාමාන්‍ය වශයෙන් තනනු ලැබේ;[11] හෙක්ටයාර් 2 (අක්කර 4.9) ප්‍රමාණයකට වඩා අඩු ප්‍රමාණයක භූමියකට අයිතිවාසිකම් කියන ගොවීන් විසින් ගොවිබිම් අතරින් 50% කට වගකියති. කපු වගාව සඳහා හෙක්ටයාර 25 (අක්කර 62) ක් යොදා ඇති බිම් කඩ විසින් ගොවිබිම් 2% කට අඩු ප්‍රමාණයක් පමණකට වගකියයි.[3] 2013 ඇස්තමේන්තුවක් ප්‍රකාර, කපු වගාවෙහි යෙදුනු ගොවීන් මිලියන 1.6 සිටි අතර (සියළු අංශයන්හී මුළු ගොවීන් මිලියන 5 ක් අතුරින්), ඔවුන් වගා කල භූමි ප්‍රමාණය හෙක්ටයාර මිලියන 3 ක් විය.[11][3]
ප්‍රභේද
සංස්කරණය2002 වසරෙහිදී සින්ද් පළාත විසින් සිදු කල පළමු අත්හදා බැලීමෙන් පසුව, ගොවීන් විසින් පුළුල් ලෙසින් බැසිලස් තරින්ජියෙන්සිස් (බීටී) කපු අපත්‍යීකරණය කොට ඇත. ප්‍රදේශයෙහි 95% තුල එය දැන් වගා කෙරෙයි.[11] වගාකිරීම සඳහා බීටී කපු සහ බීටී-නොවන කපු ප්‍රභේද 18ක් භාවිතා කිරීම, පන්ජාබ් බීජ කාර්යාංශය විසින් අනුමත කර ඇත. ඒවා මෙසේය: FH-114, CIM-598, SITARA-009, A-one, BH-167, MIAD-852, CIM-573, SLH-317, TARZAN-1, NS-141, IR-NIBGE-3, MNH-886 යන බීටී ප්‍රභේද 12ක්, සහ NIBGE −115, FH-941, FH-942, IR-1524, Ali Akbar-802 සහ NEELAM-121 යන බීටී-නොවන ප්‍රභේද හයක් වශයෙනි.[12] සින්ද් පළාතෙහි, දේශිය සින්ද් කපු ප්‍රභේදයන්ද 40% පමණ භූමි භාගයක වගා කෙරෙයි.[13] ඒවා සාමාන්‍යයෙන් වගා කෙරෙනුයේ අප්‍රේල් සිට ජූලි දක්වා වන අතර, අස්වැන්න නෙලා ගනු ලබන්නේ අගෝස්තු–දෙසැම්බර් කාල සීමාවෙහිදීය.[4]
නිෂ්පාදනය
සංස්කරණයජාතියෙහි කාර්මික අංශයෙහි පදනම ලෙසින් කපු ක්‍රියාකරයි.[3] 2014–15 කාල සීමාවෙහිදී එක් මිටියක් රාත්තල් 470 ක් බරැති පුටි (කපු-පුළුන් හා බීජ වෙන් නොකෙරුනු) වර්ගයෙහි කපු මිටි මිලියන 15 ක් තරම් උස් වාර්තාගත කපු නිෂ්පාදනයක් වාර්තා වී ඇත; පූර්ව වගා කාලසීමාව (2013–14) හා සැසඳීමෙහිදී මෙය 11% ක වර්ධනයක් විය. 1961 වසරෙහි මිටි මිලියන 1.38 ක සිට 2014 වසරෙහි මිටි මිලියන 11.138 ක් දක්වා එය ආශ්චර්යවත් වර්ධනයක් දැක්වූ අතර, 2014–15 කාලසීමාවෙහි ඇස්තමේන්තු ගත සංඛ්‍යාවන් අනුව එය මිටි මිලියන15 ක් දක්වා ඉහළ යාමක් පෙන්වයි.[1] 1980–81 කාලවාරයෙහි සිට 1990–91 කාලවාරය දක්වා පකිස්තානයෙහි කපු නිෂ්පාදනය ටොන් මිලියන 0.70 සිට ටොන් මිලියන 2.2 දක්වා වූ සීඝ්‍ර වූ වර්ධනයක් අත්දැකි අතර, 1990–91 කාලවාරය හැඳින්වුනේ පකිස්තානයෙහි කපු කර්මාන්තය සඳහා "විජ්ජා වසර" ලෙසිනි. මෙය සඳහා හේතු වශයෙන් දැක්වුනේ හොඳ පලිබෝධ පාලන ක්‍රම භාවිතය, වැඩිදියුණු කල බීජ වර්ග භාවිතය සහ පොහොර වැඩියෙන් භාවිතය වන කරුණු වෙයි.[14] කපු සහ පෙහෙකම් කර්මාන්ත එකිනෙක හා බැඳී ඇති අතර ඒවා සතුව බීජ ඉවත්කරනාගාර 1,000, පෙහෙකම්හල් 425 සහ, කපු බීජ කුඩු කරන සහ තෙල් පිරිපහදු 300 ඇත. බීටී ජානය හා සාම්ප්‍රදායික ප්‍රභේද මුහුම්කිරීමෙන් සැදෙන කපු දෙමුහුම්, දේශීය බීජ ආයතන විසින් ප්‍රවර්ධනය කෙරෙයි.[11] සින්ද් පළාතෙහි බෙනාසිර්බාද්, හයිද්‍රබාද්, ජැම්ෂොරෝ, මිර්පූර් කාෂ්, නවුෂීරෝ ෆෙරොස්, සංග්හාර්, බාඩින්, සුක්කාර්, ගෝට්කි, තාර්පාකර්, තට්ටා සහ උමාර් කොට් යන දිස්ත්‍රික්කයන්හී අක්කර එක් මිලියනයකට වඩා භූමිභාගයන්හී කපු වගා කෙරෙයි.[10]
නිෂ්පාදනය සැලකීමේද, ලෝකයේ කපු වගාකරන්නන් අතුරින් සතරවන ස්ථානයෙහි පකිස්තානය පසුවෙයි; පළමු ස්ථාන තුන චීනයට, ඉන්දියාවට සහ එක්සත් ජනපදයට හිමිව ඇත්තේ එම පිළිවෙලටය [2] 2012-13 කාලවාරයෙහි වාර්තා අනුව, අමු කපු අපනයනය අතින් ලෝකයේ තුන්වන ස්ථානය පකිස්තානය විසින් හිමිකරගෙන තිබුණි.[4] පරිභෝජනය වශයෙන් ගත් කළ පකිස්තානයට හිමි වන්නේ සතරවන ස්ථානයයි (ස්වීය නිෂ්පාදනයෙන් සියයට 30 සහ 40 අතර ප්‍රමාණයක්). කපු නූල් අපනයනයෙහි ඉහළම තැන ගන්නේ පකිස්තානයයි.[3]
රට තුල නිෂ්පාදනය වන කපු, මධ්‍ය ප්‍රමාණ දිගැති පොට කෙඳි සහිත වෙයි. එබැවින් අපනයනය සඳහා මන තත්ත්වයෙහි රෙදිපිළි නිෂ්පාදනය සඳහා දිගු පොට කෙඳි සහිත කපු ආනයනය කෙරෙයි.[11] සම්මත මධ්‍ය ප්‍රමාණ දිගැති පොට කෙඳි කපු ලෙසින්ද හඳුන්වන, මධ්‍ය ප්‍රමාණ දිගැති පොට කෙඳි කපු, පොට කෙඳි දිග සෙන්ටිමීටර 1.3–3.3 (අඟල් 0.51–1.30) අතර පමණ වෙනස් වන ඇමරිකානු අප්ලන්ඩ් වර්ගය වෙයි. දිගු පොට කෙඳි සහිත කපු වෙත සංසන්දනාත්මක ලෙසින් වඩාත් දිගු පොට කෙඳි ඇති අතර, මිලෙන් වැඩි මේවා භාවිතා කරනුයේ මාහැඟි රෙදිපිළි, නූල් සහ මේස් වැනි ඇඳුම් නිමැවීම සඳහා වෙයි.[15] රටෙහි ආර්ථික ප්‍රවර්ධනය බෙහෙවින් රැඳී ඇත්තේ කපු කර්මාන්තය සහ එය ආශ්‍රිත පෙහෙකම් අංශය වෙත බැවින්, රටෙහි ප්‍රධාන තත්ත්වයක් කපු සඳහා ප්‍රදානය කොට ඇත.[2] කපු ලින්ට් රෙදි, නූල්, පොට, රෙදි සහ, ඇඟළුම් වශයෙන් පෙහෙකම් ක්ෂේත්‍රෙයහි භාවිතයට අමතරව, එහි බීජ භාවිතා කරනුයේ තෙල් නිස්සාරණය සඳහාය.[10]
ආශ්‍රිත
සංස්කරණය- ^ a b "කොට්න් ප්‍රොඩක්ෂන් රීචර්ස් 14.838 මිලියන් බේල්ස්". ද ඩෝන්. 4 අප්‍රේල් 2015. සම්ප්‍රවේශය 13 නොවැම්බර් 2015.
- ^ a b c ඔසාක්වේ, එමෙකා (18 මැයි 2009). "කොට්න් ෆැක්ට් ෂීට් පකිස්තාන්" (PDF). ජාත්‍යන්තර කපු උපදේශන කමිටුව. සම්ප්‍රවේශය 13 නොවැම්බර් 2013.
- ^ a b c d e බානුරි, තාරික් (1998). "පකිස්තාන්: එන්වයරන්මෙන්ටල් ඉම්පැක්ට් ඔෆ් කොට්න් ප්‍රොඩක්ෂන් ඇන්ඩ් ට්‍රේඩ්" (pdf). තිරසාර සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය. සම්ප්‍රවේශය 13 නොවැම්බර් 2015.
- ^ a b c d e "කන්ට්‍රි රිපෝට් ෆො පකිස්තාන් ඇට් ද සෙවන්ටි සෙකන්ඩ් ප්ලීනර් මීටින් ඔෆ් ඉන්ටර්නැෂනල් කොට්න් ඇඩ්විසරි කමිටි ටු බී හෙල්ඩ් ෆ්‍රොම් ට්වෙන්ටි එයිට්ත් සෙප්ටෙම්බර් ටු ෆිෆ්ත් ඔක්ටෝබර්, 2013 ඇට් කර්තහේනා (කොලොම්බියා)" (pdf). ජාත්‍යන්තර කපු උපදේශක කමිටුව (ICAC). 2013. සම්ප්‍රවේශය 14 නොවැම්බර් 2015.
- ^ Moulherata, ක්‍රිස්ටොෆර්; ටෙංග්බර්ග්, මාගරීටා; හැකටෙක්, ජෙරෝම්-එෆ්.; මිලෙ, බෙනොයිට් (12 දෙසැම්බර් 2012). "ෆර්ස්ට් එවිඩන්ස් ඔෆ් කොට්න් ඇට් නියොලිතික් මෙහර්ගර්, පකිස්තාන්: ඇනලිසිස් ඔෆ් මිනරලයිස්ඩ් ෆයිබර්ස් ෆ්‍රොම් අ කොපර් බීඩ්". ජර්නල් ඔෆ් ආකියොලොජිකල් සයන්ස් වෙළුම 29, නිකුතුව 12. pp. 1393–1401. සම්ප්‍රවේශය 13 නොවැම්බර් 2015.
- ^ ස්ටෙයින්, බර්ටන් (1998). අ හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියා. බ්ලැක්වෙල් ප්‍රකාශකයෝ. ISBN 0-631-20546-2, පි. 47
- ^ ඒන්ෂන්ට් පකිස්තාන් - ඇන් ආකියොලොජිකල් හිස්ට්‍රි. ඇමසෝන්. 2014. p. 245. ISBN 978-1-4959-6643-9.
- ^ සිං, උපින්දර් (2008). අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඇන්ඩ් අර්ලි මිඩීවියල් ඉන්ඩියා: ෆ්‍රොම් ද ස්ටෝන් ඒජ් ටු ද ට්වෙල්ත් සෙන්චරි. පියර්සන් එඩියුකේෂන් ඉන්ඩියා. p. 163. ISBN 978-81-317-1120-0.
- ^ a b "ලිංග්විස්ටික්ස්, ආකියොලොජි ඇන්ඩ් ද හියුමන් පාස්ට්" (pdf). ඉන්ඩුස් ප්‍රොජෙක්ට් රිසර්ච් ඉන්ස්ටිට්‍යුට් ෆො හියුමැනිටි ඇන්ඩ් නේචර් කියොතෝ, ජැපෑන්. 2008.
- ^ a b c "කොට්න්" (pdf). සින්ඩ් ව්‍යවසාය ප්‍රවර්ධන අරමුදල, සින්ඩ් රජය. සම්ප්‍රවේශය 14 නොවැම්බර් 2015.
- ^ a b c d e f "පකිස්තාන්:කොට්න් ඇන්ඩ් ප්‍රොඩක්ට්ස් ඇනුවල්" (PDF). ග්ලෝබල් ඇග්‍රිකල්චරල් ඉන්ෆොර්මේෂන් නෙට්වර්ක් (GAIN). 1 අප්‍රේල් 2015. සම්ප්‍රවේශය 13 නොවැම්බර් 2015.
- ^ "පන්ජාබ් සීඩ් කවුන්සිල් අපෲව්ස් කොට්න් වරයිටීස්". පකිස්තාන් ටුඩේ. 16 පෙබරවාරි 2012. සම්ප්‍රවේශය 13 නොවැම්බර් 2015.
- ^ "සින්ද් කොට්න් ක්‍රොප් එස්ටිමේට්ස්". ද ඩෝන්. 3 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 13 නොවැම්බර් 2015.
- ^ ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි ඔෆ් ඉන්ඩියා ඇන්ඩ් පකිස්තාන්. ඒපීඑච් පබ්ලිෂිං. 2006. p. 44. ISBN 978-81-7648-958-4.
- ^ වෙයිග්මාන්, හෑන්ස්-ඩෙයිට්‍රික් එච්. "කොට්න්". එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා. සම්ප්‍රවේශය 4 ජූනි 2016.