නුසන්තරා (නගරය)
නුසන්තරා යනු ඉන්දුනීසියාවේ අනාගත අගනුවරයි. එය බෝර්නියෝ දූපතේ නැගෙනහිර වෙරළේ පිහිටා ඇති අතර නැගෙනහිර කලිමන්තාන් පලාතට අයත් වේ. මෙම නව නගරය එරට නිදහස් දිනයට සමගාමීව, 2024 අගෝස්තු 17 දින නිල වශයෙන් ඉන්දුනීසියාවේ අගනුවර බවට පත් වීමට නියමිතව තිබූ නමුත්, ඉදිකිරීම් කටයුතු වල ප්‍රමාදය නිසා එය සිදු නොවීය. ඉන්දුනීසියාව නිදහස ලැබූ 1945 වසරේ සිට මේ දක්වාම එරට අගනුවර වන්නේ ජකාර්තා නගරයයි.
නුසන්තරා | |
---|---|
Planned capital city | |
Capital City of Nusantara Ibu Kota Nusantara | |
උද්යෝග පාඨය(න්): "Kota Dunia untuk Semua" ("A Global City for All") | |
ඛණ්ඩාංක: 0°58′23″S 116°42′31″E / 0.97306°S 116.70861°Eඛණ්ඩාංක: 0°58′23″S 116°42′31″E / 0.97306°S 116.70861°E | |
Country | Indonesia |
Region | Kalimantan |
Established (Law on State Capital) | 15 February 2022 |
ආණ්ඩුව / පරිපාලනය | |
• ඉහළම අධිකරණය | Capital City Authority |
• Head | Basuki Hadimuljono (acting) |
• Deputy Head | Raja Juli Antoni (acting) |
සරිය[1] | |
• මුළු | 2,561.42 කිමී2 (988.97 සතරැස් සැත) |
• Capital city area | 561.8 කිමී2 (216.9 සතරැස් සැත) |
• Main governmental zone | 68.56 කිමී2 (26.47 සතරැස් සැත) |
උන්නතාංශය | 33 මී (108 අඩි) |
වේලා කලාප | Indonesia Central Time (UTC+08:00) |
Area code | (+62) 542 |
වෙබ් අඩවිය | ikn.go.id |
ඉන්දුනීසියාවේ අගනුවර ජකාර්තා නගරයෙන් වෙනත් ස්ථානයකට ගෙන යාමේ කලක සිට පැවති අවශ්‍යතාව 2017 වසරේදී ජනාධිපති ජොකෝ විඩෝදෝ ගේ රජය විසින් නැවත ඉදිරිපත් කරන ලදී. ජකාර්තා නගරයේ අධික ජනාකීර්ණත්වය සහ ගිලා බැසීම මීට ප්‍රමුඛ හේතු විය. නුසන්තරා නගරය නිර්මාණය කිරීම 2022 ජූලි මස ආරම්භ විය. නව අගනගර ව්‍යාපෘතිය අදියර පහකින් ඉදිකෙරෙන අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 35 ක් ඇස්තමේන්තු කර ඇත.
2024 අගෝස්තු 12 දින පළමු වරට රජයේ කැබිනට් රැස්වීමක් නුසන්තරා නගරයේදී පැවැත්වුණි. අගෝස්තු 17 දින පළමු වරට රාජ්‍ය නිදහස් උත්සවයද එහිදී පැවැත්වුණි.
මූලාශ්‍ර
සංස්කරණය- ^ Maharani, Aisyah Sekar Ayu (19 January 2022). Alexander, Hilda B (ed.). "Berapa Luas Cakupan Wilayah IKN Nusantara?". KOMPAS.com (ඉන්දුනීසියානු බසින්). 19 January 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2022-01-31.