නිලවර ළිඳ නැතහොත් පොදු ජන වහරේ නිලවර පතුල නොමැති ළිඳ යනුවෙන් හැඳින්වෙන ළිඳ, ශ්‍රී ලංකාවේ යාපනය සිට පේදුරුතුඩුව මාර්ගයේ කිලෝමීටර 15ක් පමණ දුරින් පුතූර්හී මාර්ගය ආසන්න වම් පසින් පිහිටා තිබේ.

නිලවර ළිඳ

ඉතිහාසය

සංස්කරණය

1917 වර්ෂයේදී එවක යාපනය දිසා විනිසුරුවරයා ලෙස ක්‍රියාකල පෝල් ඊ පීරිස් විසින් ඔහුගේ වාර්ථාවන්හී මෙම ස්ථානය පිළිබඳව විස්තර දක්වා තිබේ. එම වාර්ථාවන්ට අනූව ළිඳ හැරුණු විට මෙම ස්ථානය ආසන්නයේ බෞද්ධ නටඹුන් සමූහයක් දැකගත හැකිව තිබූ බැව් සඳහන් වේ. වර්ථමානයේදීද ළිඳ ආසන්නයේ හුණුගලින් නිර්මිත ස්තූප ද්විත්වයක නටඹුන් දැකගත හැකිවේ. මේ නිසා මෙම ස්ථානය අතීත යාපනයේ පැවැති බෞද්ධ පුදබිමක් සේ සැළකේ.

සාමාන්‍ය පොදු ජන වහර තුලදී නිලවර ළිඳ පතුල නොමැති ළිඳක් සේ සැළකුවද, 2013 වර්ෂයේ අගෝස්තු 15 වන දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මුහුදු පුරාවිද්‍යා කණ්ඩායම මගින් සිදුකල ගවේෂණයේදී මෙහි පතුල අනාවරණය කර ගැණුනි. ඒ අනූව ළිඳෙහි උපරිම ගැඹුර මීටර් 50ක් ලෙස වාර්ථාවක් ගොනු කෙරිණි.

මූලාශ්‍ර

සංස්කරණය
  • යාපනයේ ඓතිහාසික උරුමය - අයි.ඩී.එම්. විජේබණ්ඩාර, ISBN - 978-955-9159-95-7
"https://si.wikipedia.org/w/index.php?title=නිලවර_ළිඳ&oldid=399754" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි