හෙට්ටිආරච්චිගේ නිමල් චන්ද්‍රසෝම කරුණාතිලක (1926 ඔක්තෝබර් 3 – 1987 ජූලි 4) ලංකා මාධ්‍යවේදියෙක්, ලේඛකයෙක් සහ දේශපාලනඥයෙක් විය. [1]

පුද්ගලික තොරතුරු
උපත
හෙට්ටිආරච්චිගේ නිමල් චන්ද්‍රසෝම කරුණාතිලක

3 ඔක්තෝබර් 1926(1926-10-03)
විපත4 July 1987(1987-07-04) (වයස 60)

කරුණාතිලක මහතා අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාගේ මාධ්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු කළ අතර ඔහු ලංකාදීපයේ මාධ්‍යවේදියෙකු ලෙසද කටයුතු කළේය. [2]

1956 පැවති 3 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මාතලේ ආසනයට තේරී පත් විය. ඔහු ඡන්ද 12,968ක් (මුළු ඡන්ද ප්‍රමාණයෙන් 55%ක්) ලබා ගනිමින්, අලුවිහාරේට වඩා ඡන්ද 2,596ක් ඉදිරියෙන් සිටි එක්සත් ජාතික පක්ෂ දේශපාලනඥයා වන බර්නාඩ් අලුවිහාරේ පරාජය කළේය. 1958 නොවැම්බර් 18 දින ඔහු මුදල් අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා ලෙස පත් කරන ලද අතර, 1959 මැයි 19 වන දින දක්වා එම කාර්ය භාරයේ කටයුතු කළේය [2]

1960 මාර්තු 19 වන දින පැවති 4 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් රත්තොට අසුනට තරඟ කළේ අසාර්ථක විය. ඔහු මුළු ඡන්ද ප්‍රමාණයෙන් 18%ක් ලබා ගනිමින් තෙවැනි ස්ථානයට පත්විය. [3]

ඉන්පසුව ඔහු 1960 ජූලි 20 දින පැවති 5 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී රත්නපුර මැතිවරණ කොට්ඨාසයට [4] නැවතත් මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් විය. ඔහු තෙවැනි ස්ථානයට පත් වූ අතර, මෙවර ඔහු ලබා ගත්තේ ඡන්ද 332ක් (මුළු ඡන්ද ප්‍රමාණයෙන් 1.5%), සාර්ථක අපේක්ෂක ධනපාල වීරසේකරට වඩා ඡන්ද 12,645ක් පිටුපසිනි. [5]

1965 මාර්තු 22 දින පැවති 6 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස කෑගල්ල ආසනයට ඔහු අසාර්ථක විය. ඔහු ඡන්ද 2,361 කින් අඩු වූ අතර, ඡන්ද 13,283 ක් ලබා ගත්තේය (මුළු ඡන්ද වලින් 46%). [6]

කරුණාතිලක 1987 ජූලි 4 දින මිය ගියේය [2]

යොමු කිරීම් සංස්කරණය

  1. "Hon. Karunatillake, Nimal, M.P." Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 10 September 2018.
  2. 2.0 2.1 2.2 Wimalaratne, K. D. G., ed. (1994). p. 83. {{cite book}}: Missing or empty |title= (help) උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Personalities" defined multiple times with different content
  3. "Result of Parliamentary General Election March 1960" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 10 February 2020.
  4. "Result of Parliamentary General Election July 1960" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 10 February 2020.
  5. "Result of Parliamentary General Election July 1960" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 10 February 2020.
  6. "Result of Parliamentary General Election 1965" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 10 February 2020.
"https://si.wikipedia.org/w/index.php?title=නිමල්_කරුණාතිලක&oldid=612864" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි