නාට්‍ය කලාව
id_Shankbone.jpg|thumb|නිව් යෝර්ක් රංග කලාව , ලින්කන් මධ්‍යස්ථානය]]
නාට්‍ය කලාව යනු ප්‍රාසාංගික කලාවේ ප්‍රධාන අංගය වන අතර එය එසේ වන්නේ එක් අයෙකු හෝ කිහිපදෙනෙකු කාලය හා ස්ථානයන් වෙන් කරගෙන තවකෙකුට හෝ අනෙක් අයට ඔවුන්ම කරන ඉදිරිපත් කරීමයි. මෙම පුළුල් අර්ථ දැක්වීමට හේතු වූයේ මිනිසා ඇති වූ දා සිටම කතන්දර කීමට ඇති ලැදියාව හා එම ක්‍රියාවෙන් පැවත ගෙන එන්නක් වශයෙන් නාට්‍යය කලාව ඇති වූ හෙයිනි. ආරම්භයේ සිටම නාට්‍ය කලාව තුළ විවිධාංග දැක්වුණු අතර නිතරම භාවිතා කළ මූලිකාංග වූයේ දෙබස්, සංගීතය , නර්තනය , අභිනය වැනි දෑ සහ ප්‍රාසාංගි කලාවේ විවිධ ඉසව්ද මුසු කරගැනීමට නාට්‍යකරුවන් උනන්දු විය. නූතන බටහිර නාට්‍ය කලාව යථාර්තවාදයෙන් ආක්‍රමණය කර ඇත. එසේ වුවත් විවිධ ආභාසයන්හි, සාම්ප්‍රදායික හා පර්යේෂණාත්මක ආභාසයක් ඇතුළුව, පෙරදිග ඇති නාට්‍යය ඔවුන් නිතරම රඟ දැක්විය.
ඉතිහාසය
සංස්කරණයමුලින්ම වාර්තා වී ඇති නාට්‍යය වන්නේ ක්‍රි. පූ 2000 දී අතීත ඊජීප්තුවේ රඟ දැක්වූ ඔසිරිස් නම් දෙවියාගේ කතාන්දරයයි. එය ශිෂ්ටාචාර ඇරඹුමේ සිටම වාර්ෂිකව රඟ දක්වයි. එම නාට්‍ය නාට්‍යය කලාව සහ භක්තිය අතර ඇති අන්තර් සබඳතාවයේ දීර්ඝත්වය මනාව සනිටුහන් කරයි. අතීත ග්‍රීක ජාතිකයන් නාට්‍ය ඉදිරිපත් කිරීම කලාවක් බවට පරිවර්තනයෙහි ලා මුල් විය. ඔවුන් විසින් ශෝකාන්ත නාට්‍ය සහ විනෝදාත්මක නාට්‍ය ඉදිරිපත් කරමින් නාට්‍ය කලාවේ සීමා පුළුල් කළහ. තවද ඔවුන් මිත්‍යා චරිත යොදා ගනිමින් නාට්‍ය නිර්මාණයට මුල් විය. තවද, ග්‍රීකයන් නාට්‍ය විචාර ඉදිරිපත් කිරීමෙහි ලා මූලිකත්වය ගත් අතර එමගින් නාට්‍යය කලාවේ වෘත්තීමය භාවයක් ඇති විය.
බටහිර නාට්‍ය කලාව රෝම අදිරාජ්‍යය යටතේ වර්ධනය ඇරඹූ අතර මෙම ඇරඹීම මධ්‍යතන එංගලන්ත යුගයේදී සිදු විය. එමගින් බටහිර නාට්‍ය කලාවේ සිදු වූ වර්ධනය නිසා 16,17, හා 18 වන ශත වර්ෂ වන විට බටහිර නාට්‍ය කලාව ස්පාඤ්ඤය, ඉතාලිය, ප්‍රංශය සහ රුසියාව ආදී රටවලට පැතිරිණි. තවද, උතුරු ඇමරිකාව තුළද ඇති වූ නාට්‍ය සම්ප්‍රධාය ඇමරිකානු නාට්‍යය කලාවේ ඇරඹුමද වේ.
පෙරදිග නාට්‍ය ඉතිහාසය ක්‍රි.පූ 1000 තරම් ඈත කාලයක සිට පැවත එයි. ඉන්දියානු සංස්කෘත නාට්‍ය එහි මූලාරම්භයයි. 17 වන ශත වර්ෂයේ සිට ජපානයේ ද නාට්‍ය කලාව නිර්මාණය වන අතර ඔවුන් කබුකිනෝ හා ක් යොපේන් නාට්‍ය සම්ප්‍රදායන්හි නිර්මාණකරුවෝ ද වෙති.චීනය, කොරියාව හා දකුණු ආසියාව තුළද නාට්‍ය සම්ප්‍රධායන් එළි දැක්වීය.
==රංග ශාලා වර්ගයන්==proscenium
පසුගිය කාලය පුරා සංවර්ධනය වුණු විවිධාකාරයේ රංග ශාලාවන් දැකිය හැකිය. නාට්‍යයන් හිදී ලියූ වදනට වඩා නළු නිළියන් ඉදිරිපත් කරන දෙබස වඩා වැදගත් වේ. දේශපාලනික රඟමඬල ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ගන්නේ වර්තමාන සිදුවීම් පිළිබඳව ප්‍රේක්ෂකයන් හට දැනුම ලබා දීමටයි.

නාට්‍ය
සංස්කරණයනාට්ය [සාහිත්‍යයේ සඳහන් පරිදි ‘අභිනය’] වල ප්‍රධාන වන්නේ දෙබස් වන අතර එය තිර රචනයෙන් හෝ එවෙලේ නිර්මාණය කර ඉදිරිපත් කිරිමයි. නාට්‍ය යන වචනයේ ඉංග්‍රීසි පදය වන ‘drama’ යන්න ග්‍රීක බසින් කැඩී ආ එකකි. එසේම අතීත ග්‍රීසියේ ‘රඟ මඬල’ යනුවෙන් ඉතිහාසයේද රංග ශාලාවන් පිළිබඳව සඳහන්ය. එම සඳහන්වලට අනුව රංග ශාලාව යනු වේදිකාවක් ඉදිරියේ අර්ධ කවාකාර ප්‍රේක්ෂකාගාරයක සිට නළු නිළියන්ගේ රංගයන් නැරඹීමට ඇති ස්ථානයයි. තවද, සංගීතමය නාට්‍යහල් ලෙසටද වර්ග වර්ග කර ඇති රංග ශාලා කොටසක් ඇති අතර ඒවායේ සංගීතය, ගීත, නැටුම් ජවනිකා හා දෙබස්වලින් පිරි නාට්‍යයන් රඟ දක්වයි. කෙසේ වෙතත් නාට්‍යහල වේදිකාවට වැඩියමක් ප්‍රේක්ෂකයාට ලබා දේ. රඟහලින් පිටුපස ඇඳුම් නිර්මාණය, වේදිකා පසුතල සහ අාලෝකකරණය යනාදී දෑ නිර්මාණය කරන අයුරුද දැක ගත හැක.නාට්‍යක මෙවැනි දෑ බොහෝ වැදගත් වෙී.එමෙන්ම සතර අභිනය වන අාංගික වාචික සාත්වික අාහාර්ය යන අභිනයන් නාට්‍ය කලාවෙීදී ඉතා වැදගත් වෙී
දේශපාලනික රඟමඩල
සංස්කරණයදේශපාලනික රඟමඬල සම්බන්ධව දීර්ඝ සංස්කෘතියන් දැකිය හැක. සමාජය දැනුවත් කිරීමට හා සමාජ වෙනස්වීම් එහි ප්‍රධාන ඉලක්කයයි. මෙම නාට්‍යයන් හාස්‍යමය ජවනිකා වලින් පිරී ඇත. මෙමගින් මහජන මතයට බලපෑම් කළ හැකි ප්‍රබලත්වය නිසා දේශපාලනික රඟ මඬල අති විශේෂය. ප්‍රචණ්ඩත්වය හා ගැටුම්වලට හඬ නැගිය හැකි ප්‍රභලම මාධ්‍යයයි. නිදසුනක් ලෙස බර්ටෝල් බ්‍රෙස්ට් විසින් නාසි පාලනය අතරතුරදී හා වියට්නාම් යුද්ධය අතරතුරදී ඉදිරිපත් වූ උද්ඝෝෂක ප්‍රචාරක රංගකාලව දැක්විය හැකිය.
කතෝලික පල්ලි විසින් රංග පීඨයන් තුළ ප්‍රසාංගිකත්වය වැඩිකරනුවස් රාගයට ලැදි, අභිරහස්, සදාචාරාත්මක ආදී නාට්‍යයන් නිර්මාණයේ යෙදුණහ.