කෘෂිකාර්මික නොවන ආර්ථීක කටයුතු සදහා ඒකරාශී වු පුද්ගලයන් සමුහයක් වාසය කරන ප්‍රදේශයක් නාගරික ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකිය. නාගරික යැයි නිර්වචනය කළ ප්‍රදේශ වල ජන සංඛ්‍යා ප්‍රතිශතය ක්‍රමයෙන් වර්ධනය වීම නාගරීකරණය ලෙස හැදින්විය හැකිය.ලොස් ඇන්ජලිස්හි මෙට්‍රොපොලිටන් පෙදෙස

The expanding ලොස් ඇන්ජලිස් මෙට්‍රොපොලිටන් පෙදෙස is an early example of suburbanization.[1]


නාගරීකරණය යනු ලෝකය පුරා විශාල ලෙස පැතිරී ඇති සමාජමය විපර්යාසයන් අතර ප්‍රධාන එකකි.ලෝක ජනවිද්‍යාත්මක වෙනස්‍වීම් පැහැදිලි ලෙස පෙන්විය හැකි දර්ශකයක් වුව ද නාගරීකරණය සෑම තැනකම සමාකාරව වර්ධනය වූ ක්‍රියාවලියක් නොවේ.එමෙන්ම "නගර" යන්න සඳහා පැහැදිලි ඍජු නිර්වචනයක් සපයා ගැනීම ද දුෂ්කර වූවකි.නගරයක් යනු වාණිජ,කාර්මික, මූල්‍ය, අධ්‍යාපන, සෞඛ්‍ය ,පරිපාලන, නේවාසික යනාදී විවිධ වූ කාර්යයන් සංකේන්ද්‍රණය වූ ජනාවාසයකි.එබැවින් කඩසාප්පු, කර්මාන්තශාලා, බැංකු, පාසල්, රෝහල් ,රාජ්‍ය ආයතනයන්, නිවාස වැනි විවිධ කාර්යයන් සඳහා වෙන්වූ ගොඩනැඟිලි නගරය තුළ පවතී.නගරයක් තුළ වගාබිම්, වනාන්තර වැනි භූමි පරිභෝජනයන්ට වඩා ඉදිකළ බිම් සාපේක්‍ෂව කැපී පෙනෙයි.මෙවැනි ලක්‍ෂණ සහිත ප්‍රදේශ නාගරික ප්‍රදේශ ලෙස හඳුන්වනු ලබයි.


‍බොහෝ රටවල ජනසංඛ්‍යාව පදනම් කර ගනිමින් නාගරික ප්‍රදේශ හඳුනා ගැනීමට උත්සාහ කරනු ලබන අතර ග්‍රීසිය, ප්‍රංශය වැනි ර‍ටවල පරිපාලන කටයුතු සඳහා බෙදා ඇති කුඩා පරිපාලන ඒකකයක් තුළ සිටින වැඩිම ජනසංඛ්‍යාව සැළකිල්ලට ගනිමින් මුළු ඒකකයම නාගරික හෝ ග්‍රාමීය ජනාවාසයක් ලෙස පිළිගනු ලබයි. ලෝකයේ සමහර රටවල නිවාස සංඛ්‍යාව පදනම් කොට ගෙන නාගරික ප‍්‍රදේශ හඳුනා ගනු ලබන අතර ශ‍්‍රී ලංකාව, පකිස්ථානය වැනි රටවල් පරිපාලන සීමා පමණක් යොදාගනිමින් නාගරික ප‍්‍රදේශ හඳුනා ගැනීමට උත්සාහ ගනී. කෙසේ වෙතත් නාගරික ප‍්‍රදේශ හඳුනාගැනීමේදී මුළු ජන සංඛ්‍යාව, භූමි ප‍්‍රමාණය, ජන ඝණත්වය හා ආර්ථික, සමාජ සංවිධාන ව්‍යුහය යන සියලූම සාධක කෙරෙහි අවධානය යොමු කර ඇත. එබැවින් නාගරික ප‍්‍රදේශයක් ග‍්‍රාමීය ප‍්‍රදේශයකින් වෙන් කර හඳුනාගැනීම සඳහා 1971 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිශ්චිත නිර්ණායක කිහිපයක් හඳුන්වා දෙනු ලැබීය. එනම්,

01. පරිපාලන තත්වය

02. ජන සංඛ්‍යාවේ ප‍්‍රමාණය

03. පළාත් පාලන ප‍්‍රදේශ

04. නාගරික ලක්ෂණ

05. මූලික ආර්ථික කටයුතු

එබැවින් නාගරීකරණය යනු කාර්යාංශ රාශියක් කේන්ද්‍ර කරගත් අවකාශීයව සංකීර්ණ මාර්ග ජාලාවකින් එකිනෙකට සම්බන්ධ වූ භූමි කොටසකි.

නාගරික ප‍්‍රදේශයේ හඳුනාගැනීම සඳහා ජනසංඛ්‍යාව, නිවාස සංඛ්‍යාව, පරිපාලනමය ප‍්‍රදේශ වශයෙන් එක් නිර්වචනයක් පමණක් යොදාගැනීම සාර්ථක නොවීම හේතුවෙන් ඉන්දියාව, උස්බෙකිස්ථානය, ලිතුවේනියාව ආදී රටවල් කිහිපයක නාගරීකරණය සඳහා නිර්වචන කිහිපයක් භාවිතා කරනු ලබයි.

නාගරීකරණය මැනීම සදහා ප්‍රධාන ක්‍රම සතරක් උපයෝගී කොට ගැනේ. නාගරික ප්‍රදේශයක් සාධක සතරක ශ්‍රිතයක් ලෙසද දැක්විය හැකිය. නාගරීකරණය = ජනගහනයේ ප්‍රමාණය, භුමි ප්‍රමාණය, ජන ඝණත්වය, ආර්ථීක සමාජ සංවිධාන ක්‍රමය සංක්‍රමණය පිළිබද අධ්‍යයනය කරන විට ඉන් බලපැම් ලබන වැදගත් සංරචකයකි නාගරීකරණය. ලෝක ජනගහන ව්‍යාප්තිය තීරණය කරන සාධක අතරින් වැදගත්ම සාධකයක් ලෙස නාගරීකරණය හැදින්විය හැකිය. දැනට ලොව ජීවත් වන මුළු ජනගහනයෙන් 48% පමණ නාගරීක යැයි සම්මත ප්‍රදේශ වල ජීවත් වෙති. ඵක්සත් ජාතීන්ගේ සංවිධානයේ නාගරීකරණය සම්බන්ධ නිර්වචනය අනුව නාගරික ප්‍රදේශයක තිබිය යුතු මූලික ලක්ෂන තුනකි.

1.පරිපාලනය

2.ආර්ථීක ක්‍රියාවලිය

3.පාරිසරික තත්ත්වයන්


නාගරීකරණ මිනුම්

සංස්කරණය

නාගරීකරණය පිළිබඳ අධ්‍යයනයේදී නාගරික මිනුම් හරහා නාගරීකරණයේ ස්වභාවය සහ තත්ත්වය හඳුනා ගත හැකිය. නාගරික මිනුම් අතර

  1. නාගරික ප්‍රතිශතය (Degee of urbanization)
  2. නාගරීකරණ ලතාව (Tempo of urbanization)
  3. ජන කේන්ද්‍රනය හා විසිරනය (Concentration & dispersion of population)
  4. නාගරික වර්ධන සංරචක (Components of population growth)
 

මෙහිදි නාගරීකරණය මැනීම සදහා බහුලව යොදා ගන්නා මිනුම ලෙස නාගරීකරණ ප්‍රතිශතය දැක්විය හැකිය. මෙය සාපේක්ෂ මිනුමකි.


 

ආර්ථික ප්‍රතිලාභ

සංස්කරණය
 
ඉහත රූපයෙන් දැක්වෙන්න රුසියාවේ ලුකයිනෝනම් ගම්මානයයි. මෙහි බහුතරයක් ගොඩනැගිලි පොළවට සමතලා කර ඇත්තේ තට්ටු 9 සහිත සුපිරි ගොඬනැගිල්ලක් තැනීමටය. මේ ගොඬනැගිල්ල ස්ටෝෆා (Kstovo) නගරයේ නාගරීකරණයට රුකුල් දුන් කරුණක් විය.

ගෙවී ගිය කාලයේදි ගම්බද ප්‍රදේශ නාගරීකරණයට ඉතා සීග්‍රයෙන් බඳුන්විය. ඊට ගොවිතැන් කටයතු, පොදු සේවාවන්, කුඩා පරිමාණ ව්‍යාපාර වෙනුවට ඇතිවූ නව කර්මාන්ත ක්‍රම සහ අමුද්‍රව්‍ය යොදා ගන්නාවු නව භාණ්ඩ හේතු විය.

නාගරීකරණය වු ප්‍රදේශවල සමීක්ෂණ වාර්තාවලට අනුව මෙම ප්‍රදේශ උසස් තත්ත්වයේ භාණ්ඩ නිපදවීමට, සේවාවන්, ප්‍රවාහන සේවාවන් සහ තොග අවදාන මගින් වාර්තාගත ආදායම් ඉපයීමට ද සමත්විය. මෙහි අධ්‍යාපන, පරිපාලන අංශයේ දියුණුවක්ද දැකිය හැකිය. මෙසේ විවිධාකාර වු කොටස් මගින් නාගරීකරණ ධුරාවලිවය (Urban Hierachy) නිර්මාණය වේ.

නාගරීකරණය සමගම බඩුමිල ඉහළ යාමක් දැකිය හැකිය. උදාහරණයක් ලෙස එරික් හොබොස්වෑම් (Eric Habswam) ගේ "The age of revolution" කෘතියෙහි සඳහන් වන පරිදි, එම යුගයේදී නාගරිකරණය ඉතා සීඝ්‍රයෙන් සිදු වුණි.එමෙන්ම වැඩ කරන ජනතා ඉතා අසීරු ජීවිතයක් ගත කළහ. යුරෝපයේ නැගෙනහිර ප්‍රදේශවල දුප්පත් ජනයා විසු බවත් ඊට සාපේක්ෂව බටහිර ප්‍රදේශ පොහොසත් වු බවත්ය. නාගරීකරණය දෙස ජනතාව සෘණාත්මක ආකල්පයකින් බැලුවත් එහි ධනාත්මක පැතිකඩ වන්නේ, රැකි රක්ෂා ලබාදීම, අධ්‍යාපනය දියුණුව, නිවාස සහ ප්‍රවාහන දියුණුව හා විවිධාකාර වු ජාතීන් ආගම් අතර මෙන්ම වෙළෙදපොල තරගකාරීත්වයද දැකිය හැකි විය.


නාගරීකරණය කෙරෙහි බලපාන මුලික සාධක

සංස්කරණය

නාගරීකරනය සාධක හතරක් නිසා සිදු විය හැකිය.

1.අභ්‍යන්තරව සිදු වන ග්‍රාමීය නාගරික සංක්‍රමණ

2.ස්වභාවික වර්ධනය

3.ජාත්‍යන්තර නාගරික සංක්‍රමණ

4.ග්‍රාමීය ප්‍රදේශ නාගරික ප්‍රදේශ ලෙස නැවත නිර්වචනය

ලෝක නාගරික ප්‍රවණතාවයන්

සංස්කරණය

නාගරික ජනගහනයේ ප්‍රතිශතය

 


කලාපය 1950 1975 2000 2030*
ලෝකය 29.08 37.09 47.02 60.02
සංවර්ධිත කලාපය 54.09 70.0 75.04 82.06
සං.වෙ.ප කලාපය 17.08 26.08 40.04 56.04
අඩු දියුණු රටවල් 7.4 14.07 25.06 43.07
  • ප්‍රක‍්ෂිප්ත අගයන්

මුලාශ්‍රය- (එක්සත් ජාතීන්)

  • ලොව විවිධ ප්‍රදේශ අනුවද ජනගහන වර්ධනයේ විවිධත්වයන් වේ.

නාගරික වර්ධන අනුපාතිකය

 


ප්‍රදේශය 1995-2000 2025-2030


උතුරැ ඇමරිකාව 1.3 0.9


ලතින් ඇමරිකාව 2.1 1.0
යුරෝපය 0.1
ආසියාව 2.9 1.7
අප්‍රිකාව 3.9 2.8



  • ප්‍රක්ෂිප්ත අගයන්

මුලාශ්‍රය (එක්සත් ජාතීන් 2002)

ශ්‍රි ලංකාවේ නාගරීකරණය

සංස්කරණය
  • ලංකාව තුල යම් ප්‍රදේශයක් නාගරික ලෙස නම් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන තිරණයන් මතය.


  • ශ්‍රි ලංකාවේ මහ නගර සභා (municipal council), නගර සභා (urban council), සහ සුළු නගර සභා ලෙස නාගරික ප්‍රදේශ නිර්වචනය වේ.
  • ශ්‍රී ලාංකික නාගරික ජන සංබ්‍යාවේ වර්ධනය මුලික ක්‍රම තුනක් මත සිදු වී ඇත.
  • නාගරික ප්‍රදේශ වල ස්වභාවික වර්ධනය
  • නාගරික ප්‍රදේශ වලට අදාල ශූද්ධ සංක්‍රමණ
  • ග්‍රාමීය ප්‍රදේශ නාගරික ප්‍රදේශ ලෙස නැවත නිර්වචනය
  • වසර 2000 දී ලංකාවේ නාගරීකරණ ප්‍රතිශතය 22.08% පමණ වු අතර 2005 දී 24.05% පමණ ඇතැයි සැලකු අතර ප්‍රක්ෂේපන අනුව 2010 වන විට 26.04% පමණ වනු ඇත.

නාගරීකරණය සම්බන්ධ ගැටළු

සංස්කරණය
 

නාගරික ක්‍රියාවලිය සමඟ බොහෝ රටවල විවිධ

  • සමාජ
  • ආර්ථික
  • ප්‍රජා විද්‍යාත්මක
  • දේශපාලන
  • සමාජ විද්‍යාත්මක
  • මනෝ විද්‍යාත්මක

වශයෙන් ගැටළුකාරී තත්වයන් පැන නැගී ඇත.

 
  • නාගරික තදබදය.

මෙම තත්වය හේතුවෙන්

1.නාගරික ප්‍රදේශ වල අඩු ආදායම් ලාභි පවුල් වැඩි වීම

2.නුපුහුණු ශ්‍රමිකයන් ප්‍රමාණය වැඩි වීම

3.රැකියා විරහිත තරුණයන් බිහි වීම වැනි දේ ඇතිවේ.

 
  • නාගරීකරණය හා පාරිසරික සෞබ්‍යය

මෙහිදී පහත ගැටළු ප්‍රධාන වේ

1.මිනිස් භුමි අනුපාතය පහළ වැටීම

2.ජනගහන තදබදය හා පාරිසරික ප්‍රශ්න

3.ජනගහන වර්ධනය හා දුගීකම

4.නාගරීකරණය හා සෞබ්‍ය ප්‍රශ්න


  • නාගරීකරණය නිසා ඇති වන මෙම ගැටළු ඉන්දියාවෙහි කල්කටාව, ලංකාවේ කොළඔ වැනි නගර වල පමණක් නොව ඇමරිකාවේ චිකාගෝ වැනි නගර වලද දැකිය හැකිය.

රූප එකතුව

සංස්කරණය

ආශ්‍රිත ලිපි

සංස්කරණය

ඓතිහාසික

සංස්කරණය

කලාපීය

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ Bonnie Richardson reviews Drosscape: Wasting Land in Urban America, by Alan Berger (2008). "Can Designers Solve the Problem of Urban Wasteland?". Terrain.

වැඩිදුර අධ්‍යයනය සඳහා

සංස්කරණය
  1. මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා. ජනගහන අධ්‍යනය (ශ්‍රී ලංකාව ඇසුරින්).
  2. "ආර්ථික විමසුම සඟරාව". {{cite journal}}: Cite journal requires |journal= (help)

බාහිර සබැඳි

සංස්කරණය
 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=නාගරීකරණය&oldid=680642" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි