න්යුන්ග්වේ වනාන්තරය (රුවන්ඩාව )

න්යුන්ග්වේ ජාතික වනෝද්‍යානය රුවන්ඩාවෙහි පිහිටා ඇත. මෙය කිවු විලල දකුණින් පිහිට ඇති අතර බුරින්දි දේශයට එක් මායිමක් පවතී. මෙය 2004දී ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කෙරුනු අතර වර්ග කිලෝමීටර 970ක වපසරියක් පුරා පැතිරී පවතී.වැසි වනාන්තර,බැම්බූ,මඩ ගොහොරු,තෘණ බිම් සහ කලපු යන විවිධාකාර ලක්ෂණ පෙන්වන වනාන්තරයක් ලෙස මෙය හැඳින් විය හැකිය. සියන්ගුගූ නගරය වනාන්තරයට ආසන්නතම නගරය වන අතර ඊට කිලෝ මීටර් 54ක් බටහිරින් පිහිටි බිගුගු කඳු වැටිය මෙහි තවත් එක් සීමාවක් දක්වයි.

Nyungwe Forest

වන ජීවීන්

සංස්කරණය

න්යුන්ග්වේ වනාන්තරය ඉහළ ජෛව විවිධත්වයක් දක්වන අතර මේ නිසාම අප්‍රිකනු රජය මෙය සංරක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වයි. මෙම වනාන්තරය පිහිටා තිබෙන්නේ මහා පරිමාණ ජෛවභූගෝලීය කලාප හමු වන ස්ථානයක බැවින් ශාක වල සහ සත්ත්වයන් හට හිතකර ක්ෂුද්‍ර පරිසරයක් පවතී. මෙහි 275ක් වූ කුරුළු විශේෂත් 1068ක් වූ ශාක විශේෂත් 85ක් වූ ක්ෂීරපායීන් විශේෂත් 32ක් වූ උභය ජීවී විශේෂත්,38ක් උරග විශේෂත් හඳුනා ගෙන ඇත. මෙම සත්ත්ව විශේෂ බොහොමයක් අප්‍රිකාවට ආවේණික වන අතර මෙහි ඇති බොහෝමයක් ශාක සහ සත්ත්ව විශේෂ අප්‍රිකාවේ වෙනත් වනාන්තර වලද දැක ගත නොහැකි මෙම වනයටම පමණක් සීමා වූ ඒවා වේ.

ඒක දේශීය වගර්‍

සංස්කරණය

සබැඳි පිටු

සංස්කරණය
  • "Nyungwe Nziza Project website for Nyungwe National Park". Nyungwe Nziza Project. සම්ප්‍රවේශය 2011-07-29.
  • "Nyungwe National Park". Wildlife Conservation Society. සම්ප්‍රවේශය 2006-05-25. [භින්න වූ සබැඳිය]
  • "Nyungwe National Park, Rwanda". NASA Earth Observatory. සම්ප්‍රවේශය 2006-05-25.

ඛණ්ඩාංක: 2°29′24″S 29°17′34″E / 2.49000°S 29.29278°E / -2.49000; 29.29278

සැකිල්ල:National Parks of Rwanda