නවීන තාරකා විද්‍යාවෙහි අහස ප්‍රදේශ 88කට බෙදා ඇත. සාමසාන්‍යයෙන් ග්‍රීක හා රෝම මිථ්‍යා කථා තුලදීද තාරකා මණ්ඩල පිළිබඳ සඳහන් වී ඇත. ක්‍රාන්තිවලයෙන් ද පෙන්නුම් කරන්නේ එකී තාරකා මණ්ඩල 88න් 12කි. එම තාරකා මණ්ඩල 12, "රාශි චක්‍රය" ලෙස හැඳින්වේ.

තාරකා මණ්ඩල

ටොලමි විසින් වාර්තා කර ඇති පරිදි, ඉපැරණි සුමේරියන්වරුන්, පසුව ග්‍රීකයින් විසින් ස්ථාපිත කරන ලද උතුරු තාරකා මණ්ඩල අද ජාත්යන්තර වශයෙන් භාවිතා වේ. ගවේෂකයන් දකුණු අහස තරු සිතියම් ගත කරන විට, යුරෝපීය සහ ඇමරිකානු තාරකා විද්යාඥයින් ප්රදේශය සඳහා නව තාරකා මණ්ඩල ගවේශණය මෙන්ම, සාම්ප්රදායික තාරකා මණ්ඩල අතර හිඩැස් පිරවීමට අය යෝජනා කරන ලදී. මෙම යෝජනා මත 1922දී ජාත්යන්තර තාරකා විද්යා සංගමය (IAU) විසින් තාරකා මණ්ඩල 88ක් සහිත නවීන ලැයිස්තුව සම්මත කළේය.[1] මෙයින් පසු Eugène Joseph Delporte විසින් එක් එක් තාරකා මණ්ඩල සඳහා නිශ්චිත සීමා මයිම් එක් කළේය.[1]

ඉතිහාසය සංස්කරණය

සමහර තාරකා මණ්ඩල තවදුරටත් අන්තර් ජාතික තාරකා විද්යා සංගමය විසින් පිළිගත් නමුත්, පැරණි තරු ප්රස්ථාර හා අනෙකුත් යොමු වල දර්ශනය විය හැක. මෙයින් වඩාත් කැපී පෙනෙන්නේ ටොලමිගේ "Argo Navis" නම් තාරකා මණ්ඩල 48ක් ඇති කෘතිය යි.

නවීන තාරකා මණ්ඩල සංස්කරණය

මෙම තාරකා මණ්ඩල 88න් සතුන් 42ක්, සජීවී වස්තූන් 29ක් හා මිනිසුන් හෝ මිත්යා චරිත 17ක් නිරූපණය වේ.

කෙටි යෙදුම් සංස්කරණය

එක් එක් තාරකා මණ්ඩල වල නම් අකුරු 3ක් දක්වා කෙටි කර ඇත.(ඉංග්රීසියෙන්) මේව ඇත්තටම genitive ආකෘති කෙටි යෙදුම් වේ. සමහර නම් මුල් නමින් පෙනී නොසිට genitive ආකාරයේ කෙටි යෙදුමකින් පෙනී සිට්ය හැක.(Sagittarius සමග සංකූලතා ඇති වීම වැළැක්වීමට, Sagitta / Sagittae සඳහා Sge දී මෙන්, Sgr නම් කෙටි යෙදුම භවිතා වේ.)

වචන දෙකක නමක් සඳහා පළමු වචනයේ මුල් අකුර හා දෙවන වචනයේ මුල් අකුරු දෙක යොදගෙන කෙටි යෙදුම සකස් කරයි.(Canis Major වෙනුවට CMa)

ලැයිස්තුව සංස්කරණය

"පවුල්" තීරුව 1975 දී Donald Menzel විසින් හඳුන්වා දෙන ලදී.

තාරකා මණ්ඩලය කෙටි යෙදුම පවුල ආරම්භය අර්ථය දීප්තිමත්ම තරුව
ඇන්ඩ්‍රොමීඩා - Andromeda And පර්සියස් අතීතයේ සිට[2] කාන්තාව හෝ කුමරිය ඇල්ෆරාට්ස් - Alpheratz
ඇන්ට්ලියා - Antlia Ant ලා කයිලේ 1763 වායු පොම්පය α ඇන්ට්ලේ - α Antliae
අපුස් - Apus Aps බේයර් 1603 කුරුලු පාරාදීසය α ඇපෝඩිස් - α Apodis
කුම්භ - Aquarius Aqr රාශි චක්‍රය අතීතයේ සිට[2] ජලය රැගෙනයන්නා සදාල්සූද් - Sadalsuud
ඇක්විලා - Aquila Aql හර්කියුලීස් රාජාලියා ඇල්ටෙයාර් - Altair
අරා - Ara Ara පූජාසනය β ඇරේ - β Arae
මේෂ - Aries Aries රාශි චක්‍රය එළුවෙකු වැනිය හමාල් - Hamal
ඔරිගා - Auriga Aur පර්සියස් වීරයා කැපෙල්ලා - Capella
බූටීස් - Boötes Boo උර්සා මේජර් සතුන් බලාගන්නා ආර්ක්චුරස් - Arcturus
කේලම් - Caelum Cae ලා කයිලේ 1763 කැණීම් මෙවලම α කේලි - α Caeli
කැමිලොපාඩ්ලිස් - Camelopardalis Cam උර්සා මේජර් 1613 ජිරාෆ් β කැමිලොපාඩ්ලිස් - β Camelopardalis
කටක - Cancer Cnc රාශි චක්‍රය අතීතයේ සිට[2] කකුළුවා ටාෆ් - Tarf
කානිස් වෙනටිචි - Canes Venatici CVn උර්සා මේජර් 1690 දඩයම් බල්ලන් කො කැරෝලි - Cor Caroli
කානිස් මේජර් - Canis Major CMa ඔරායන් අතීතයේ සිට[2] මහා බල්ලා සීරියස් - Sirius
කානිස් මයිනර් - Canis Minor CMi කුඩා බල්ලා ප්‍රොසියොන් - Procyon
මකර - Capricornus Cap රාශි චක්‍රය මුහුදු එළුවා[3] ඩෙනිබ් ඇල්ජිඩි - Deneb Algiedi
කරීනා - Carina Car හෙවන්ලි වෝටර්ස් 1763 බෝට්ටුව කැනෝපස් - Canopus
කැසියෝපියා - Cassiopeia Cas පර්සියස් අතීතයේ සිට[2] කැසියෝපියා කුමරිය[4] ශෙදීර් - Shedir
සෙන්ටෝරස් - Centaurus Cen හර්කියුලීස් ශක්තිමත් පුරුෂයා α සෙන්ටෝරි - α Centauri
සෙෆියස් - Cepheus Cep පර්සියස් සෙෆියස් රජු[4] ඇල්ඩරමින් - Alderamin
සීටස් - Cetus Cet මුහුදු රකුසා[5] ඩෙනිබ් කයිටෝස් - Deneb Kaitos
කැමීලියන් - Chamaeleon Cha බේයර් 1603 කටුස්සා α කැමීලියන්ටීස් - α Chamaeleontis
සර්සීනස් - Circinus Cir ලා කයිලේ 1763 මාලිමාව α සර්සිනි - α Circini
කොලම්බා - Columba Col හෙවන්ලි වෝටර්ස් 1593 පරවියා ෆැක්ට් - Phact
කෝමා බෙරනීසිස් - Coma Berenices Com උර්සා මේජර් 1603 බෙරනීසි නම් රැජිනගේ කොණ්ඩය[6] β කොමේ බෙරනිසීස් - β Comae Berenices
කොරෝනා ඕස්ට්‍රේලස් - Corona Australis CrA හර්කියුලීස් අතීතයේ සිට[2] දකුණු ඔටුන්න ඇල්ෆෙකා මෙරිඩියානා - Alphekka Meridiana
කොරෝනා බොරියාලිස් - Corona Borealis CrB උර්සා මේජර් උතුරු ඔටුන්න ඇල්ෆෙකා - Alphecca
කෝවස් - Corvus Crv හර්කියුලීස් කපුටා ගීනා - Gienah
ක්‍රේටර් - Crater Crt කෝප්පය ලාබ්‍රම් - Labrum
ක්‍රක්ස් - Crux Cru 1603 දක්ෂිණ කුරුසය ආක්‍රක්ස් - Acrux
සිග්නස් - Cygnus Cyg අතීතයේ සිට[2] හංසයා හෝ උතුරු කුරුසය ඩෙනිබ් - Deneb
ඩෙල්ෆීනස් - Delphinus Del හෙවන්ලි වෝටර්ස් ඩොල්ෆින් රොටනෙව් - Rotanev
ඩොරාඩෝ - Dorado Dor බේයර් 1603 ගෝල්ඩ් ෆිෂ් α ඩොරාඩස් - α Doradus
ඩ්‍රෙකෝ - Draco Dra උර්සා මේජර් අතිතයේ සිට[2] මකරා ඉටමින් - Etamin
එකියුලියස් - Equuleus Equ හෙවන්ලි වෝටර්ස් පෝනියා කිටැල්ෆා - Kitalpha
එරිඩානස් - Eridanus Eri එරිඩානස් නම් ගඟ[4] ආකනා - Achernar
ෆෝනැක්ස් - Fornax For ලා කයිලේ 1763 රසායනික ගිනි උදුන ෆෝනසිස් - Fornacis
මිථුන - Gemini Gem රාශි චක්‍රය අතීතයේ සිට[2] නිවුන් දරුවන් පොලෙක්ස් - Pollux
ගෘස් - Grus Gru බේයර් 1603 දොඹකරය ඇල්නේර් - Alnair
හර්කියුලීස් - Hercules Her හර්කියුලීස් අතීතයේ සිට[2] හර්කියුලීස් නම් රණශූරයා[4] කෝනෆරස් - Kornephoros
හොරලෝගියම් - Horologium Hor ලා කයිලේ 1763 ඔරලෝසුව α හොරලෝගි - α Horologii
හයිඩ්‍රා - Hydra Hya හර්කියුලීස් අතීතයේ සිට[2] හයිඩ්‍රා නම් සත්ත්වයා[4] ඇල්ෆාඩ් - Alphard
හයිඩ්‍රස් - Hydrus Hyi බේයර් 1603 ජලජ සර්පයෙක් β හයිඩ්‍රි - β Hydri
ඉන්ඩස් - Indus Ind ඉන්දියානුවා ද පර්සියන් - The Persian
ලැසර්ටා - Lacerta Lac පර්සියස් 1690 කටුස්සා α ලැසෙර්ටේ - α Lacertae
සිංහ - Leo Leo රාශි චක්‍රය අතීතයේ සිට[2] සිංහයා රෙගියුලස් - Regulus
ලියෝ මයිනර් - Leo Minor LMi උර්සා මේජර් 1690 කුඩා සිංහයා ප්‍රේචිපුවා - Praecipua
ලෙපස් - Lepus Lep ඔරායන් අතීතයේ සිට[2] හාවා ආනබ් - Arneb
තුලා - Libra Lib රාශි චක්‍රය තුලාව සුබෙනිශමාලි - Zubeneshamali
ලූපස් - Lupus Lup හර්කියුලීස් වෘකයා මෙන් - Men
ලින්ක්ස් - Lynx Lyn උර්සා මේජර් 1690 වල් බළලා ලැවශක් - Elvashak
ලයිරා - Lyra Lyr හර්කියුලීස් අතීතයේ සිට[2] වීණාව වේගා - Vega
මෙන්සා - Mensa Men ලා කයිලේ 1763 ටේබල් කන්ද[7] α මෙන්සේ - α Mensae
මයික්‍රොස්කෝපියම් - Microscopium Mic අන්වීක්ෂය γ මයික්‍රොස්කෝපි - γ Microscopii
මොරොසරස් - Monoceros Mon ඔරායන් 1613 කඟවේනා β මොනොසරෝටිස් - β Monocerotis
මුස්කා - Musca Mus බේයර් 1603 මැස්සා α මුස්කේ - α Muscae
නෝමා - Norma Nor ලා කයිලේ 1763 වඩුවාගේ මට්ටම් උපකරණය γ2 නෝමේ - γ2 Normae
ඔක්ටන්ස් - Octans Oct ඔක්ටනය[8] ν ඔක්ට් - ν Oct
ඔෆියුකස් - Ophiuchus Oph හර්කියුලීස් අතීතයේ සිට[2] සර්පයින් රැගෙනයන්නා රසල්හේජ් - Rasalhague
ඔරායන් - Orion Ori ඔරායන් දඩයක්කාරයා රිජෙල් - Rigel
පාවෝ - Pavo Pav බේයර් 1603 මොනරා පීකොක් - Peacock
පෙගාසස් - Pegasus Peg පර්සියස් අතීතයේ සිට[2] පෙගාසස්[4][9] එනිෆ් - Enif
පර්සියස් - Perseus Per පර්සියස් කුමාරයා[4] මර්ෆෙක් - Mirfak
ෆීනික්ස් - Phoenix Phe බේයර් 1603 ෆීනික්ස් කුරුල්ලා[4] ඇන්කා - Ankaa
පික්ටර් - Pictor Pic ලා කයිලේ 1763 ඊසලය[10] α පික්ටෝරිස් - α Pictoris
මීන - Pisces Psc රාශි චක්‍රය අතීතයේ සිට[2] මසුන් ඇල්ෆර්ග් - Alpherg

සමුද්දේශ සංස්කරණය

  1. 1.0 1.1 නැවත අඩ්යයනය කරන ලද "The constellations" කෘතිය ජාත්යන්තර තාරකා විද්යා සංගමය (International Astronomical Union), 9 දෙසැම්බර් 2015
  2. 2.00 2.01 2.02 2.03 2.04 2.05 2.06 2.07 2.08 2.09 2.10 2.11 2.12 2.13 2.14 2.15 2.16 ටොලමිගේ "Argo Navis" නම් කෘතියෙහි සඳහන් වේ
  3. සාමාන්ය භාවිතයේ ඇත්තේ මකරා නමිනි
  4. 4.0 4.1 4.2 4.3 4.4 4.5 4.6 4.7 මිත්යාවකි
  5. පසුව "තල්මසා" ලෙස අර්ථකතනය කරන ලදී
  6. ඊජිප්තියානු රැජිනකි
  7. දකුණු අප්‍රිකාවේ පිහිටා ඇත
  8. සංගීත භාණ්ඩයකි
  9. පිහාටු ඇති අශ්වයා
  10. චිත්‍ර ඇඳීමේදී කැන්වසය රැඳවීමට යොදාගන්නා ආධාරකය
"https://si.wikipedia.org/w/index.php?title=නවීන_තාරකා_මණ්ඩල_88&oldid=536570" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි