නර්තනය සහ සෞඛ්‍යය යන්න පර්යේෂණ අධ්‍යයනයන් කිහිපයකට පාදක වී ඇති අතර එනයින් විද්‍යාමාන වන්නේ නර්තනය ඉතාමත් සුවදායක ව්‍යායාමයක් බවයි. කෙසේවෙතත් වෘත්තීය නර්තනයෙහි සෞඛ්‍යමය අවදානම් කිහිපයක් තිබෙන අතර ඒවාට නිසියාකාර අවධානය යොමු කල යුතු වෙයි. විවාබස් ඉල්ලීමෙහි අංගයක් ලෙසින් නර්තනකරුවාගේ සෞඛ්‍යසම්පන්නබවෙහි හා බුද්ධියෙහි විශ්වාසනීය දර්ශකයක් ලෙසින් නර්තනය සැලකිය හැක.

ජන නැටුමක නිරත යුවලක්.

නර්තනයෙහි ප්‍රතිලාභ සංස්කරණය

සාමාන්‍ය ලෙසින් සැලකූ විට සවායු ව්‍යායාමයක් වන හෙයින්, හෘද්වාහිනී රෝග අවදානම අඩුකිරීම, බර පාලනය වැන්නන් සහ ශාරිරීක යෝග්‍යතාවය හා බැඳි අනෙකුත් ප්‍රකට ප්‍රතිලාභයන් බොහෝමයක් නර්තනය විසින්ගෙන දෙයි. මීට අමතරව, මනෝවිද්‍යාත්මක සුඛවිහරණය උදෙසාද නර්තනය සැලකිය යුතු ලෙසින් දායක වන බවද සැලකිය යුතුයි.

කෙසේ වුවද එංගලන්ත කලා සංගමය 2004 දී බිරාහාතාන්යර අමාත්‍ය මණ්ඩලය හමුවේ පැවසුවේ මෙම සොයාගැනීම් බොහෝ විට නිශ්චිත භාවයක් නුඋසුලන බවයි. වඩාත් නිශ්චිත හා විශේෂ ප්‍රතිලාභ පෙන්වාදීම සඳහා වැඩි අවධානයක් ලබාදිය යුතු බව ඔවුහු තර්ක කළෝ ය.

2006 දී සිදුකෙරුණු ඉතාලියානු අධ්‍යයනයකින් හෙලිවූයේ හෘද රෝගීන්හට පා පැදි ධාවනය හෝ අනෙකුත් ව්යා යාම සමග සසඳන විට නර්තනය වඩාත් උචිත වන බවයි. බොහෝ විට මෙය රෝගීන් එය වඩාත් වින්දනාත්මකව අත්විඳින බැවින් විය හැක.

2003 දී නිව් යෝර්ක් හි පැවති අධ්‍යයනයකිනදී හෙලිවූයේ චිත්ත වික්ෂේපය මගහැරවීම සඳහා හරස්පද ප්‍රහෙලිකා වැනි බුද්ධිමය ව්යාපයාම ආධාර වුවද බෝල් රූම් නර්තනය හැර අන් කිසිදු ශාරීරික ව්යා‍යාමයක් එහිලා දායක නුවූ බවයි.

නර්තනය ස්ථූලතාවය මගහැරවීම සඳහා වැදගත් බව සනාථ වී ඇති බැවින් බොහෝ පාසල් තම සිසුන් ව ඒ සඳහා දිරි ගන්වයි.

නර්තන‍යේ අවදානම සංස්කරණය

නර්තනය දැඩි ඉල්ලුම්කාරි විය හැකය. වෘත්තීමය ‍සෞඛ්‍ය අවදානම විසින් තරැණ හා වෘතීයමය නර්තන ශිල්පීන් හට බලපාන විවිධ ගැටලු පිළිබඳ පැහැදිලි කරයි. ශරීර‍‍ය ස්වරෑප‍යේ ගැටලු හා ආහාර ආබාධයන්වලට වඩා වැඩි අවදානමක් ක්‍රීඩා අනතුරු සහ කාර්ය කරන ස්ථානයේ ආතතියක් නර්තන ශීල්පීන්ට ඇත.මෙම ලිපි‍‍‍‍යෙහි ද ‍‍මෙවැනි ගැටලු අවම කිරීම පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විස්තර කරයි.

තුවාළවීම වැලැක්වීම සංස්කරණය

සමාජයීය නර්තනයට පවා කම්පනාවශෝෂණ බිමක් නිර්දේශ කර තිබේ. පේශී ඇදීම් වේදනා හා ඇතිවිය හැකි ආබාධ වැලකීම සඳහා ව්‍යායාමයට පෙර සිරුර උනුසුම් කිරීමේ ව්‍යායාමයන්ද පසු සිරුර සිසිල් කිරීමේ ව්‍යායාමයන්ද නිර්දේශ කර තිබේ.

"https://si.wikipedia.org/w/index.php?title=නර්තනය_සහ_සෞඛ්‍යය&oldid=261446" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි