ධාර් හි අම්බිකා ප්‍රතිමාව

ධාර් හි අම්බිකා ප්‍රතිමාව යනුවෙන් හැඳින්වෙන්නේ පසුකාලීන දහනවවන සියවසේදී මධ්‍ය ඉන්දියාවේ ධාර් නගරයෙන් සොයාගැනුණු අම්බිකා නම් ජෛන දෙවඟන නිරූපිත කිරිගරුඬ මූර්තියකි. මෙම ප්‍රතිමාව ප්‍රසිද්ධියට පත්වූයේ පරමාර රාජසභාව පිළිබඳ තොරතුරු සපයන එහි පාදමෙහි වූ නාගරී ශිලා ලේඛනය නිසායි. 1880 සිට මෙය බ්‍රිතාන්‍ය කෞතුකාගාර එකතුවේ අංගයක්ව පවතියි.[1]

ධාර් හි අම්බිකා ප්‍රතිමාව
අම්බිකස්
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ධාර්වලින් හමුවූ අම්බිකා ප්‍රතිමාව
මාධ්‍යයකිරිගරුඬ
ප්‍රමාණයඋස මීටර 1.28
බර250 kg
ලේඛනයනාගරී
නිර්මාණය වූයේක්‍රි.ව. 1034
වර්තමාන පිහිටුමබ්‍රිතාන්‍ය කෞතුකාගාරය, ලන්ඩන්
ලියාපදිංචිය1880.19

විස්තරය සංස්කරණය

1875දී මධ්‍ය ප්‍රදේශ්හි ධාර් අගනුවර නටබුන් අතර තිබී මෙම ප්‍රතිමාව සොයාගන්නා ලද්දේ ඉන්දියාවේ බ්‍රිතාන්‍ය දේශපාලන නියෝජිතයකු වූ මේජර් ජනරාල් විලියම් කින්කේඩ් විසිනි. සොයාගෙන අවුරුදු පහකට පසු එය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට ඇතුළත් කෙරිණි.

  1. British Museum Collection