ධරණකය යනු මිනිසාගේ සහ අනෙකුත් ක්ෂීරපායී සත්වයින්ගේ කණේ පිහිටි, ඇතුල් කණට ශබ්දය සන්නයනය කරන්නා වූ අස්ථියයි. උඩහලු හැඩැති මෙම අස්ථිය මැද කණේ පිහිටි කුඩා අස්ථි 3නෙන් 1කි. ධරණකය කම්පන ලබා ගන්නේ ආංශික වශයෙන් සම්බන්ධ වූ නිඝාතියෙනි. පසුව කම්පන අණ්ඩාකාර කවුලුව තෙක් සම්ප්‍රේශනය කරනු ලබයි. මිනිස් සිරුරේ ඇති කුඩාම සහ සැහැල්ලුම අස්ථිය වනුයේ මැද කණේ ඇති ‘ධරණකය’ අස්ථිය වේ. එය නිඝාතියට සමාන්තර වශයෙන් පිහිටයි.

ධරණකය
සැකිල්ල:මධ්‍ය කණේ අනුරූපිතය
Gray918.png
ධරණක මූණත (A), පසුපස (B).
හඳුන්වනයන්
TALua දෝෂය in Module:Wikidata at line 85: bad argument #1 to 'pairs' (table expected, got nil).
FMA52751
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

ව‍‍්‍යුහයසංස්කරණය

ධරණකය, මැද කණේ පිහිටි කුඩා අස්ථිකා 3න් තුන්වෙනියට පිහීටි අස්ථියයි. එය උඩහලු හැඩැති අස්ථියක් වන අතර කුඩාම අස්ථිය ද වෙයි. තවද එය අණ්ඩාකාර කවුලුව මතට බර වී පවතින අතර මණ්ඩලාකාර අස්ථිබන්ධනියකින් සම්බන්ධ වී ඇත. අධාරකයක් සහිතවූ, අණ්ඩාකාර කවුලුව මත දරන්නා වූ ධරණකය හිස කොටසින් නිඝාතියට කලම්ප වී ඇත. මේ කී අස්ථි පූර්ව බාහු හා පසුපස බාහු වලින් සම්බන්ධ වී ඇත. ධරණකය හිස කොටසින් නිඝාතියට කලම්ප වී ඇත්තේ සුවිශේෂී වු සන්ධියකිනි. මිනිස් සිරුරේ ඇති කුඩාම අස්ථිය වන ධරණකය දළ වශයෙන් 3 X 2.5 මිමි පමණ වන අතර වැඩිම තරමින් හිසකෙස් මුලක විශාලත්වය සහිතයි.

විකසනයසංස්කරණය

ධරණකයේ විකසනය ඇරඹෙන්නේ කලල අවදියේ සයවන සතිය සිට අටවන සතිය දක්වා වූ කාලයේ 2වන ග්‍රසණිකා වක්‍රයේදීය.කලල අවස්ථාවේ ධරණීය රක්තවාහිනිය හේතුවෙන් ඇතිවන ධරණකයේ මධ්‍යය සිදුර පසු කල කාලය සමග පිරිහී යයි.[1][2]

සතුන් තුලසංස්කරණය

ධරණකය ක්ෂීරපායී සතුන් සතු කුඩා අස්ථිකා 3නෙන් 1කි. ක්ෂීරපායී වන, සිව්පා සතුන්ගේ ධරණක අස්ථියට සමානව හැසිරෙන අස්ථිය ලෙස කොලුමෙලාව සැලකිය හැකි අතර උරගයන්ගේ ද ධරණක අස්ථිය කොලුමෙලාව වෙයි. මත්සයයන්ගෙ ධරණක අස්ථියට සමානව හැසිරෙන අස්ථිය හොයොමන්ඩිබියුලය කරමල ආරුක්කුවෙන් හෝ හනු වලින් ආධාරක කරගනී. මෙය මත්සය කුලය අනුව වෙනස් වෙයි. ස්වභාවයෙන් ගත් කල මෙම පැහැදිලි කිරීම උභයජීවීන්ටද ගැලපෙයි.

ප්‍රභේදනසංස්කරණය

මානව වර්ගයාගේ විකසනයදී එකිනෙකට වෙනස් අවධි වල ධරණකයේ විශාලත්වය සාපේක්ෂව සමාන වේ. පුද්ගලයින් 0.01%-0.02% ප්‍රතිශතයක ධරණීය රක්තවාහිනිය පසු කල කාලය සමග පිරිහී නොයන අතර මධයය ද්‍රය ලෙස පවතියි. මේ හේතුවෙන් වික්‍රුති කණ තුල ස්පන්ද ශබ්ද ඇසීමට හෝ කිසිදු වෙනස්කමක් නොපෙන්වයි. කලාතුරකින් ධරණකය නොපිහිටීම සිදුවිය හැක.

කාර්යයසංස්කරණය

නිඝාතිය හා මැද කණ අතර පිහිටන ධරණකය නිඝාතිය සිට අණ්ඩාකාර කවුලුව තෙක් ධ්වනි කම්පන සම්ප්‍රේශනය කරයි. අනතුරුව තුනි පටලයෙන් වැසුනු ඇතුල් කණ විවර වෙයි. ධරණකය වක්ත්‍රිය ස්නා‍‍යුව මගින් සුසන්නායු වී ඇති ධරණීය පේශීය මගින් ස්ථායිකරණය වී ඇත.

සායනික අදාලත්වයසංස්කරණය

අස්ථි වල අසාමාන‍ය වූ නැවත සැකැස්ම හේතුවෙන් ඔටොස්ක්ලිරෝසිස් රෝගය උපතින්ම හෝ නිරායාසයෙන් ඇතුලු කණ තුල ඇතිවිය හැක. මෙය ධරණකයේ හා අණ්ඩාකාර කවුලුවේ ආසක්ත වීමට බලපාන අතර ශබ්ද සන්නායකතාවට බාධා පමුනුවයි. තවද ශ්‍රවණ හානි සන්නායකතාවට හේතුවද මෙය වෙයි. සායනිකව 1% ප්‍රතිශතයක පමණ පුද්ගලයන් ඔටොස්ක්ලිරෝසිස් රෝගයෙන් පෙලෙන බව සොයාගෙන ඇත. තවද ඔටොස්ක්ලිරෝසිස් රෝගයට ගොදුරු වූ බව බොහෝ විට ප්‍රකට නොවන්නා වූ කරුණකි. ඔටොස්ක්ලිරෝසිස් රෝගය සමහර විට කුඩා වයස් කාණ්ඩ වල අය තුලත්, කාන්තාවන් තුලත් පවති. ප්‍රතිකර ලෙස ස්ටේප්ඩෙක්ටොමි, ශල්‍යකර්මයක් මගින් ධරණකය ප්‍රතිස්ථාපනය කර කෘත්‍රිම ලෙස ශරීරාබාධ යමකට වඩා අඩු කිරීම හැදින්විය හැක. ශල්‍යකර්මය වඩාත් දුෂ්කර විය හැක්කේ නිබැදි ධරණීය ධමනිය, අස්ථියේ මූලයට සිදුවන තන්තුමතාව ආශ්‍රිත හානිය හෝ විනාශකාරී ඔටොස්ක්ලිරෝසිස්, අස්ථියේ මූලයට සිදුවන බරපතල හානිය නිසාය.

ඉතිහාසයසංස්කරණය

 
මහාචාර්යය ජියෝවනි ෆිලිපෝ ඉන්ග්‍රාසියා විසින් විග්‍රහ කරන ලද ධරණකය .

ධරණකයේ පොදු විග්‍රහය නේපාල සරසවියේ මහාචාර්යය ජියෝවනි ෆිලිපෝ ඉන්ග්‍රාසියා විසින් සොයාගනු ලැබූ ආකාරයට කියෙවෙන අතර එසේ වුවත් තවත් විවාදයක සුන්බුන් පෙන්නුම් කරයි.

ආශ්‍රිතසංස්කරණය

  1. Chapman, SC (Jan 1, 2011). "Can you hear me now? Understanding vertebrate middle ear development". Frontiers in bioscience (Landmark edition). 16: 1675–92. PMID 21196256.
  2. Rodriguez-Vazquez, J. F. (August 2005). "Development of the stapes and associated structures in human embryos". Journal of Anatomy. 207 (2): 165–173. doi:10.1111/j.1469-7580.2005.00441.x.

බාහිර සබැඳිසංස්කරණය

"3-D Virtual Models of the Human Temporal Bone and Related Structures". එතන් පීබොඩි ශ්‍රවණ භෞතවේද පර්යේෂණාගාරය. සොයාන ලද්දේ ජනවාරි 2010.

"https://si.wikipedia.org/w/index.php?title=ධරණකය&oldid=295452" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි