ද කිං'ස් ෆේස් (කොරියානු왕의 얼굴; ප්‍රරෝවං-උයි ඉයොල්ගුල්) යනු 2014 වර්ෂයේ විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි.‍ මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සියෝ ඉන්-ගුක්, ජෝ යූන්-හී, ලී සුං-ජේ, කිම් ග්‍යු-රි සහ ෂින් සං-රොක් විසිනි. 2014 නොවැම්බර් මස 19 දින KBS2 නාළිකාව ඔස්සේ විකාශය ඇරඹි මෙම කතාමාලාව 2015 පෙබරවාරි 5 දක්වා විකාශය වූ අතර, එය බදදා සහ බ්‍රහස්පතින්දා දිනවල 21:55ට කථාංග 23කින් යුක්තව විකාශය විය.[1]

ද කිං'ස් ෆේස්
ද කිං'ස් ෆේස් සඳහා ප්‍රවර්ධන ‍පෝස්ටරයක්
ප්‍රභේදයඓතිහාසික කාලාන්තර නාට්‍ය
ප්‍රේම කථා
දේශපාලන
රචනය කලේලී හ්යං-හී
යූන් සූ-ජුං
අධ්‍යක්ෂණය කලේයූන් සුං-සික්
චා යොං-හූන්
රඟපෑමසියෝ ඉන්-ගුක්
ජෝ යූන්-හී
ලී සුං-ජේ
කිම් ග්‍යු-රි
ෂින් සුං-රොක්
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන23
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)ජුං හේ-ර්යොං
නිෂ්පාදක(යෝ)හ්වං ඉන්-හ්‍යුක්
පාක් වූ-රම්
ස්ථානය(න්)කොරියාව
ධාවන කාලයබදාදා සහ බ්‍රහස්පතින්දා 21:55ට (KST)
නිෂ්පාදන සමාගමද කිං'ස් ෆේස් කල්චර් ඉන්ඩස්ට්‍රි කම්පනි ලිමිටඩ්.
KBS මීඩියා
ප්‍රචාරණය
මුල් නාලිකාවකොරියානු විකාශන පද්ධතිය
මුල් ධාවනයනොවැම්බර් 19, 2014 (2014-11-19) – පෙබරවාරි 5, 2015 (2015-02-05)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේබ්ලේඩ් මෑන්
අනුගමනය වනුයේඅන්කයින්ඩ් ලේඩීස්
බාහිර සබැඳි
වෙබ් අඩවිය

කථාපුවත සංස්කරණය

ජොසොන්හි සොන්ජෝ රජුට දාව උපබිසවකට උපන් පුත්‍රයකු වන ග්වංහේ ජොසොන්හි කිරුළහිමි කුමරු බවට පත් වේ. ඉදිරි වසර 16 පුරාවටම මේ නීත්‍යානුකූල නොවන කුමරුගේ දිවිය ගෙවෙන්නේ නොයෙකුත් අරගල මධ්‍යයේ ය. වරෙක ඔහුට මරණ තර්ජන එල්ල වන අතර, තවත් විටෙක ධුරයෙන් පහ කිරීමේ තර්ජනයට ද ඔහු ලක් වේ. ග්වංහේ සහ ඔහුගේ පියා වූ සොන්ජෝ රජු අතර නොයෙකුත් මතභේද පැන නගින අතර, ඔවුහු දෙදෙනා ක්‍රමයෙන් දේශපාලනයේ දී මෙන්ම ප්‍රේමයේ දී ද සතුරන් බවට පත් වෙති. දේහලක්ෂණ විද්‍යාව සිය ආයුධ කරගනිමින්, මුහුණෙහි ඇති දෑ කියැවිය හැකි දෛවඥයකුගේ සහාය ලබාගන්නා ග්වංහේ ඊළඟ රජු බවට පත්වීමට උත්සාහ දරයි.

චරිත නිරූපණය සංස්කරණය

සම්මාන සහ නිර්දේශ සංස්කරණය

වර්ෂය සම්මානය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2014 KBS නාට්‍ය සම්මාන විශිෂ්ට සම්මානය, මැදි-දිගැති නාට්‍යයක නළුවා සියෝ ඉන්-ගුක් නිර්දේශිත
විශිෂ්ට සම්මානය, මැදි-දිගැති නාට්‍යයක නිළිය ජෝ යූන්-හී නිර්දේශිත
හොඳම සහාය නළුවා ෂින් සුං-රොක් දිනාගති
හොඳම නවක නළුවා සියෝ ඉන්-ගුක් දිනාගති

රචනා චෞරත්ව මතභේදය සංස්කරණය

2014 අගෝස්තු 25 දින, 2013දී විකාශය වූ චිත්‍රපටයක් වන ද ෆේස් රීඩර් චිත්‍රපටයේ නිෂ්පාදන සමාගම වූ ජුලිටර් ෆිල්ම් සමාගම විසින් KBS නාළිකාවට එරෙහිව අධිකරණයේ නිරෝධාඥාවක් ගොනු කළේ පිටපත් හිමිකම් අයිතිය උල්ලංඝනය සහ අසාධාරණ ලෙස සිය අවසර නොලත් නිර්මාණයක් ප්‍රතිනිර්මාණය යන යන චෝදනාවන් නගමිනි. ජුපිටර් ෆිල්ම්ස් ආයතනය අනුව ද ෆේස් රීඩර් චිත්‍රපටයේ මුල් තිර පිටපතේ අයිතිය ඔවුනට හිමි වූයේ "එක් ප්‍රභවය බහු භාවිතය" යන වගන්තිය යටතේ ය. එහි දී, මෙම තේමාව ඇසුරෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය, ග්‍රන්ථ මාලාවක් නිර්මාණය, සිහසුන උදෙසා වූ දේශපාලන අරගලයක පැටලෙන මුහුණ-කියැවිය හැකි දෛවඥයකු පිළිබඳ රූපවාහිනී කතාමාලාවක් නිර්මාණය කරන විට එහි පිටපත් අයිතිය ඔවුනට හිමි විය යුතු විය. 2013 දී මෙහි චිත්‍රපටයේ ප්‍රවේශපත් මිලියන 9ක් අලෙවි වූ අතර, කතාමාලා‍ව ඇසුරෙන් නිමැවුණු ග්‍රන්ථ ද්විත්වයක් (චිත්‍රපටයේ චරිත සඳහා පසුබිම් කථා) ද එළිදැක්විණි. ජුපිටර් ෆිල්ම් ආයතනය පැවසූයේ තමන් 2012දී KBS මීඩියා අයාතනය සමග කථාංග 24කින් යුත් ද ෆේස් රීඩර් චිත්‍රපටයේ රූපවාහිනී නාට්‍ය අනුවර්තනයක් සෑදීම පිණිස තිර පිටපත් සහ සැකිලි ලබා දුන් බවත්, වෝ ඔෆ් මනී තිර රචක ලී හ්යං-හී මෙම ප්‍රතිනිර්මාණය සඳහා යෝග්‍ය බව නිර්දේශ කළ බවත් ය. නමුත් KBS මීඩියා අයතනය සහ ජුපිටර් ෆිල්ම් ආයතනයට එකඟත්වයකට පැමිණිය නොහැකි වූ නිසා එම ගිවිසුම නතර විය. ජුපිටර් ෆිල්ම් ආයතනය තවදුරටත් චෝදනා කළේ KBS මීඩියා අයතනය සිය ගනුදෙනුවට පිටුපා තමන් යෝජනා කළ තිර රචකයා ද යොදාගෙන ඔවුන්ගේම ප්‍රභේදයක් නිර්මාණය කරගෙන ඇති බවයි.[2]

KBS ආයතනය නිවේදනය කළේ: "ද කිං'ස් ෆේස් යනු පුද්ගලයින්, යුගය, පසුතලය, කථාපුවත සහ අරගල ව්‍යූහය ද, නිරූපණ විලාසය අතින් ද ෆේස් රීඩර් චිත්‍රපටයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වූ නිර්මාණයක් බවයි." අධිකරණයේ අවසන් තීන්දුව ලැබෙන තෙක් රැඳී සිටින අතරතුර, නිෂ්පාදන කටයුතු ඉදරියට කරගෙන යාමට තීරණය කළ KBS ආයතනය චරිත නිරූපණය පිළිබඳ නිවේදන නිකුත් කළේ ය.[3] 2014 නොවැම්බර් මස KBS ආයතනයේ පාර්ශ්වයට පක්ෂව තීන්දුව ලබා දුන් අධිකරණය පැවසූයේ මෙහි රචනා චෞරත්වයක් සිදුව නොමැති බවයි.[4]

අන්තර්ජාතික විකාශය සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. ලී, සුන්-මින් (27 අගෝස්තු 2014). "ජෝ පික්ස් පීරියඩ් ඩ්‍රාමා නෙක්ස්ට්". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 2014-09-26.
  2. ජෝන්ස්, ජූලී (25 අගෝස්තු 2014). "ප්‍රොඩියුසර්ස් ඔෆ් ද ෆේස් රීඩර් ෆයිල් ලෝෂූට් අගේන්ස්ට් ද කිං'ස් ෆේස් ඩ්‍රාමා". කේඩ්‍රාමාස්ටාර්ස්. සම්ප්‍රවේශය 2014-09-26.
  3. "KBS ෆුල් ස්ටීම් අහෙඩ් විත් කිං'ස් ෆේස්, කාස්ට්ස් ජෝ යූන්-හී ටු ස්ටාර්". ඩ්‍රාමාබීන්ස්. 26 අගෝස්තු 2014. සම්ප්‍රවේශය 2014-09-26.
  4. "ද ස්ටාර්ස් ඔෆ් කිං'ස් ෆේස් ඇට් ප්‍රොඩක්ෂන් ප්‍රෙස් කන්ෆරන්ස්". ඩ්‍රාමාබීන්ස්. 14 නොවැම්බර් 2014. සම්ප්‍රවේශය 2014-11-15.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ද_කිං%27ස්_ෆේස්&oldid=535328" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි