දෙමටමල් විහාරය කාවන්තිස්ස රජ විසින් කරවූ පන්සලකි. ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඔක්කම්පිටිය නැමැති ග්‍රාමයේ පිහිටා තිබේ. මෙම විහාරයේ බොහෝ දෑ මේ වන විට නටඹුන් වී ගොසිනි. එම ස්ථානයට අයත් ඉපැරණි චෛත්‍යය තවමත් ඉතිරි වී තිබේ. මීට අමතරව විහාර ගෙය, බෝධිගරය, සංඝාවාසය, උපෝසථාඝාරය ඇතුළු විශාල ගොඩනැගිලි ප්‍රමාණයකින් මෙම විහාරය පිරී තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

දෙමටමල් විහාරය
දෙමටමල් විහාර ස්ථූපය
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

මෙහි විශේෂ කරුණක් ලෙස දැක්විය හැක්කේ ගැහැනියක් හා පිරිමියෙක් එකව සැදූ මුර ගලය. මෙවන් මුර ගලක් ලංකාවේ වෙන කිසිදු ස්ථානයක සොයා ගත නොහැකි බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ආශ්‍රිත පොත් සංස්කරණය

මද්දුම බණ්ඩාර හේරත් (1991). ඔක්කම්පිටිය ඓතිහාසික දෙමටමල් විහාරය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

"https://si.wikipedia.org/w/index.php?title=දෙමටමල්_විහාරය&oldid=406416" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි