දූ ඔඋරො නේග්රෝ / දූ ඌරු නේග්රු(?) (The Black Gold ලෙස දු හැඳින්වේ) යනු 1959 දී පිහිටුවන ලද රාඋල් ඉන්දිපෝවා හා මිලෝ (මයිලෝ) මික්මෑන්(?) ගෙන් සමන්විත ක්වේලා සගැයුම් (සංගීත) කණ්ඩායමකි. සගැයුම් කණ්ඩායම මුලින් මැ තුන් කට්ටුවක් වූ නමුදු හෝසේ ඇල්වෙස් මොන්තෙයිරො ඉවත් වූ විටැ ඒ යුගලයක් බවට පත්වි යැ.

දූ ඔඋරො නේග්රෝ
ප්‍රභේදක්වේලා
සක්‍රීය වර්ෂ1959 (1959)-1980 දසවස අග භාගය
සම්බන්ධිත රඟපෑම්රාඋල් ඉන්දිපෝවා
මයිලෝ මික්මෑන්(?)
හෝසේ ඇල්වෙස් මොන්තෙයිරො

ඉතිහාසය සංස්කරණය

රාවුල් සහ මයිලෝ එකිනෙකා හමුවූයේ ළමා කලැ , ඇන්ගෝලාවේ බෙංගේලාහි දී යැ. ඔවුන්ගේ වැඩිහිටි විය ඇරැඹෙත් මැ, 'ද බ්ලැක් ගෝල්ඩ්' නොහොත් කළු රන් නම් ව්‍යාපෘතියක් දියත් කළ හ. ව්‍යාපෘතිය ඇන්ගෝලියානු ජනප්‍රවාද මත කේන්ද්‍රගත වියැ. 'ද බ්ලැක් ගෝල්ඩ්' ජාත්‍යන්තර පැවැස්මක් (ප්‍රකාශනයක්) බවට පත් වූ අතර ස්විට්සරලන්තය, ප්‍රංශය, ෆින්ලන්තය, ස්වීඩනය, ඩෙන්මාකය, ස්පාඤ්ඤය හා පුරුතුගාලය යන රටවලැ ක්‍රියාත්මක වියැ. මොන්තෙයිරො හැර ගිය පසු සගැයුම් කණ්ඩායම දූ ඔඋරො නේග්රෝ / දූ ඌරු නේග්රු(?) (දෙ කළු රන්) ලෙස හැඳින්විණ. 1970 දසවසේදී දෙදෙනා එක්සත් රාජ්‍යයන් (ජනපද), ඕස්ට්‍රේලියාව හා ප්‍රංශය යන රටවලැ ප්‍රසංග ඉදිරිපත් කළ හ. මයිලෝ 1980 දසවස අග භාගයේදී මිය ගිය අතර එය යුගලයේ වෘත්තීය දිවියේ නිමාව වියැ. [1]

ශබ්ද පටය සංස්කරණය

  • "කුරිකුතේලා"
  • "මුයිඕවා"
  • "මුෂීමා"
  • "සිල්වි"
  • "මරියා රීටා"
  • "කළු බිම"
  • "යෙමන්ජා අදිරජය"
  • "හෙට"
  • "මම ඔයාව එක්කන් යන්නම්"

යොමු කිරීම් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=දූ_ඔඋරො_නේග්රෝ&oldid=612289" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි