දුරියන්
දුරියන් පළතුර
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: ප්ලාන්ටේPlantae
(unranked): Angiosperms
(unranked): Eudicots
(unranked): Rosids
ගෝත්‍රය: මල්වාලෙස්Malvales
කුලය: මලවාසියේ( Malvaceae)
උපකුලය: Helicteroideae
Tribe: දුරියොනාසියේ
ගණය: ''දුරියෝ''
Species

දැනට හදුනා ගනු ලැබූ විශේෂ 30ක් පවතී.

පර්යාය නාම(ය)

Lahia Hassk.[1]


'දුරියන්' දුරියෝ ගනයට හා මලවාසියේ කුලයට අයත් වන පලතුරකි (සමහර වර්ගිකරණඥයින් දුරියෝ දුරියොනාසියේ කුලයට ඇතුල් කරයි)

දකුණු ආසියාතිකයන් විසින් "පළතුරු අතර රජු" ලෙසින් හදුන්වන දුරියන් එහි විශාලත්වය, දැඩි කටු ( thorn) සහිත ලෙල්ල (husk) හා එයටම ආවේනික සුවඳ (odour) නිසා විශේෂත්වයක් උසුලනු ලබනවා. මෙම පළතුරට දිග සෙන්ටිමීටර 30ක්, වටපමාණය සෙන්ටිමීටර 15ක් වන තෙක් වර්ධනය වීමේ හැකියාව පවතින අතර සාමාන්යප බර කිලෝග්රැ ම් 3ක් පමණ වනවා. එහි වර්ගය අනුව පළතුරේ හැඩය දිගටි ආකරයේ සිට වටකුරු ආකරයටත්, ලෙල්ලෙහි වර්ණය කොල පැහයේ සිට දුඹුරු පැහැයටත් සහ මදයේ වර්ණය ලා කහ පැහැයේ සිට රතු පැහැයටත් වෙනස් වනවා.

දුරියන්හි මාන්සලමය මදයේ සුවිශේෂි වු ගන්ධය එහි ලෙල්ල නොකඩා තිබියදී පවා පැතිරී යාමට තරම් ප්‍රබල වෙනවා. සමහරුන් විසින් එය ප්‍රසන්න සුවඳක් ලෙසින් සැලකුවද සමහරුන්ට එය පිළිකුල දනවන කටුක ගන්ධයක් ලෙස සලකයි. මෙම සුවඳ ගැබුරු රසාස්වාදයක සිට ප්‍රබල අප්‍රසන්නතාවයක් දක්වා සන්වේදනා ඇති කිරීමට සමත් වෙන අතර එය ආමන්ඩ් (almond) සුවඳ ලෙසින්ද, කුනු වු ලුනු ගද ලෙසින්ද, ටර්පන්ටයින් (turpentine) සුවඳ ලෙසින්ද, කැලි කසල ගන්ධයක් ලෙසින්ද අර්ථ දක්වනු ලබයි. මෙම සුවඳ නිසා අග්නි දිග අසියාවේ සමහර හෝටල් සහ පොදු ප්‍රවාහන පද්ධතින් විසින් දුරියන් පිටුදැකිමේ ප්‍රවනතාවයක් තිබේ.

දකුණු ආසියාවට අවේනික පළතුරක් වන දුරියන් වසර 600කට පමන පෙර බටහිරටද හදුන්වා දෙනු ලැබුවා. 19 වන ශත වර්ෂයේදි බ්රිදතාන්ය ජාතික ස්වභාව විද්යාලඥයෙකු වන ඇල්ෆ්රරඩ් රුසෙල්ස් වොල්ලස් විසින් දුරියන් මදය ආමන්ඩ් රසැති ප්‍රණිත කස්ටර්ඩ් වර්ගයක් වැනියයි ප්‍රකාශ කලේය. දුරියන් මදය සම්පුර්ණයෙන් ඉදිම තෙක් වු විවිඩ අවස්ථා වලදී පරිබෝජනය කිරිමේ හැකියව පවති. එය ඉමිහිරි, සුගන්දවත් දකුණු ආසියාතික ආහාර රැසක් රස ගැන්වීම සදහ යොද ගනු ලබයි. එමෙන්ම දුරියන් බිජද පිස ආහරයට ගැනිමේ හැකියාව පවති.

දැනට හදුනා ගනු ලැබූ දුරියෝ විශේෂ 30ක් පවතින අතර ඒවායින් 9ක පමණ ආහාරයට සුදුසු ඵල හට ගනි. අන්තර්ජාතික වෙලදපොළේ දුරියෝ සිබෙතිනස් විශේෂය පමණක් දැකිය හැකි වන අතර, අනෙකුත් විශේෂ දේශීය වශයෙන් අලවි කරනු ලැබේ. දුරියන් උප විශේෂ([1]) සියයක් පමණ පවතින අතර පරිබෝගිකයන් සමහර උප විශේෂ සදහා වැඩි මනාපයක් දක්වන නිසා ඒවයේ මිල ඉහළ අගයක් ගනි.

විශේෂ සංස්කරණය

 
බොහෝ විට දිවා කාලයේදි දුරියන් පුශ්පය මුකුලිතව පවති.
 
මිනිස් උසට සපේක්ශව පැගිරි වයසේ දුරියන් ශාකයක්. හොදින් වැඩුනු ශාකයක් මිටර 50ක්(අඩි 164ක්) පමණ වේ.

දුරියන් ශාක විශාල වන අතර එහි වර්ගය අනුව මිටර 25ත් 50ත් (අඩි 80ත් 164ත් ) අතර වර්ධනයක් දක්නට ලැබේ. සෙන්ටිමිටර 8ත් 10ත් අතර සදාහරිත පත්රව ඉලිප්සාකාරයේ සිට දිගටි ආකාරය තෙක් දක්නට ලැබේ. විශාල දුරියන් අතු වල හා එහි කදෙහි දුරියන් පුශ්ප 3ත් 30ත් අතර පොකුරු හට ගන්නා අතර සෑම පුශ්පයක්ම පුශ්ප කෝශයක්න්(මනි පත්ර්) හා පත්රප 5කින් සමන්විත වේ. දුරියන් ශාකයකට වසරකට මල් වාර 1ක් හෝ 2ක් පවතින අතර, ශාකයේ කුලය, ප්‍රභේදය හ ප්‍රදේශය අනුව එහි කාලය වෙනස් වේ. සමන්යෙන් දුරියන් ශාකයකට වසර 4කට 5කට පසු ඵල දැරිමෙ හැකියව පවති. දුරියන් ශාකයෙ අතු වල හට ගන්න ඵල සමාන්යෙන් පරාගනයෙන් මාස 3කට පමණ පසු පරිණත බාවයට පත් වේ. මෙම ඵලයට දිගින් සෙන්ටිමිටර 30ක් (අගල් 12) ද, වට ප්‍රමානයෙන් සෙන්ටිමිටර15ක්(අගල් 6) ද බරින් කිලෝග්රැ ම් 1-3(රත්තල් 2-7) පමණ වන තෙක් වර්ධනය විමේ හැකියව පවති. ශාකයේ ප්‍රභේදය අනුව දුරියන් ඵලය දිගටි හො රවුම් ආකාරයක් ගන්නා අතර ලෙල්ල කොල සිට දුඹුරු පැහය දක්වාද, මදුළු ලා කහ සිට රතු පැහය දක්වද වෙනස් වේ. දුරියො ප්රපබේද 30ක් අතරින් 9ක් අහාරයට ගත හැකි ඵල හට ගන්න ප්ර6බේද ලෙස හදුනාගෙන තිබේ. ඒවා නම් ඩි. සිබෙතිනස්, ඩි. ඩුල්සිස් '(D. dulcis)', ඩි. ග්රැ.න්ඩිෆ්ලොරුස්' (D. grandiflorus)', ඩි. ග්රනවොලෙන්ස්, ඩි. කුටෙජෙන්සිස් (D. kutejensis), ඩි. ලොවිනස්, ඩි. මක්ර'න්ත, ඩි. ඔක්ස්ලෙයනුස්, සහ ඩි. ටෙස්ටුඩිනරම් (D. testudinarum) ය. සමහර ප්‍රබේදයන්ගේ ඵල කෙදිනකවත් නියමාකාරයෙන් පිරික්සිමකට ලක් කර නොමැති නිසා ඒවා අතරද අහරයට සුදුසු ඵල හට ගන්නා ශාක තිබිමේ හැකියාවක් පවති. දුරියන් පෙනුමෙන් කොස් ගෙඩියකට සමන වුවත් ඒවායේ ප්‍රබේද අතර සම්බන්ධතාවයක් දක්නට නොලැබේ.

දුරියන් නාමය මැලේ භාශාවෙන් කටුව හදුන්වන දුරි යන පදයට අන්(මැලේ භාශාවේදි නාම පදයක් සෑදිමේදි යොද ගන්නා පදයකි ) යන පසු ඇදිය එකතු විමෙන් සෑදි ඇත. දුරියො විශේෂ අතරින් ඩි. සිබෙතිනස් යන විශේෂය පමණක් වානිජ වශයෙන් වගා කරන අතර ආවේණික ප්‍රදේශයන්ගෙන් බැහැරව බහුල ලෙස දක්නට ලැබේ. මෙය විවුර්ථ පරාගනයට ලක් වු ප්රදබේදයක් නිසා එහි ඵලයෙ වර්ණය, ගන්දය, ප්‍රමාණය, මදුළු හා බීජයේ ප්‍රමාණය හා ශාකයේ ජිව සෘතුවෙ විශල වෙනස්කම් දක්නට ලැබේ. විශේෂ නාමකරණයෙදි සිබතිනස් යන්න ඉන්දියානු උරුලෑවා හැදින්විම සදහා විවෙරා සිබෙතා ලෙස යොද ගනී.

විශාල දුරියන් පුශ්ප මල් පැණියෙන් (nectar) යුක්ත වේ. එය තද පැඟිරි සුවඳක් පතුරවයි. මෙම ලක්ෂන නිසා මල් පැණි ආහාරයට ගන්නා වවුල් (bat) විශේෂ මගින් පුශ්ප පරාගණය විම සිදුවේ. 1970 වේ දී මැලේසියවේ සිදු කරනු ලැබු පරික්ෂණයකට අනුව දුරියන් සම්පුර්ණයෙන්ම පරාගණය වන්නේ පළතුරු වවුලන් (Eonycteris spelaea) මගින් බව කියවුනද, 1996 යේ දි කල අධ්යේයනයකින් ඩි. ග්රැeන්ඩිෆ්ලොරුස් සහ ඩි. ඔබ්ලොන්ගුස් යන විශේෂ ස්පයිඩර් හන්ටර්ස් (spiderhunter) මගින්ද ඩි. කුටෙජෙන්සිස් විශේෂය යෝධ මී මැස්සන් (giant honey bee) හා කුරුල්ලන් මගින් මෙන්ම වවුලන් මගින්ද පරාගණය වන බව හදුනා ගැනුනි.

උප විශේෂ සංස්කරණය

 
විවිධ දුරියන් උප විශේෂ වල විවිධ වර්ණ ප්‍රබේදයන් දක්නට ලැබේ. ඩි 101(දකුණ ) හි තද කහ පැහති මදුළු වල වර්ණයේ හා වම් පස ඇති ඵලයෙහි මදුළු වල වර්ණය අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබේ.

වසර සිය ගනනක් තිස්සෙ අග්නිදිග ආසියවේ හටගත් ශාකමය ක්ලොන මගින් අතිවිශාල දුරියන් උප විශේෂ ප්‍රමානයක් හටගෙන තිබේ. ඒවායේ උසස් තත්වයෙන් යුතු ඵල හට ගන්නා ලදි. නමුත් වර්තමනයෙදි අතු බැදිම හෝ වඩාත් බහුල ලෙස බද්දයන් මගින් ශාක ප්‍රචාරණය සිදු කරනු ලබේ. අන්කුර, පතුරු, කුන්ච්ච, U බද්දය වනි බද්ද ක්‍රම වලදි අහඹු ලෙස තෝරා ගන්නා ලද අනුජයකට ඒවා බද්ද කිරීම සිදු කෙරේ. විවිධ උප විශේෂයන් ඒවායෙ ඵල වල හැඩයේ, කටු වල හඩැයේ වෙනස්කම් අනුව තරමක් දුරට වෙනස් වේ. පරිබෝගිකයන් විශේෂයන් හා උප විශේෂයන් සඳහා දක්වන කැමත්ත වෙළඳපොලෙදි ඒවාට ඉහල මිලක් ලබා දිමට සමත්වේ.

බොහෝ උප විශේෂ සඳහා ඉංග්‍රීසි “ඩි” අකුරත් සමග සමාන්ය නාමයක් සහ කේත අංකයක් පවති. උදාහරණයක් ලෙස සමහර ප්‍රසිද්ධ ක්ලෝනයන් වන කෝප්(ඩි 99 ෆ්‍රොග් ) , චානී (ඩි123 ගිබන්), බෙර්සෙරහ් හෝ ග්‍රීන් දුරියන් හෝ ටන් මෙක් හිජව් (ඩි 145 ග්‍රින් දුරියන්), කන් යො (ඩි 158 ලෝන්ග් ස්ටෙම්), මොන් තොන්ග් (ඩි 159 ගෝල්ඩන් පිලෝ, ක්‍රඩම් තොන්ග් (ගෝල්ඩන් බට්න්) සහ සාමන්ය නමයන් නොමැති ඩි 24සහ ඩි 169 දැක්විය හැක. සෑම උප විශේෂයක්ම වෙනස් රසයකින් හා සුවඳකින් යුක්ත වේ. තයිලන්තය පුරා ඩි .සිබතිනස් විශේෂයේ උප විශේෂ දෙසියකට අධික ප්‍රමාණයක් පවති.

වානිජ වශයෙන් බොහෝ දෙනෙකු ප්‍රිය කරන්නේ මොන් තොන්ග් වලටය. එහි මෲදු මිහිරි මදුළු, සාපේක්ශව සුළු වශයෙන් වහනය වන සුවඳ සහ කුඩා බීජ මෙයට හේතු වේ. කෘමි උවදුරු වලට ප්‍රතිරෝධයන් දැක්විම හැකියාව අතින් ගත් කල චානෙ ඉහල ස්ථනයක වැජඹේ. තායිලන්තය පුරා ඇති උප විශේෂ අතරින් චානෙ, මොන් තොන්ග්, කන් යො, රන්ග් හ ක්‍රාඩම් යන වර්ග පහ වානිජමය වශයෙන් බහුල ලෙස වගා කරයි. 1920 දි මැලේසියවේ ලියපදිංචි කල උප විශේෂයන් 100ක් පැවති අතර 1992දි එම අගය 193ක් දක්වා වර්ධනය වි තිබුනි. මේවායින් උසස් තත්වයේ පවතින බොහෝ විශේෂයන් මැලේසියවේ වාර්ෂික කෘෂි කාර්මික, ගෙවතු වගා හා තෘණ විඩ්යා ප්‍රදර්ශනයන් වල පැවති තරඟ වලදි හදුනා ගත් ඒවායි. වියට්නාමයද මෙම ක්‍රියවලිය අනුගමනය කරමින් දක්ෂිණ පළතුරු පරේක්ෂණායතනය මගින් තරඟාවලි පවත්වයි. කැට් මවුන්ටන් කින්ග් ඉතා මෑතකදි ප්‍රචලිත වු ප්‍රබේදයකි.

තායි රජයේ විඩ්යන්නයෙකු වන සොන්ග්පොල් සොම්ශ්‍රි විසින් චන්ටබරි අංක1 නැමති දුරියන් වර්ගය නිපදවීම සදහ දුරියන් විශේෂයන් අනුවකට අධික ප්‍රමණයක් දෙමුහුන් කරන ලදි. තවත් දෙමුහුමක් වන චැන්ටබරි අංක 3, ඵලය ගසින් නෙලාගෙන දින තුනකට පමණ පසු එහි සුවඳ නිකුත් කරයි. එය අප්‍රසන්න ගන්ධයෙන් තොර ප්‍රවාහනයකට උපකාරි වන අතර ගන්ධයට දැඩිව ඇලුම් කරනා පරිබෝගිකයන් තෘප්තිමත් කිරිමටද සමත් වේ. 2012හේ මැයි මස 22 වැනි දින තායිලන්තයේ උත්තරාදිත් ප්‍රාන්තයේ අණ්ඩුකාරවරයා වන යොතින් සමුත්ක්‍රි විසින් සුපුරුදු ගන්ධයෙන් තොර තවත් උප විශේෂ දෙකක් හදුන්වා දෙන ලදි. ඔහු ලෙප්ලෑ දිස්ත්‍රික්කයේ වර්ශික දුරියන් පොළ සඳහා දින ප්‍රකාශ කරන කලය තුල මෙම උපවිශේෂ වැඩි දියුණු කල නිසා ඒවා ලොන්ග් ලෙප්ලෑ සහ ලීන් ලෙප්ලෑ ලෙස නම් කෙරුනා.


වගාව සහ ව්‍යාප්තිය සංස්කරණය

 
සිංගප්පුරුවේ දුරියන් වෙළඳ සැලක්
 
ඉන්දුනීසියාවේ සිරෙබෝන් හි අලවියට තබා ඇති දුරියන්.

දුරියන් බෘනේ, ඉන්දුනීසියාව සහ මැලේසියාවට උරුම පළතුරකි. එමෙන්ම දුරියන් පිලිපිනයට, විශේෂයෙන් මින්දනවෝ දිවයිනේ ඩාවෝ ප්‍රදේශයට ආවේනික පළතුරක්ද නැතහොත් හදුන්වදෙන ලද්දක්ද යන්න පිළිබඳව විවාදයන් පවතියි. සමාන දෙශගුණයක් සහිත අනෙකුත් ඝර්ම කලාපීය ප්‍රදේශ වලද දුරියන් වර්ධනය වන අතර සාමන්ය දයිනික උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 ( ෆැරන්හයිට් 72)ට වඩා අඩු වුවහොත් වර්ධනය අඩපන වේ.

ආහාරයට ගත හැකි දුරියො විශේෂ වලින් ඩි. සිබෙතිනස්, ඩි. දුල්සිස්, ඩි. ග්‍රෙවොලෙන්ස්, ඩි. කුටෙජෙන්සිස්, ඩි. ඔක්ස්ලෙයනස් සහ ඩි. ටෙස්ටුඩිනරම් යන වර්ග බොර්නියෝ වෙළඳපලේ දක්නට ලැබේ. බෘනේ හි පාරිබොගිකයන් ඩි. ග්‍රෙවොලෙන්ස්, ඩි. කුටෙජෙන්සිස් සහ ඪ්. ඔක්ස්ලෙයනුස් යන විශේෂ වලට කැමත්තක් දක්වන නිසා එහි ඩි. සෙබෙතිනස් විශේෂය වගා කරනු නොලැබේ. මෙම විශේෂයන් ඩි. ටෙස්ටුඩිනරම් සහ ඩි. දුල්සිස් යන විශේෂයන් සමග බෘනේ පුරා පැතිරී ඇති නිසා උසස් ජාන විවිධත්වයක් පෙන්නුම් කරයි.

දුරියන් තායිලන්තයට ආවේනික පළතුරක් නොවුවත් වර්තමානයේ එය ප්‍රධාන දුරියන් අපනයනකරුවෙකු බවට පත් වි තිබේ. 1999 යෙදි ලොකයේ දුරියන් නිශ්පාදනය ටොන් 1,400,000ක් වු අතර ඉන් ටොන් 781,000ක දායකත්වය තායිලන්තයෙනි. තායිලන්තය මින් ටොන් 111,000ක් තායිවානය, හොංකොං, මැලේසියාව සිංගප්පුරුව හා කැනඩාව යන රට වලට අපනයනය කරන ලදි. මැලේසියාව හා ඉන්දුනිසියාව ටොන් 265,000 බැගින් නිපදවු අතර මැලේසියාව මින් ටොන් 35,000ක් අපනයනය කළේය. ලෝක දුරියන් උළෙල සෑම වසරකම මැයි මාසයෙදි තායිලන්තයේ චැන්ටබරි හිදි පැවත්වේ. මෙම ප්‍රදේශයෙන් පමණක් තායිලන්තයේ දුරියන් නිශ්පාදනයෙන් අර්ධයකට වැඩි ප්‍රමාණයකට දායකත්වය සැපයේ. ඩාවෝ කලාපය පිලිපීනයේ දුරියන් වගවේ මර්මස්ථානයයි. මෙහි වාර්ෂිකව කඩයවන් නැමති දුරියන් උළෙල පැවැත්වේ. මේ හැරුනුවිට කාම්බෝජය, ලාඕසය, වියට්නාමය, මියන්මාරය, ශ්‍රි ලංකාව, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, ෆ්ලොරීඩාව, හවායි, පැපුවා නිව්ගිනියාව, පොලිනේසියානු දුපත්, මැඩගස්කරය, දකුණු චීනය, උතුරු ඕස්ට්‍රේලියාව හා සිංගප්පුරුවද දුරියන් වගා කරයි.

 
කැලිෆෝනියානු වෙළඳපොලේ විකිණිම සඳහා ශිතකරණයෙන් පිටතට ගන්නා ලද මලු වල ඇසිරු දුරියන්.

1960 ටේ මුල් බාගයේදි දුරියන් ඕස්ට්‍රේලියාවට හදුන්වා දෙන ලදි. පසුව ඩි සිබෙතිනස් ක්ලෝන තිහකට අධික ප්‍රමණයක් සහ දුරියො විශේෂ හයක් හදුන්වා දෙන ලදි. 1999දි දුරියන් ටොන් 65,000ක් ආනයනය කල චීනය ප්‍රධානම දුරියන් ආනයනකරුයි. එම වසරේදිම සිංගප්පූරුව ටොන් 40,000ක් ද, තායිවානය ටොන් 5000ක් ද, ඇමෙරිකාව ටොන් 2000ක් ද, යුරෝපීය ප්‍රජාව ටොන් 500ක් ද අනයනය කරන ලදි.

 
නිරාවරණය වු බිජයක් සමග විකිණිම සඳහා ඇසුරුම් කරන ලද දුරියන් මදුළු.

දුරියන් ගස්ලබු වැනි වසර පුරාම දැකිය හැකි ඝර්ම කලාපීය පළතුරක් නොවන අතර වසරේ විශේෂ කාලයකදි පමණක් දැකිය හැක. සාමන්යෙන් මැලේසියානු අර්ධද්වීපයේ හා සිංගප්පූරුවේ ජූනි සිට අගෝස්තු දක්වා කාලය දුරියන් වාරය වන අතර එම කාලය මැංගුස්ටීන් වාරයද වේ. අනෙකුත් පළතුරු වලට සාපේක්ෂව දුරියන් හි මිල ඉහල අගයක් ගනු ලැබේ. උදාහරණයක් ලෙස සිංගප්පූරුවෙදී ඩි 24, සුල්තන්, සහ මවෝ ෂැන් වැන් වැනි ප්‍රමිතියෙන් උසස් උප විශේෂ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර, එම නිසා සමන්යෙන් දුරියන් කිලෝග්‍රෑමයක සිල්ලර මිල සිංගප්පූරු ඩොලර් 8ත් 15ත් (ඇමෙරිකානු ඩොලර් 5ත් 10ත් ) අතර අගයක් ගනී. එවිට දුරියන් ගෙඩියක සාමන්ය බර කිලෝග්‍රෑම් 1.5ක්(රත්තල් 3.3) වන නිසා, දුරියන් ගෙඩියක් සඳහා සිංගප්පූරු ඩොලර් 12ත් 22ත්(ඇමෙරිකානු ඩොලර් 8ත් 15ත්) අතර මුදලක් වැය කිරිමට සිදුවේ. නමුත් “මදුළු” ලෙසින් හදුන්වන දුරියන් ගෙඩියෙහි ආහාරයට ගත හැකි කොටසෙහි ප්‍රමාණය මුළු දුරියන් ගෙඩියෙන් සියයට 15ත් 30ත් පමණ වේ. එසේ වුවත් බහුතර සිංගප්පූරු පරිබෝගිකයන් තම ප්‍රියතම දුරියන් මිලදි ගැනීම සඳහ වරකට සිංගප්පූරු ඩොලර් 75ක්(ඇමෙරිකානු ඩොලර් 50) පමණ වැය කිරීමට මැලි නොවෙති.

දුරියන් වාරයෙදි ජපානයේ ප්‍රධාන පෙලේ වෙළඳ සැල් වලද බටහිර රට වල ආසියානු වෙළඳසැල් වලද දුරියන් විකුණනු ලැබේ.


රසය සහ සුවඳ සංස්කරණය

 
සිංගප්පූරුවේ මාස් රැපිඩ් ට්‍රාන්සිට් හි දුරියන් තහනම් බව හඟවන සලකුණක්.

දුරියන් රසය සහ සුවඳ බොහෝ මිනිසුන් තුල ගැඹුරු ප්‍රසාදයක සිට තදබල පිළිකුලක් දක්වා වු විවිධ අදහස් හා හැගීම් ක්ශණිකයෙන් ඇති කිරීමට සමත් වේ. 1856යේ දී බ්‍රිතාන්ය ජාතික පෝෂණවෙදියෙකු වු ඇල්ෆ්‍රඩ් රුස්සෙල් වොල්ලස් විසින් දුරියන් රසය පිළිබදව පහත දැක්වෙන සවිස්තරාත්මක කියමන ඉදිරිපත් කරනු ලැබුවේය.


ඉදුනු බව සහ තෝරා ගැනිම සංස්කරණය

ඉතිහාසය සංස්කරණය

භාවිතයන් සංස්කරණය

ආහාර පිසීම සංස්කරණය

පෝෂණය සහ ඖෂධ සංස්කරණය

ඇදහිලි සහ විශ්වාස සංස්කරණය

සංස්කෘතික බලපෑම සංස්කරණය

  1. "Durio L." Germplasm Resources Information Network. United States Department of Agriculture. 2007-03-12. සම්ප්‍රවේශය 2010-02-16.
"https://si.wikipedia.org/w/index.php?title=දුරියන්&oldid=371393" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි