දුක් ඉරිදා යනු, චතාරික සමයෙහි පස්වන ඉරිදා මෙන්ම හයවන ඉරිදා සඳහාද භාවිතා වී ඇති නමකි.

ජර්මනියේ, බාඩන් වටම්බර්ග්හී, ටන්හයිම්හී, ශුද්ධවූ මාටින් මීසම් පල්ලියෙහි, දුක්ප්‍රාප්ති-සමය සඳහා කුරුස සුරුවම ආවරණය කර ඇති අයුරු.

චතාරික සමයෙහි හයවන ඉරිදා සංස්කරණය

සංක්ෂිප්ත ශුභාරංචි අතුරින් එකක ක්‍රිස්තුන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය පිළිබඳව විස්තර වන සිද්ධියක්, එම දිනයෙහි පවත්වනු ලබන දිව්‍ය පූජාව තුලදී කියවනු ලැබුවද, රෝමානු සම්ප්‍රදායෙහිදී , "දුක් ඉරිදා" යන නම නිල වශයෙන් කිසි විටෙක චතාරික සමයෙහි හයවන ඉරිදා දිනය සඳහා භාවිතා කර නොමැත. 1969 වසර දක්වා, කියවනු ලැබූ සිද්ධිය සැමවිටම ශුද්ධවර මතෙව් තුමාගේ ශුභාරංචිය වෙතින් ගත්තක් විය: 1954 වන තුරු, සම්පූර්ණයෙන් 26 සහ 27 පරිච්ඡේද (Matthew 26:1-27:66)[1], එනමුත් 1955 සිට Matthew 26:36-27:60 දක්වා අඩු කරන ලද අතර, එහ දිනයෙහි දෙවන හෝ තෙවන වතාවට දිව්‍ය පූජාව පවත්වන පූජා ප්‍රසාදි වහන්සේලා සඳහා, Matthew 27:45-52 පමණක් නියම විය.[2] 1970 වසරෙහි සිට, රෝමානු පූජා පොතෙහි ඇතිවුනු සංශෝධනය විසින් ඉදිරිපත් කෙරුණු තුන්-වසර චක්‍රය මගින්, මතෙව් (26:14–27:66 හෝ 27:11-54), මාර්ක් (14:1–15:47 හෝ 15:1-39) සහ ලූක් (22:14–23:56 හෝ 23:1-49 යන පාඨයන් අනුයාත වසර තුලදී කියවනු ලැබෙයි.[3]

චතාරික සමයෙහි පස්වන ඉරිදා සංස්කරණය

1959 වසර වන තුරු, චතාරික සමයෙහි පස්වන ඉරිදා හැඳින්වුනේ දුක් ඉරිදා ලෙසිනි.[4] දුක්ප්‍රාප්ති-සමය ලෙසින් හැඳින්වෙන සහ, තවමත් ප්‍රොතෙස්තන්තවාදයෙහි බොහෝ නිකායයන් සහ සමහරක් සම්ප්‍රදායවාදී කතෝලිකයන් විසින් සමරනු ලබන, සති-දෙකක්-දිගු කාලසීමවක ආරම්භය මෙය විසින් සනිටුහන් කරයි. 1960 වසරෙහිදී, විසිතුන්වන ජුවාම් පාප්වහන්සේගේ දිව්‍ය පූජාමය නීති පද්ධතියෙහි, මෙම ඉරිදා දිනයට භාවිතා වන නම ලෙසින් "දුක්ප්‍රාප්තියෙහි පළමු ඉරිදා දිනය"[5] ලෙසින් වෙනස් කිරීමෙන්, පස්වසරකට පෙර, දොළොස්වන පයස් පාප්වහන්සේ විසින්, චතාරික සමයෙහි සයවන ඉරිදා දිනයට ලබා දුන්, "දුක්ප්‍රාප්තියෙහි දෙවන ඉරිදා දිනය හෝ ගොබ් ඉරිදා" යන නම හා සුසංවාදයක් ඇති කරයි.

හයවන පාවුළු පාප්වහන්සේගේ 1969 වසරෙහි සංස්කරණය වෙතින්, චතාරික සමයෙහි පස්වන ඉරිදා දිනයෙන් ඇරඹුනු දුක්ප්‍රාප්ති-සමය සහ චතාරික සමය අතර පැවති විලක්ෂණයක් (අතිච්ඡාදනය සහිතව වුව) ඉවත් කෙරිණි. 1960 වසරෙහි දිව්‍ය පූජාමය නීති පද්ධතියෙහි ඉපැහැදිලිව දැක්වෙන මෙම විලක්ෂණය,[6] විසින් එය එම කලට පෙර සිට පැවතුනක් බව දක්වයි.

ආශ්‍රිත සංස්කරණය

  1. මිසලෙ රෝමානුම්, 1920 ආදර්ශක සංස්කරණය සංරක්ෂණය කළ පිටපත 2020-03-01 at the Wayback Machine, පිටු. 179-185
  2. මිසලෙ රෝමානුම් 1962 සංරක්ෂණය කළ පිටපත 2020-02-15 at the Wayback Machine, පිටු. 137-140
  3. රීඩිංස් ෆො ද සන්ඩේස් ඔෆ් ලෙන්ට්
  4. ඩොමිනිකා ඩි පැසියොනෙ - මිසලෙ රෝමානුම්, 1920 ආදර්ශක සංස්කරණය සංරක්ෂණය කළ පිටපත 2020-03-01 at the Wayback Machine, පි. 156
  5. ඩොමිනිකා වුනුස් පැසියොනිස් - මිසලෙ රෝමානුම් 1962 සංරක්ෂණය කළ පිටපත 2020-02-15 at the Wayback Machine, පි. 118
  6. දිව්‍ය පූජාමය නීති පද්ධතිය විසින්, චතාරික සමය (ටෙම්පුස් ක්වඩ්රගෙසීමාලේ) තුල දුක්ප්‍රාප්ති-සමය (ටෙම්පුස් පසියෝනිස්) අඩංගු වන බවක් පැවසුවද, එවිටම, චතාරික සමය හා දුක්ප්‍රාප්ති-සමය අතර වෙනස අනායත ලෙසින් (ටෙම්පුස් ක්වාඩරගියෙසිමයි) දක්වයි.
"https://si.wikipedia.org/w/index.php?title=දුක්_ඉරිදා&oldid=592295" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි