දීපංකර බුද්ධ ප්‍රතිමාව

දීපංකර බුද්ධ ප්‍රතිමාව හෙවත් සෙම්පගා බුද්ධ ප්‍රතිමාව[1] යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 2වන සියවසට අයත් යැයි සැලකෙන ඉන්දුනීසියාවෙන් හමුවූ පැරණිතම බුද්ධ ප්‍රතිමාවයි. ලෝකඩ මාධ්‍යයෙන් නිමවන ලද මෙම සිටි බුද්ධ ප්‍රතිමාව 2018 දී, ඉන්දුනීසියාවේ ජාතික සංස්කෘතික උරුම වස්තුවක් ලෙස නම්කරන ලදී.[2]

දීපංකර බුද්ධ ප්‍රතිමාව
ඉන්දුනීසියාවේ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති දීපංකර බුද්ධ ප්‍රතිමාව
දීපංකර බුද්ධ ප්‍රතිමාව is located in ජකර්තා
දීපංකර බුද්ධ ප්‍රතිමාව
දීපංකර බුද්ධ ප්‍රතිමාව
නාමාවලියNo. Inv. 6057
වර්ගයජාතික
නිමිතිකරණයඉන්දුනීසියානු සංස්කෘතික උරුමය (9 ජූලි 2018)
පිහිටීමඉන්දුනීසියාවේ ජාතික කෞතුකාගාරය, ජකර්තා
ඛණ්ඩාංක6°10′35″S 106°49′10″E / 6.1763968°S 106.8194014°E / -6.1763968; 106.8194014ඛණ්ඩාංක: 6°10′35″S 106°49′10″E / 6.1763968°S 106.8194014°E / -6.1763968; 106.8194014
වෙබ්අඩවියජාතික කෞතුකාගාරය

මෙම දීපංකර බුද්ධ ප්‍රතිමාව ඉන්දුනීසියාවේ හින්දු-බෞද්ධ රාජධානිය තුළ නිර්මාණය වූවක් නොවන බැව් පෙනේ. එය ඉන්දියානු නාවිකයන් විසින් සුලවේසි වෙත රැගෙන එන්නට ඇත. මෙය ක්‍රි.ව. 2වන සියවසේ සිට 5වන සියවස දක්වා දකුණු ඉන්දියාවේ අමරාවතී ගුරුකුලයෙහි නිර්මාණය වූ බුද්ධ ප්‍රතිමා සමඟ සමානත්වයක් පෙන්වයි. සුලවේසි ප්‍රදේශයෙන් මෙම බුද්ධ ප්‍රතිමාව හමුවීම තුළින් එය එකල විදේශ වෙළඳාමෙහි වැදගත් මධ්‍යස්ථානයක් වූ බැව් පෙනේ.[2][3]

බර්නට් කෙම්පර්ස් අනුව, මෙම බුද්ධ ප්‍රතිමාව සොයාගන්නා ලද්දේ 1921 දී, බටහිර සුලවේසි පළාතේ වෙරළ තීරයේ මමුජු නගරයට උතුරින් වූ සෙම්පගා නම් ගම්මානයෙනි. එකල මෙම ප්‍රතිමාව ජකර්තාව වෙත රැගෙන ගොස් බතාවියාෂ් ජෙනූට්ෂැප් වැන් කුන්ස්ටන් එන් වෙටෙන්ෂැපෙන් කෞතුකාගාරයෙහි තැන්පත් කරන ලදී. මෙම කෞතුකාගාරය වර්තමානයෙහි ඉන්දුනීසියාවේ ජාතික කෞතුකාගාරය ලෙස නම්කොට තිබේ.[4] මෙම කෞතුකාගාරයෙහි ඇති ප්‍රතිමා එකතුව අතුරින් මෙම දීපංකර බුද්ධ ප්‍රතිමාව ඉතා පැරණි යැයි සැලකේ.[3]

විස්තරය සංස්කරණය

මෙම ප්‍රතිමාවෙහි සම්පූර්ණ උස 58 cm වේ. මෙම ප්‍රතිමාව මුලින් සොයාගන්නා විටත්, එහි වම් කන සහ නාසයට හානි වී තිබිණි. 1931 දී, මෙම ප්‍රතිමාව ප්‍රංශයේ පැරීසියේ අන්තර්ජාතික යටත්විජිත ප්‍රදර්ශනයෙහි ප්‍රදර්ශනය කෙරිණි. කෙසේනමුත්, 1931 ජූනි 28 දින ඇතිවූ ගින්නකින් මෙම ප්‍රතිමාවේ පාද කැඩීගිය අතර, දකුණු සහ වම් හස්තයන් මැණික් කටු අසලින් කැඩීගොස් තිබේ.[2]

නිර්මාණය සංස්කරණය

මෙම ප්‍රතිමාව නිර්මාණය කොට ඇත්තේ "ඉටි මැකුම් වාත්තු ක්‍රමය" භාවිතා කරමිනි. එහිදී මූලාකෘතිය ඉටිවලින් තනා එය මැටියෙන් ආවරණය කොට ඒ තුළට ලෝහය වත්කරනු ලබයි.[2]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Berita antropologi (ඉන්දුනීසියානු බසින්). Facultas Sastra, Djurusan Antropologi, Universitas Indonesia. 1977.
  2. 2.0 2.1 2.2 2.3 PCBM, Dit (2017-11-20). "Arca Buddha Tertua Itu Kini Berstatus Cagar Budaya Peringkat Nasional". Direktorat Pelestarian Cagar Budaya dan Permuseuman (ඉන්දුනීසියානු බසින්). 2019-08-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-08-05. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  3. 3.0 3.1 Media, Kompas Cyber. "Museum Nasional Pamerkan Patung Buddha Tertua". KOMPAS.com (ඉන්දුනීසියානු බසින්). සම්ප්‍රවේශය 2019-08-05.
  4. "Sistem Registrasi Nasional Cagar Budaya". cagarbudaya.kemdikbud.go.id. සම්ප්‍රවේශය 2019-08-05.

බාහිර සබැඳි සංස්කරණය