ද්වාරය සාකච්ඡාව:ඉතිහාසය/උපද්වාර

Latest comment: වසර 12කට පෙර by අනංගයා

අනංගයා මහතා ඉතා ජාති හිතේෂි ආකාරයට ද්වාර නම් යොදා තිබෙනවා. ඒවාට අනුරූප රූප යෙදුවොත් හොඳයි. තව කාරණයක් තියෙනවා. ද්වාර හදලා ලිපි ලියන්නේ නැහැ මම දන්න විදිහට. මුලින්ම ලිපි ලියනවා. ඊට පස්සේ ඒවා ප්‍රවර්ග ගත කරනවා. ඊට පස්සේ මෙම ප්‍රවර්ග සහ ලිපි ද්වාර ගත කරනවා. මේ ඔක්කොම කරන්නේ පාඨකයාට ලිපි හොයා ගන්න පහසු කරවන්න. දැන් ප්‍රශ්නය අනංගයා මහතා ‍එක් කල ද්වාර පුරවන්න තරම් ප්‍රවර්ග තියෙනවද ඒ ප්‍රවර්ග පුරවන්න තරම් ලිපි තියෙනවද යන ගැටළුව. අනෙක් අතට ඉතිහාසය කියන්නේ ලංකාවේ ඉතිහාසය පමණක් නොවෙයි. අපි පටු විදිහට ඒ තරම් ජාති මාමක විය යුතු නැහැ. මේ විකිය දැනුම් සම්භාරයක්. ලෝක ඉතිහාසය කියන්නෙත් දැනුම් ගොන්නක්. ඒ ගැන ලිපි පරිවර්තනය කලාට නුසුදුසු නැහැ. ඊට අමතරව ලංකා ඉතිහාසය ගැන ද්වාර මෙයට එක් කරමු. ලංකා පමණක් නොවේ පෙරදිග අනෙක් රටවල් ගැන චීනය, ඉන්දියාව, මලයාසියාව, ජපානය ..ගැන ද්වාර එක් කරමු. නමුත් ද්වාර වලට කලින් ලිපි එන්න ඕන. යුරෝපීය/ඇමරිකානු ඉතිහාසය ගැන දැනටමත් ලිපි තිබෙනවා. ඒවා පාඨකයාට ලබා දීම පාපයක් නොවේ. --- සුරනිමල (talk) 09:48, 27 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

ඔබත් එක්ක එකඟයි. මං හිතං ඉන්නේ ඉතිහාසය ගැන ලිපි ටිකක් පුළුවං විදිහට හදන්න​. ඒකයි පොඩ්ඩක් ඉතිහාස දොර දිහා බැලුවේ. ලෝකේ ගැන හිතන්න ඉස්සෙල්ලා අපේ ඉතිහාසය ගැන ලියලා ඉන්න ඕන​. ඔයා උපද්වාර ටික ගෙනා නිසයි ඒවා අපිට ගැළපෙන විදියට හැදුවේ. අනිත් එක ඒ මාතෘකා සම්බන්ධ ලිපි හැදුනොත් විකිය පාසල් සිසුන් හා ගුරුවරුන් අතර ප්‍රචලිත කරන්න පුළුවන්. උපද්වාර දැන්ම පිළිවෙළක් කරන්න මගේ අදහසක් නෑ. ද්වාරයක් පවත්ව ගෙන යන්න තරම් පිරිසකුත් නෑ. යුරෝපා ඉතිහාසය ගැන ද්වාර අවශ්‍ය පරිදි එකතු කරන්න​. එකේ අවුලක් නෑ. ඉතිහාස ලිපි ටික දියුණු කරන වැඩේට පුළුවන් විදියකට සහය දෙන්න කියලා සුරනිමලගෙන් මම ඉල්ලා සිටිනවා. ඔබගේ අදහස්වලට ස්තූතියි! නංගයා මතන්න 10:08, 27 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
Return to "ඉතිහාසය/උපද්වාර" page.