ද්වාරය:පරිගණක විද්‍යාව

This portal at under-contraction.


සංස්කරණය  මුර කිරීම  

පරිගණක විද්‍යා ද්වාරය

intro

සංස්කරණය  මුර කිරීම  

තෝරාගත් ලිපිය

ගොනුව:Desktop computer.jpg


පරිගණකය



හැදින්වීම


වැඩසටහනක් මගින් දෙන නියමයන්ට අනුකූලව ගණනය කිරීම්, විද්‍යුත් සන්නිවේදනය ආදී කටයුතු ඉශ්ඨ කරන යන්ත්රය පරිගණකයයි. මෙම පරිගණක වැඩසටහන් සාමාන්‍යයෙන් පරිගණකය තුල තැම්යත් වී ඇති අතර ඒවා පරිගණකයේ විද්යුත් පරිපථ මගින් නැවත නැවත සැකසීමට භාජනය වේග වැඩසටහන් ප්රතිඵල තැම්පත් වීම හෝ වෙනත් තැනකට යැවීම සිදු‍වේ. උදාහරන ලෙස රූප දර්ශකයට(Monitor) හෝ ‍ මුද්රණ යන්ත්රයට(Printer) යැවීම ගතහැක. පරිගණකය විවිධත්වයෙන් යුතු ක්රියාවන් විෂ්වාස කල හැකි ලෙස, නිවැරදිව හා ඉක්මනින් සිදුකරයි.


පරිගණක වල ප්රයෝජන


මිනිසුන් මෙම පරිගණක විවිධ අයුරින් භාවිත කරයි. ව්‍යාපාර කටයුතු වලට, මුදල් සම්බන්ධ කටයුතුල උදාහරන ලෙස බැංකු කටයුතු, ඉලෙක්ට්රොනික මුදල් ගෙවීම් ආදිය ගත හැක. නිවාස කටයුතු වලදී ඉලෙක්ට්රොනික පරිපථ තුලට කුඩා පරිගණක ඇතුලත් කර ඇත. උදාහරන ලෙස නිවාස ඇතුලත උෂ්ණත්වය පාලණය කරන උපකරණ, නිවසේ ආරක්ෂක පද්ධතිය, වෙලාව පැවසීම, VCR වැනි උපාංග ක්රියාත්මක කිරීම හා නිවාදැමීම ගතහැක. වාහන වල අඩංගු පරිගණක කාර්යයන් වලට උදාහරන නම්, තෙල් ගලායාම පාලනය, ESP වැනි නවීන ක්රම පාලනය, උෂණත්වය පාලනය, අනතුරු ඇගවීම, හා ආරක්ෂක පද්ධතිය පාලනය ගතහැක. මීට අමතරව පරිගණකය මිනිසාගේ විනෝදාස්වාද කටයුතු වලදීද පුරයෝජනවත් වේ. නවීන ගුවන් විදුලි යන්ත්ර ක්රියාත්මක කිරීම, CD තැටිවල ඇති දෑ කියවීම, රූපවාහිනී යන්ත්ර වල රූප සැනසීම ඒවාට උදාහරන වේ. මීට අමතරව පරිගණක වැඩසටහන් හෝ මෘදුකාංග මගින් ඉගැන්වීමේ කටයුතු ද සිදුකළ හැක. ඕනෑම වයසක සිසුන්ට ඉගැන්වීමට මෙය භාවිතා කළ හැක.

ගොනුව:UseOfComputer.jpg

වචන එකතු කර වාක්‍ය සෑදීමේ සිට සංකීර්ණ ගණිත ගැටලු විසදීම දක්වා පුලුල් පරාසයකට මෙය විහිදේ. ගුරුවරුන් සිසුන් සමග සන්නිවේදනය කිරීමට මෙම පරිගණකය යොදාගනී. මෙහිදී විවිධ රූප, ශබ්ද, සජීවීකරන වැනිදේ භාවිතා කරයි. තවද විද්‍යා පර්යේශණ කටයුතු වලදී ගණිතමය ගැටළු විසදීම, සංකිර්ණ දත්ත විශ්ලේෂණය, ඉතාමත් වියදම් යන හෝ නිර්මාණයට අපහසු දේ වල ආකෘති නිර්මාණය, උදාහරන ලෙස ඉදිරි පරම්පරාවේ ගුවන් යානා වල ක්රියාකාරීත්වය පැහැදිලි කරගැනීම වැනි කටයුතු වලට පරිගණක තාක්ෂණය යොදාගනියි. යුධ කටයුතු වලදීද රහස් පණිවිඩ ආදිය නැවත කියවිය හැකි අිකාරයට නැවත පත්කරගැනීම, මිසයිල ආදිය යායුතු තැන නීර්ණය කරන පද්ධති ආදී නොයෙකුත් දේ වලට පරිගණක භාවිතා කරයි.


පරිගණක වැඩකරන්නේ කෙසේද?


භාහිර පරිගණකය හා එහි කොටස් දෘඩාංග යන නමින් හදුන්වයි. මෙම පරිගණක දෘඩාංග වලට පරිගණක මතකය(දත්ත සහ පරිගණක මෘදුකාංග මතක තබාගන්නා කොටස), මූසිකය, යතුරු පුවරුව, වැනි පරිගණකයට දත්ත කවන උපාංග (Input Devices), සහ පරිගණක තිරය, මුද්රණ යන්ත්රය වැනි පරිගණකයෙන් දත්ත පිටට දෙන උපාංග (Output Devices), පරිගණක දෘඩාංග එකිනෙකට සම්බන්ධ කරන දේ (Buses), ආදිය ඇතුලත් වේ. පරිගණකය ක්රියා කරවන වැඩසටන් මෘදුකාංග වශයෙන් හදුන්වයි. මෙම මෘදුකාංග සාමාන්‍යයෙන් නිර්මාණය කර තිබෙන්නේ යම්කිසි විශේෂ කාර්යයක් සිදුකිරීමටයි. උදාහරන ලෙස කාරයක් වර්ණගන්වන රොබෝ අතක් පාලනය, ලියුම් ලිවීම, ඡායාරූප සංස්කරනය හා ඉදිරිපත් කිරීම හා පරිගණකයේ සාමාන්‍ය කටයුතු පාලනය කිරීම ගතහැක.


මෙහයුම් පද්ධතිය



පරිගණකයට විදුලිය සපයා ආරම්භ කළ පසු ඒය පරිගණක මතකය තුල ඇති නියමයන් සෙවීම පටන්ගනී. මෙම නියමයන් පරිගණකය පටන්ගතයුතු ආකාරය දක්වයි. සාමාන්‍යයෙන් මෙම පළමු නියමයන් ඇතුලත් විශේෂ පරිගණක මෘදුකාංගය මෙහෙයුම් පද්ධතිය වශයෙන් හදුන්වයි. මෙම මෙහයුම් පද්ධතිය පරිගණක පරිශිලකයා‍ට හෝ පරිගණක උපාංග වලට, පරිගණකයට ඇතුල් කළයුතු දේ සහ විධානයන් මතක්කර දෙයි. එමෙන්ම මෙම විධානයන්ගේ ප්රතිඵලය වාර්ථාකරයි, දත්ත සුරැකීම හා හැසිරවීම සිදුකරයි, එමෙන්ම මෘදුකාංග හා දෘඩාංග ක්රියාවන් වල අනුක්රමනය පාලනය කරයි. පරිශීලකයා යම් මෘදුකාංගයක් ක්රියාකිරීමට විධාන කළ විට, මෙහයුම් පද්ධතිය එම වැඩසටහන පරිගණක මතකයට ගෙන ක්රියාත්මක කරයි. ජනප්රිය මෙහයුම් පද්ධති වන Microsoft Windows, Machintosh System(Mac OS) වලට රූපාත්මක අතුරු මුහුනත් (GUI-Graphical User Interface)ඇත. මෙම අතුරු මුහුනතක් කුඩා පින්තූර හෝ අයිකන වලින් සමන්විත වන අතර ඒවා මගින් පරිගණකයට විධාන දීමට හා විවිධ ලියවිලි විවෘත්ත කරගත හැක. මූසික දර්ශකය (Mouse Pointer) එම අයිකන වෙතට ගෙනගොස් එබීම මගින් හෝ යතුරු පුවරුවේ යතුරු කීපයක එකතුවක් මගින් සිදුකළ හැක. සමහර මෙහයුම් පද්ධති මෙම විධාන, හඩ, ස්පර්ශය හා වෙනත්, පරිගණකයට දත්ත කවන උපාංග මගින් දීමට පහසුකම් සලසා ඇත.


Edited by : Isuru Samaradiwakara

සංස්කරණය  මුර කිරීම  

තෝරාගත් පින්තූරය

සංස්කරණය  මුර කිරීම  

විශේෂාංග ලිපිය

සංස්කරණය  මුර කිරීම  

ඔබ දැන සිටියාද ?