ද්ව්‍යංගි සංයෝගය
ද්ව්‍යංගි සංයෝගයක් යනු, වෙනස් මූලද්‍රව්‍යයන් දෙකක් පමණක් සහිත රසායනික සංයෝගයකි.[1][2] ද්ව්‍යංගි අයනික සංයෝගයන්ට නිදසුන් අතර, කැල්සියම් ක්ලෝරයිඩ් (CaCl2), සෝඩියම් ෆ්ලෝරයිඩ් (NaF) සහ, මැග්නීසියම් ඔක්සයිඩ් (MgO) පවතින අතර, ද්ව්‍යංගි සහසංයුජ සංයෝගයන්ට නිදසුන් අතර ජලය (H2O) සහ, සල්ෆර් හෙක්සාෆ්ලුවොරයිඩ් (SF6) වෙයි.
ද්ව්‍යංගි අම්ල
සංස්කරණයහයිඩ්රජන්හී ද්ව්‍යංගි සංයෝග කාණ්ඩයෙහි, ද්ව්‍යංගි අම්ලයක් වෙත අඩංගු වන්නේ, දර්ශීය ලෙසින් ආවර්තිතා වගුවෙහි 17වන කාණ්ඩයෙහි පවතින අනෙකුත් පරමාණුවක් හා බැඳි හයිඩ්‍රජන් පරමාණුවකි. මේවා අතර, ක්ලෝරින්, ෆ්ලුවොරීන්, බ්‍රෝමීන්, අයඩීන්, සහ ඇස්ටටීන් වෙති. සල්ෆර්, ටෙලුරියම්, පෝලෝනියම්, සෙලිනියම්, සහ ආසනික් වැනි අනෙක්වාද අඩංගු වෙති.
නාමකරණ සම්මතය මෙලෙස වෙයි:
“හයිඩ්‍රො-” + අලෝහය + “-ඉක්” + “අම්ලය”
නිදසුනක් වන්නේ HCl: හයිඩ්‍රොක්ලෝරික් අම්ලය.
අම්ලය පවතින්නේ වායුමය ආකාරයෙහි හෝ නිර්ජලීය ආකාරයෙහි හෝ වෙයි නම්, "-ඉක්" යන්න වෙනුවට "-අයිඩ්" යන්න ආදේශ කර "අම්ලය" උපසර්ගය ඉවත් කෙරෙයි.
ද්ව්‍යංගි සහසංයුජ සංයෝග
සංස්කරණයඅලෝහය X + අලෝහය Y + "-අයිඩ්."
සංයෝගයේ එක් අණුවක ඇති පරමාණු ගණන දැක්වීමට, එක් එක් මූලද්‍රව්‍යය නමට, සුදුසු ලතින් උපසර්ගය එක් කරන්න.[2] අයනික සංයෝග සම්බන්ධයෙන් මෙම ක්‍රමය සාමාන්‍යයෙන් භාවිතා කරනු නොලැබේ (පහත බලන්න). නිදසුනක් වශයෙන්, K2O යන්න සාමාන්‍යයෙන් ඩයිපොටෑසියම් මොනොක්සයිඩ් ලෙසින් හඳුන්වනු නොලැබේ; එය සරල වශයෙන් දැක්වෙන්නේ පොටෑසියම් ඔක්සයිඩ් ලෙසිනි. එය පොටෑසියම් ඔක්සයිඩ් ලෙසින් හැඳින්වීමට හේතුව වන්නේ පොටෑසියම් ඔක්සයිඩ් ද්ව්‍යංගි අයනික සංයෝගයක් වන් බැවින්, එය විසින් ද්ව්‍යංගි අයනික සංයෝග සඳහා නීති පිළිපදින බැවිනි. කෙසේවෙතත්, P4O6, යනු ටෙට්රාපොස්ෆරස් හෙක්සොයිඩ් වෙයි.
ද්ව්‍යංගි අයනික සංයෝග
සංස්කරණයද්ව්යංගි අයනික සංයෝගයක් යනු, කැටායනයක් (ධන ආරෝපණයක් සහිත) සහ ඇනායනයක් (සෘණ ආරෝපණයක් සහිත) ලෙසින් අයන දෙකක් පමණක් සංඝටක ලෙස සහිත වන්නාවූ ලවණයකි. මෙම සංයෝග නාමකරණයේදී, එහි සංයුතිය සලකා බැලිය යුතු වෙයි. 1 වර්ගයේ ද්ව්‍යංගි අයනික සංයෝග වන්නේ එහි කැටායනය එක් ආකාරයක් හෝ එක් ආරෝපණයක් හෝ ගත හැකි ඒවාය. 2 වර්ගයේ ද්ව්‍යංගි අයනික සංයෝග වන්නේ එහි කැටායනය බහු ආකාර සහිත විය හැකි ඒවාය.
- කැටායනය (බොහෝ අවස්ථාවලදී එය ලෝහයක් වෙයි) පළමුව ඇනායනය (බොහෝ අවස්ථාවලදී අලෝහයක් වෙයි) දෙවනුව ලැයිස්තුගත කෙරෙයි.
- කැටායනය විසින් එහි මූලද්‍රව්‍ය නාමය ගනියි. නිදසුනක් වශයෙන්, Li+ හැඳින්වෙන්නේ "ලිතියම්" වශයෙනි.
- ඇනායන නම විසින් එහි මූලද්‍රව්‍යය නමෙහි පළමු කොටස භාවිතා කරන අතර, ඉන්පසුව "-අයිඩ්" උපසර්ගය එක් කරයි. නිදසුනක් ලෙසින්, Br- හැඳින්වෙන්නේ "බ්‍රෝමයිඩ්" ලෙසිනි. නිදසුන්: LiF (Li+ කැටායනය සහ F− ඇනායනය වෙතින් සමන්විත) = ලිතියම් ෆ්ලුවොරයිඩ්. BaO (Ba2+ කැටායනය සහ O2- ඇනායනය වෙතින් සමන්විත) = බේරියම් ඔක්සයිඩ්.
භාවිතා කරන ලෝහ, Al3+, Zn2+, Ag+ හැර ආන්තරික ලෝහ වෙති.
- 1 වර්ගයේ ද්ව්‍යංගි අයනික සංයෝග සඳහා පියවර අනුගමනය කරන අතර, කැටායනය විසින් බහු ආරෝපණ දැරිය හැකි බැවින්, කැටායන නම කියාපෑමෙන් පසුව වරහන් තුල රෝමානු සංඛ්‍යාවලින් ආරෝපණය ලිවිය යුතුය. නිදසුන්: CoO (Co²+ කැටාවනය සහ O²- ඇනායනය වෙතින් සමන්විත) = කොබෝල්ට් (II) ඔක්සයිඩ්. FeN (Fe³+ කැටායනය සහ N³- ඇනායනය වෙතින් සමන්විත) = අයන් (III) නයිට්‍රයිඩ්
2 වර්ගයේ අයනික සංයෝග නාමකරණය සඳහා, එතරම් පොදු භාවිතයේ නොමැති තවත් ක්‍රමයක් පවතින බවට සටහන් කර ගන්න. කැටායනය සඳහා විකල්ප ලතින් නමක් භාවිතා කිරීම මෙහිදී ඇලලෙයි.
පොදුවේ භාවිතා වන 2 වර්ගයේ කැටායන අතර අයන්, කොපර්, කෝබෝල්ට්, ටින්, ලෙඩ්, සහ මර්කරි වෙති.
බහුපරමාණුක අයන සමගැති ද්ව්‍යංගි සංයෝග නාමකරණයේදී:
- කැටායනය පළමුවෙන් හා ඇනායනය දෙවනුව ලැයිස්තුගත කෙරෙයි.
- බහුපරමාණුක අයන නාම සිහිතබාගත යුතුය.
- අමතර උපසර්ග එක් කරනු නොලැබේ.
නිදසුන්: NaCN (Na+ කැටායනය සහ CN- බහුපරමාණුක ඇනායනය වෙතින් සමන්විත) = සෝඩියම් සයනයිඩ්. NH4CN (NH4+ බහුපරමාණුක කැටායනය සහ Cl- ඇනායනය වෙතින් සමන්විත) = ඇමෝනියම් ක්ලෝරයිඩ්
කැටායනය + ඇනායනය + "-අයිඩ්"[3] (නයිට්‍රයිඩ් වැනි තනි සංඝටක වලින් සමන්විත ඇනායන සඳහා)
බහු සංයෝග පැවතීම හැකි වන විට, කැටායනයක ඔක්සිකරණ තත්ත්වය එයට පසුව රෝමානු සංඛ්‍යා භාවිතයෙන් එක් කිරීම(කොපර් (II) සල්ෆයිඩ්) හෝ, -අස් හෝ -ඉක් උපසර්ගයක් හා සමග කැටායනයෙහි ශබ්ද-ප්‍රකෘතිය භාවිතය සිදු කෙරෙයි (කියුප්‍රික් සල්ෆයිඩ්).[3]
නිදසුන්
සංස්කරණය
ආශ්‍රිත
සංස්කරණය- ^ "බයිනරි කම්පවුන්ඩ්ස්". සම්ප්‍රවේශය 2010-02-25.
- ^ a b "නේමිං ඔෆ් බයිනරි කම්පවුන්ඩ්ස්". සම්ප්‍රවේශය 2010-02-25.
- ^ a b "බයිනරි අයනික් කම්පවුන්ඩ්ස්". සම්ප්‍රවේශය 2010-02-25.