The Problems of Philosophy - Bertrand Russell [1]

සංස්කරණය

රාණි සේනාරත්න රාජපක්ෂ විසින් පරිවර්ථිත මෙම ග්‍රන්ථය විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ප්‍රකාශනයකි. වර්ෂය 2008.

  1. පෙනීම හා තථ්‍යතාව Appearance and Reality;
  2. ද්‍රව්‍යයේ පැවැත්ම-The Existence of Matter;
  3. ද්‍රව්‍යයේ ස්වභාවය - The Nature of Matter;
  4. විඥානවාදය - Idealism;
  5. ආශ්‍රය ඥානය හා ශ්‍රැතමය ඥානය - Knowledge by Acquaintance and Knowledge by Description;
  6. උද්ගමනය - On Induction;
  7. සාමාන්‍ය මූලධර්‍ම පිළිබඳ අපේ ඥානය - On Our Knowledge of General Principles;
  8. ප්‍රාගානුභූතික ඥානය තිබිය හැක්කේ කෙසේද? - How A Priori Knowledge is Possible;
  9. සාමාන්‍යයන්ගේ ලෝකය - The World of Universals;
  10. සාමාන්‍යයන් පිළිබඳ අපේ ඥානය - On Our Knowledge of Universals;
  11. ප්‍රතිභාඥානය - On Intuitive Knowledge;
  12. සත්‍යය හා අසත්‍යය - Truth and Falsehood;
  13. ඥානය, විභ්‍රමය හා භව්‍ය මතය - Knowledge, Error, and Probable Opinion;
     
  14. දාර්ශනික ඥානයේ සීමා - The Limits of Philosophical Knowledge;
  15. දර්ශනයේ වටිනාකම - The Value of Philosophy;

වචන කෝෂය - Index

 
තථ්‍යතාව ‍යනු විද්‍යාවේත් ආගමේත් දර්ශනවාදයේත් සමස්ථ දැක්මයි.

කිසිම තර්කානුකූල පුද්ගලයෙකුට සැක කළ නොහැකි තරමට නියතවූ ඥානයක් මේ ලෝකයෙහි ඇත්ද? බැලූ බැල්මට දුෂ්කර යයි නොපෙනෙතත් මෙය ඉතාම දුෂ්කර ප්‍රශ්න කීහිපයෙන් එකකි. මීට සෘජු ස්ථීර පිළිතුරක් දීමට ඇති බාධා වටහාගත් විට අපි දර්ශනවාදය හදාරන්නට පටන් ගනිමු.(පරි 1, පි. 1)[2]

දර්ශනය හැදෑරිය යුත්තේ එහි ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු ලබාගැනීම උදෙසා නොවේ. මක්නිසාද යත්, කිසිම නිශ්චිත පිළිතුරක් සත්‍ය බව දැනගත නොහැකිය. එහෙයින් දර්ශනය හැදෑරිය යුත්තේ ඒ ප්‍රශ්න උදෙසාමය. මක්නිසාද යත්, සිදු විය හැක්කේ මොනවාද යන්න පිළිබද අපගේ විකල්පනය පුළුල් කිරීමටත් අපගේ බුද්ධිමය පරිකල්පනය සාරවත් කිරීමටත් විමර්ශනයට බාධා පමුණුවන අධානග්‍රාහී විශ්වාසයන් දුර්වල කිරීමටත් ඒ ප්‍රශ්න හේතු වන නිසාය. එහෙත් ඒ සියල්ලටම වඩා, දර්ශනය ඇසුරින් මෙනෙහි කරනු ලබන විශ්වය සතු ශ්‍රේෂ්ඨත්වය තුළින් මනසද උත්කෘෂ්ට භාවයට පත් වන නිසාය. ශ්‍රේෂ්ඨතම යහපත ගැබ්ව ඇති විශ්වය සමග ඒකීයත්වයට පත් වීමට මනසට හැකි වන නිසාය.(පරිච්ඡේදය 15, පි.153)[2]

පෙනීම හා තථ්‍යතාව Appearance and Reality

සංස්කරණය
 
පෙනීම හා තථ්‍යතාව

අපි මේසයක් කෙරෙහි අවධානය යොමු කරමු.. .සිත්තරාට අවශ්‍යවන්නේ වස්තූන් පෙනෙන ආකාරයයි (Appearance). ප්‍රායෝගික මිනිසාට සහ දාර්ශනිකයාට අවශ්‍යවන්නේ වස්තූන් ඇති ආකාරයයි (Reality)....දැකීමෙන්, ස්පර්ශයෙන් හෝ ශ්‍රවණයෙන් එක් වරම අත්දකින්නේ සැබෑ මේසයක් ඇත්නම් ඒ සැබෑ මේසය නොවන බව පැහැදිලිය. සැබෑ මේසය (සැබෑ මේසයක් ඇත්නම්) අපට එය කිසිසේත්ම එක් වරම දැනගත නොහැකිය. එය අප එක්වරම දැනගන්නා දේ-ඉන්ද්‍රිය දත්ත- ඇසුරෙන් අනුමාන-සංවේදනය- කළ යුක්තක් පමණකි. මේ අනුව ඉතා දුෂ්කර ප්‍රශ්න දෙකක් එක් වරම හටගනී.

  1. සැබෑ මේසයක් කොහෙත්ම තිබේද?
  2. තිබේ නම් එය කුමන ආකාරයේ වස්තුවක්ද?

මේසය ට භෞතික වස්තුවක් යැයි කියන අතර සියලුම භෞතික වස්තු ද්‍රව්‍ය යනුවෙන් හැදින්වේ.

අපේ ඉන්ද්‍රියයන්ට එක් වරම ගෝචර වන වස්තු අපෙන් ස්වාධීනව පවතින්නේ නැතැයි සැලකීමට හේතු ප්‍රබල ලෙස ඉදිරිපත් කළ ප්‍රථම දාර්ශනිකයා බර්ක්ලේ (1685-1753) නැමැති බිෂොප්වරයාය. විඥානවාදීහු චිත්ත චෛතසික හැරෙන්නට තථ්‍ය වූ කිසිවක් නැතැයි යන මතය දරා ඇත.

..මේ අනුව අප දන්නා එකම දෙය නම් එය (මේසය) අපට විද්‍යාමාන වන ආකාරය නම් නොවන බවය.

මීට ඔබ්බෙන් ඇති නිදහස් අනුමාන රාශියක් ඇත. ලයිබිනිස් එය ආත්ම වල සංයුතියකියි අපට කියයි. බර්ක්ලේ එය දෙවියන් වහන්සේගේ මනසේ ඇති අදහසකියි අපට කියයි. විශ්මය ජනක භාවයෙන් ඊට වඩා අඩු නැති විද්‍යාව, එය ඉමහත් වේගයෙන් චලනය වන විද්‍යුත් බලයන් විශාල ගණනක එකතුවකියි අපට කියයි...සංශය පවසන්නේ සමහර විට මේසයක් කොහෙත්ම නැතුවා විය හැකි බවයි.

බාහිර සබැඳි

සංස්කරණය

දර්ශනවිෂය පිළිබද මූලික හැදින්වීමක් සදහා බලන්න - දර්ශනය

සමුද්දේස:

සංස්කරණය
  1. ^ This early work by the British philosopher, mathematician and logician, Bertrand Russell. In The Problems of Philosophy, Russell sketches out his metaphysical and epistemological views in an introduction to the discipline. He explores the twin concepts of appearance and reality through the question Is there any knowledge in the world which is so certain that no reasonable man could doubt it? As an empiricist, Russell believed that all knowledge is ultimately derived from sensory perception. A comprehensive and informative look at the subject by a well respected writer that is thoroughly recommended for inclusion on the bookshelf of all philosophers and historians of the discipline.
  2. ^ a b දර්ශනවාදයේ ගැටලු, බ්‍රර්ට්‍රන් රසල්
"https://si.wikipedia.org/w/index.php?title=දර්ශනවාදයේ_ගැටලු&oldid=509458" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි