තොරතුරු විද්‍යාව හා තාක්ෂණික විශ්ව විද්‍යාලය

තොරතුරු විද්‍යාව හා තාක්ෂණික විශ්ව විද්‍යාලය, මැසිඩෝනියා ජනරජයේ ඔරීඩ් නගරයෙහි පිහිටා ඇති රජයේ විශ්ව විද්‍යාලයකි.

University of Information Science and Technology "St. Paul The Apostle"
Универзитет за информатички науки и технологии "Св. Апостол Павле"
පිහිටුවන ලද්දේ2009; වසර 15 කට පෙර (2009)
වර්ගයPublic
ශිෂ්‍යයන්375 (2018–19)[1]
පිහිටීමOhrid, North Macedonia
අධ්‍යයන මණ්ඩපUrban
අනුබද්ධ කිරීමEUA
වෙබ් පිටුවuist.edu.mk
Uist-macedonia.gif

2008 වර්ෂයේ දී මැසිඩෝනියා ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙම විශ්ව විද්‍යාලය ප්‍රතිස්ථාපිත කරන ලදි [2]. විශ්ව විද්‍යාල සිසුහු 2010 වර්ෂයේදී මැසිඩෝනියාවේ ප්‍රථම සුපිරි පරිගණකය නිෂ්පාදනය කළෝය [3].

හතලිහකට නොවැඩි රටවල් නියෝජනය කරමින් විවිධ ජාතීන්ගෙන් යුතු සිසුන් මෙම විශ්ව විද්‍යාලයේ ඉගැනුම ලැබීම ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතිපලයකි. දේශීය සහ විදේශීය ශිෂ්‍යයින් 450ක් පමණ ඉගැනුම ලබයි. 2014/2015 සිදු කරන ලද ලෝකයේ විශ්ව විද්‍යාල වර්ගීකරණය මගින් මෙම විශ්ව විද්‍යාලය මැසිඩෝනියාවේ සමස්ථ විශ්ව විද්‍යාල විස්සෙන් හතර වන ස්ථානයට පත් වී තිබේ [4].

මෙහි ඇතුලත්වන පීඨයන්

  • සන්නිවේදන ජාල සහ සුරක්ෂණ පීඨය - Faculty of communication Networks and Security (CNS)
  • පරිගණක විද්‍යාව සහ ඉංජිනේරු පීඨය - Faculty of Computer Science and Technology (CSE)
  • තොරතුරු පද්ධති, දෘෂ්ටි කල්පන, බහු මාධ්‍ය සහ පණ ගැන්වීම් - Faculty of Information Systems, Visualization, Multimedia and Animation (ISVM)
  • තොරතුරු තාක්ෂණයේ යෙදීම්, යන්ත්‍ර සහ රොබෝ විද්‍යාව - Faculty of applied information Technology, machine Intelligence and Robotics
  • තොරතුරු සහ සන්නිවේදන විද්‍යාව - Faculty of Information and Communication Science

තොරතුරු විද්‍යාව සහ තාක්‍ෂණය විශ්ව විද්‍යාලය ජාත්‍යන්තර වශයෙන් ද්වි පාර්ශික ගිවිසුම් සම්බන්ධයෙන්ද ලොව පුරා විශ්ව විද්‍යාල සමග එකඟතාවයකට එළඹි ඇති අතර එම විශ්ව විද්‍යාල වල නම් පහත ලෙසය.

  • Oakland University, Rochester, Michigan, USA
  • Istanbul University, Istanbul, Turkey
  • Cumhuriyet University, Sivas, Turkey
  • Technical University of Cluj-Napoca, Cluj-Napoca, Romania
  • Universitatea de Vest din Timişoara, Timişoara, Romania,
  • Elizade University, Ondo, Nigeria
  • Kütahya Dumlupınar University, Kütahya, Turkey.

References සංස්කරණය

  1. "Запишани студенти на високите стручни школи и факултетите во Република Северна Македонија во академската 2018/2019 година" (PDF). stat.gov.mk (මැසිඩෝනියානු බසින්). Statistical Office of North Macedonia. සම්ප්‍රවේශය 30 November 2019.
  2. "Act on Establishment'" (PDF). http://www.slvesnik.com.mk/. {{cite web}}: External link in |publisher= (help)
  3. "Supercomputer at UIST". http://it.com.mk/. {{cite web}}: External link in |publisher= (help)
  4. "University ranking in Republic of Macedonia'". http://www.mon.gov.mk/. {{cite web}}: External link in |publisher= (help)

External links සංස්කරණය