තෛපොංගල් උත්සවය

"අස්වැන්න නෙලීමේ උත්සවය"යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි. තෛපොංගල් උත්සවය ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල සමරනු ලබන 'මකර සන්ක්‍රාන්ති' සමග බැදීමක් පවතී. පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුර යාම නොහොත් පිටාර ගැලීමයි". මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාගයයේ සළකුණක් ලෙස මොවුන් සලකයි.

තෛපොංගල් උත්සවය මගින් තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්‍රමනය ආරම්භ වීම සැරසීම ආරම්භ වේ. දමිළ, හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සුර්යයාට පුජා කිරීම සුර්ය මංගල දිනයේ දී කරනු ලැබේ.මෙම උත්සවය දමිළ ජනයා සදහා පමණක්ම වෙන්වුවක් නොවේ. මහා භාරතයේ සදහන් වන පරිදි එය මුලු ඉන්දියානු ජනතාවටම පොදු චාරිත්රෙයකි. භිෂ්මා තම මිනිස් ජීවිතය වතහැරීම සුර්යයා උතුරු දිසාවට හැරීමේ දී සිදු වු බවත්, එම සිදුවීම 'උත්තරායන' නමින් හදුන්වයි. ධර්ම ශාස්ත්‍රරවයන් සදහන් කරන පරිදි මකර සන්ක්‍රාන්තිය ජනවාරි 14 වනදා සිදුවන අතර කුම්භ හා අර්ධ කුම්භ මේලා මෙදින අවසන් වේ.තෛපොංගල් උත්සවය මගින් තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්රමනය මෙදින ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල වලට, එනම් ආන්දර් ප්‍රදේශවල, අස්සාම්, බෙන්ගාලය, බිහාර්, ගුජරාට්, හිමාචල් ප්‍රදේශ, කර්නටකා, කෙරලා, ඔරිසා, මහරාෂ්ත්රම, නෙපාලය, පුන්ජාබය, රාජස්තානය, තමිල්නඩු සහ උත්තර් ප්‍රදේශයන්ට පාරම්පරික නිවඩු දිනයක් වේ.

චාරිත්‍රසංස්කරණය

පාරම්පරිකව අස්වැන්න නෙ‍‍ලන අවස්තාවේ දී සමරනු ලබන මෙම උත්සවය සෞභාග්‍යය සහ ස්තූති කිරීම හා බැදී පවතී. මෙහිදී තම අස්වැන්න සරු වීමට උපකාර කළ වර්ශාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කරනු ලැබේ. ගම්බද වැසියන් අලුත් ඇදුමෙන් සැරසී සිටින අයුරු දැකගත හැකි අතර මෙය ගවයන් සතු ජනතාවට බෙහෙවින් වැදගත් උත්සවයක් වේ. පොංගල් උත්සවය ඉන්දියාවේ තමිල්නාඩු වැසියන් හා ලෝවැසි සියළු දමිළ ජාතිකයින් විසින් සමරනු ලැබේ. දමිළ ජතිකයින් වෙසෙන වෙනත් රටවල්, එනම් ශ්‍රී ලංකාව , මැලේසියාව,මොරිෂස්, දකුණු අප්‍රිකාව, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ සින්ගප්පූරුව යන රටවල් ද මෙම උත්සවය සමරනු ලබයි. තෛපොංගල් උත්සවය අවම වශයෙන් අවුරුදු 1000ක් පමණවත් ඉපැරණි අතර මෙම උත්සවය් අවුරුදු 2000කටත් ඉහත පටන් පැවත එන්නක් බව සමහරුන්ගේ විශ්වාසයයි. දමිළ ජනතාව පොංගල් උත්සවය හදුන්වනු ලබනුයේ 'තමිලර් තිරුනාල්' යනුවෙනි ('දමිළ ජනතාවගේ උත්සවය' යන තෙරුමයි ). මෙම උත්සවයේ මුලාරම්භය සිදුවුයේ තමිල් නාඩුවේය. 'තායි පිරන්ඩල් වාලි පිරක්කුම්' නැමැති දමිළ කියමන මෙම උතසව කාලයේ බෙහෙවින් උපුටා දක්වනු ඇත. මෙහි තේරුම වනුයේ "තායි මාසයේ උපත නව මහගු අවස්ථා සදහා මග පාදනු ඇත" යන්නයි. පොංගල් උත්සවය සමරනු ලබන්නේ ජනවාරි 12-15 දක්වා කලයේදීය (ග්රෙපගොරියන් කැලැන්ඩරයට අනුව ). තෛපොංගල් උත්සවය මාර්ඝාසි නම් වු දමිළ මාසයේ අවසාන දිනයේ සිට (දෙසැම්බර් - ජනවාරි ) දින සතරක් පුරාවට , තායි මාසයේ තුන්වැනි දිනය දක්වා (ජනවාරි - පෙබරවාරි ) සමරනු ලබයි.

උත්සවයේ පලමු දින, එනම් 'භෝඝි' ලෙස හදුන්වන මෙදින ජනතාව තමන් පාවිච්චි කරන ලද පැරනි වස්ත්‍ර හා රෙදිපිළි පිලිස්සීමෙන් පැරනි වසරේ අවසානය සනිටුහන් කිරීමත් සමගින්ම නව තායි වසර පිලිගැනීම ද සමරනු ලබයි. ~පොංගල් යනුවෙන් හැදින්වෙන දෙවන දින මෙම සැමරුමේ ප්රකධාන දිනා වන අතර මෙදින වැටෙනුයේ "තායි" නම් වු දෙමළ මාසයේ පළමු වන දිනේදීය (ජනවාරි 14- 15). සර්කාරෙයි හෝ වීටු පොංගල් යනුවෙන්ද හදුන්වන ලබන මෙදින සමරනු ලබනුයේ අලුත් මුට්ටියක බත්, හකුරු හා නැවුම් එළකිරි උතුරා පිසගැනීමෙනි. මෙලෙස පිසගත් ආහාරය පසුව දුඹුරු සීනි, කජු හා වියලි මිදි යොදා ගනිමින් අලංකාර කර ගනු ලැබේ.~පොංගල් යන නාමය ලැබී ඇත්තේ ඉහත සදහන් කරන ලද උතුරා යාමේ චාරිත්රය මුල් කොටගෙන. මෙම බත් මිශ්රබණය උතුරා භාජනයෙන් පිටතට හැලී යාමේදී චාරිත්රරයක් වශයෙන් දමිළ ජනතාව "පොංගාලෝ පොංගාල්" යනුවෙන් ශබ්දව කෑගසමින්, "සන්ගු" යන සංගීත භාන්ඩයද වාදනය කරනු ලබයි. මේ චරිත්රංය අනුගමනය කිරීමෙන් බලාපොරොත්තු වනුයේ නව වසර සෞභාග්ය මත් වසරක් බවට පත් කර ගැනීමයි.

පසුව මෙලෙස පිසගත් බත් මිශ්‍රණයේ පලමු කොටස හිරු උදාවත් සමගම ස්වභාවධර්මයාට පුදනු ලැබේ. මෙම පිදීමෙන් ඔවුන් තමන්ට මෙතෙක් ලබා දුන් සෞභාග්යුයට හිරුට හා ස්වභාවධර්මයාට තුති පුදන අතර ඉතිරි කොටස නිවැසියන් සමග බෙදාගනු ලැබේ. තවද මෙම දිනයේ දී නෑගම් යෑම හා එකිනෙකා සමග සුබ පැතුම් හුවමාරු කර ගැනීම ද දැකිය හැක. විශේෂයෙන් මෙම උත්සව කාලයේ දී නොයෙකුත් වර්ගයේ ආහාර හා රස කැවිලි වර්ග සාදන අතර වඩේ, මුරුක්කු, පායාස්ම් වැනි ආහාර විශේෂ තැනක් ගනී.

තුන්වැනි දිනය, එනම් මාට්ටු පොංගල් යනුවෙන් හදුන්වන මෙදින විශේෂයෙන් වෙන්වී ඇත්තේ ගවයන්ට තුති පිදීම සදහාය. ගවයන් ගොවිතැනේ දී ගොවියන්ට ලබා දෙන මහගු සේවය අගය කිරීම මෙහි පරමර්ථය වේ. මෙදින ගවයන් අලංකාර ලෙස මල් මාලා, තීන්ත හා සීනු යොදා ගනිමින් සරසන අතර සමහරු රත්රරන් හා තඹ කොපු යොදා ගනිමින්ගවයන්ගේ අං සැරසීමද කරනු ලබයි. මේ දිනයේදී ගවයන්ට නිදහසේ සැරිසැරීමට ඉඩ ලබාදෙන අතර විශේෂ ආහාර හා රස කැවිලි වර්ගද දෙනු ලැබේ. අතැම් ප්ර දෙශ වල විශේෂයෙන් ගම්බදව "ජල්ලිකාට්ටු" හෙවත් මී හරකුන් හීලෑ කිරීමේ තරග මෙම දිනයේ විශේෂ තැනක් ගනී.

අවසාන දිනයේදී, කානුම් පොංගල් ලෙස හදුන්වන මෙදින (කානුම් යනු 'නැරඹීමට' යන අර්ථය ඇතිව ) ජනතාව තම නෑදෑ හිතමිතුරන් බැලීමට යාම සිදුවේ. නාගරික ප්‍රදේශවල මෙම දිනයේදී ජනතාව තම පවුලේ සාමාජිකයින් සමග මුහුදු වෙරලට සහ සතුටු උද්‍යාන වලට යමින් පොංගල් උත්සවය සැමරීම දැකිය හැක. මෙම කාලයේදී "කෝළම්" ලෙස හැදින්වෙන විශේෂ සැරසිලි යොදා ගනිමින් ගෙමිදුල් අලංකාර ලෙස සැරසීමද දැකිය හැක. අස්වැන්න නෙළා ගැනීමට කළ උපකාරයට තම නෑදෑ හිතමිතුරන්ට ස්තූති කිරීමද මෙදිනට වෙන්වී ඇත. මුල් කාලයේදී මෙම උත්සවය ගොවි ජනයාට පමණක් සීමා වුවද අද මෙය ජාති, ආගම්, කුළ භේද වලින් තොරව සියලුම දමිළ ජනයාගේ ජාතික උත්සවයක් බවට පත්ව ඇත. මෙම උත්සවය ගම්බද ප්ර දෙශ වලද නාගරිකව මෙන්ම සුප්රතසිද්ධ උත්සවයකි.

පොංගල් උත්සවය දින 3-4ක් පුරා දිවෙන අතර, මෙම දිනයන් ජතික නිවාඩු දිනයන් ලෙසද රජය විසින් ප්‍රකශ කර ඇත. තෛපොංගල් උත්සවය තමිල්නාඩුවේ සමරන උත්සව අතරින් අතිවිශේෂ ස්ථානයක් ගනී.

ආශ්‍රිත ලිපිසංස්කරණය

සටහන්සංස්කරණය

බාහිර යොමුවසංස්කරණය

Saveri, Nicholapillai Maria (1996). Jaffna The Land of the Lute. Thirumarai Kalamanram Publications. pp. 125. ISBN 0-9681597-0-2.

"https://si.wikipedia.org/w/index.php?title=තෛපොංගල්&oldid=443524" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි