තේරුම සංරක්ෂණය කිරීම

පුස්තකාල, ලේඛණාගාර හෝ කෞතුකාගාර එකතුවක දී තේරුම සංරක්ෂණය කිරීම යන්නට විශේෂිත වස්තු සඳහා අගයන් පිළිබඳ අධ්‍යාත්මික, චාරිත්‍රමය හෝ සංස්කෘතිකමය සංජානනය හා එම අගයන් නඩත්තු කිරීම හා ඒවාට ගරු කිරීම තහවුරු කිරීම ඇතුළත් වේ. තේරුම යන්න පරිශීලනය ජනගහනය විසින් සිදු කළ තේරුම් ගැනීම් හා ප්‍රත්‍යක්ෂ්‍ය කරන ලද අගයන් මත පදනම්ව සංස්කෘතිකමය හෝ අධ්‍යාත්මික විශේෂිත්වයකින් යුත් වස්තුවලට සම්බන්ධ යම් දෙයක් වන අතර එම ක්‍රියාවලිය වස්තුවක සමාජ ගොඩනැංවීම ලෙස හැඳින්වේ. (Barker ,77) පුස්තකාල හා කෞතුකාගාර වැනි මතක ආයතනවලට චලනය වූ කළ, සංස්කෘතිමය හෝ අධ්‍යාත්මික සමාජවල ප්‍රති නිරූපණ ලෙස ඉතිරි කිරීම සඳහා සමාජ ගොඩනැංවීමේ මෙම වස්තු සංරක්ෂණය කිරීමට හා නඩත්තු කිරීමට ආවේණික ප්‍රවේශ අවශ්‍ය වේ.

පුස්තකාල හා කෞතුකාගාර ඇතුළුව බටහිර ලෝකයේ බොහෝමයක් මතක ආයතනවල අවධානය රැඳී‍තිබෙන්නේ එකතු කරන ලද ද්‍රව්‍යවල තොරතුරුමය අන්තර්ගතය හා භෞතික ලක්ෂණ හෝ මානව කෘති අගයන් මතය. සංරක්ෂණය කිරීමේ නීති මුලිකවම සලකා බැලෙනුයේ මේවා නඩත්තු කිරීම සමඟය. එය වයන දත්ත සංරක්ෂණය සඳහා නැවත නිමැවීම හරහා හෝ ඔවුන්ගේ භෞතික ව්‍යුහවල අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නඩත්තු කිරීම් හා පාරිසරික පාලන හරහා විය හැක. (Foot,19) කෙසේ නමුත් වස්තුවක් අර්ථ දැක්වීමේ දී අත්‍යවශ්‍ය ආධ්‍යාත්මික හා සංස්කෘතිකමය අගයන් එකතු වීම, සංරක්ෂණය කිරීම ‍තහවුරු කිරීම සඳහා වස්තුවල භෞතික හා තොරතුරුමය අංගවලින් එපිටට නිරීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය වේ.

භෞතික වස්තුවක් සංරක්ෂණය කිරීමට ගන්නා ලද ක්‍රියා මාර්ග අදාල වස්තුවේ අධ්‍යාත්මික හෝ සංස්කෘතිකමය ආකලනය සමඟ සමතයකට පත් වීමේ දී යම් යම් සැලකිල්ලට ගැනීම් ඇති විය හැක. මානව කෘති (ග්‍රන්ථ ඇතුළත්) ඉතිහාසය පුරාවමට හා වර්තමානයේ දී නීති හා වාරිත්‍රවලට අනුව නිර්මාණය කිරීම සිදු වූ අතර විශාල පාරිභෝගික ද්‍රව්‍යවලින් යුත් වර්තමාන ලෝකයේ දී හා ද්‍රව්‍යමය සංස්කෘතියේ දී එය නෛසර්ගිකව තේරුම් නොගනු ඇත. සියළු ග්‍රන්ථ, ලේඛණ හා මානව කෘතිවලට ඔවුන්ගේ අඛණ්ඩ ව්‍යාප්තිය සමඟ සම්බන්ධ චාරිත්‍ර හෝ සාමාජීය වශයෙන් නිර්මාණය වූ ඇදහීම් ඇතුළත් නොවුණත් බොහොමයක් සංස්කෘතික හා ආගමික එකතු සඳහා එය අදාල කරුණක් වේ.



References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Preservation_of_meaning

"https://si.wikipedia.org/w/index.php?title=තේරුම_සංරක්ෂණය_කිරීම&oldid=465227" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි