ප්‍රධාන මෙනුව විවෘත කරන්න
Multistability.svg

මනෝවිද්‍යාවේ සහ විද්‍යාවට අනුකූලව අවබෝධය යනු තේරුම් ගැනීම් ක්‍රියාදාමය හෝ බාහිර උත්තේජන මගින් ලබාදෙන තොරතුරු හඳුනා ගැනීමයි. 50 වන සහ 60 වන දශකයේ සිතුවාමෙන් නොව මෙය ඉතා සංකීර්ණ කටයුත්තකි. එම කාලයේ ප්‍රකාශයට පත් කළ උදාන වාක්‍යයක් වන ‘අවබෝධ කර ගැනීමේ යන්ත්‍ර නිෂ්පාදනය සඳහා දශකයක් පමණ ගතවේ’ යන්න තවම යථාර්ථයක් කරගැනීම සිහිනයකි. සංජානනය යන්න ලතින් ඇමෙරිකානු පර්සෙපියෝ යන්නෙන් සෑදුණකි. එයට අනුව සංජානනය යනු උත්තේජන ලබාගැනීම, එකතු කිරීම, මනස ආධාරයෙන් තේරුම් ගැනීම ලෙස හැඳින්විය හැකිය.

අවබෝධතාවය මූලික සිද්ධාන්ත දෙකක් මගින් පැහැදිලි කළ හැකිය. එනම් අක්‍රීය සංජානනය සහ සක්‍රීය සංජානනය යයි. රෙනිඩිස්කාර්ට්ස්ට අනුව අක්‍රීය අවබෝධය යනු ,

කිසියම් මනසේ නැතිවිට

ඇති සංජානනය යි.

ලෙස සාරාංශ ගත කළ හැකිය.මෙම මතය ඇතැම් දර්ශනවාදීන්, මනෝ විද්‍යාඥයින්, ස්නා‍යු විද්‍යාඥයින් අනුමත කළ ද එහි ප්‍රසිද්ධිය වර්ථමානයේ අඩු වෙමින් පවතී.

මහාචාර්ය රිචට් ග්‍රෙගරිගේ හැගීම් මුලාවන් පිළිබඳව වැඩි දුරට කරනු ලද පර්යේෂණ නිසා සක්‍රීය සංජානනය යන සිද්ධාන්ත ගොඩ නැගී ඇත. මෙම වාදය පර්යේෂණ මගින් ද සනාථ කරයි. මොළය, පංචේන්ද්‍රිය සහ බාහිර පරිසරය අතර පවතින ක්‍රියාශීලි වෙනස් වන සම්බන්ධතාවයක් ලෙස කිව හැක. මනෝවිද්‍යාවේම එන පුරාණතම විෂය පථයක් ලෙස වටහා‍ ගැනීම නම්කළ හැක. පුරාණතම වාදයක් වන වෙබර් / ෆෙෂ්නර්වාදය මගින් බාහිර පරිසරය උත්තේජනයේ ප්‍රබලතාවය හා ඒ මගින් අපට ඇති කරවන හැඟීම නිර්ණය කරයි. මෙම හැඟීම ගැන කරන ලද අධ්‍යයනයන් නිසා ගෙස්ටෝල්ට් මනෝවිද්‍යා පාසල බිහිවිණි.

"https://si.wikipedia.org/w/index.php?title=සංජානනය&oldid=436925" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි