තෙසලොනිකීහී ශුද්ධවූ ඩිමීට්‍රියස් තුමා

තෙසලොනිකීහී ශුද්ධවූ ඩිමීට්‍රියස් තුමා (ග්‍රීක: [Άγιος Δημήτριος της Θεσσαλονίκης] Error: {{Lang}}: text has italic markup (help)) යනු 4වන සියවසෙහි මුල් අවධියෙහි ජීවත්වූ ක්‍රිස්තියානි ප්‍රාණපරිත්‍යාගවරයෙකි.

තෙසලොනිකීහී ශුද්ධවූ ඩිමීට්‍රියස් තුමා
කියව්හී රන්-පියසැති තාපසාරාමයෙහි ඇති ශුද්ධවූ ඩිමීට්‍රියස් තුමා විදහා දක්වන 12-සියවසෙහි මොසයිකයක්
උතුම්-ප්‍රාණපරිත්‍යාගවරයා, සුවඳ ලාටු-නික්මෙන්නා
උපත270 ක්‍රි.ව.
මරණය306 (35–36 වයසැතිව) ක්‍රි.ව.
ගරු කරනු ලබනුයේනැගෙනහිර ඕර්තඩොක්ස් සභාව
රෝමානු කතෝලික ආගම
පෙරදිග ඕර්තඩොක්ස් ආගම
ප්‍රධාන සිද්ධස්ථානතෙසලොනිකී, ග්‍රීසිය
මංගල්‍යය දින26 ඔක්තොම්බර්
ලාක්ෂනික ගුණාංගරෝමානු සොල්දාදුවෙකුගේ සන්නාහය පැළඳ සිටින ලෙසකින් පෙන්වා දෙන අතර, සාමාන්‍යයෙන් හෙල්ලයක් දරමින් හා සමහරවිට රතු අසකු පිට නැග සිටින අයුරක් දැක්වෙයි,
අනුග්‍රාහකත්වයග්‍රීසියෙහි, තෙසලොනිකීහී අනුග්‍රාහක සාන්තුවරයා,
සොල්දාදුවන්ගේ අනුග්‍රාහක සාන්තුවරයා
කුරුස යුද්ධ කරුවන්ගේ අනුග්‍රාහක සාන්තුවරයා (රෝමානු කතෝලික සාම්ප්‍රදායයෙහි පමණි)

මධ්‍යතන යුගයන්හී එතුමා ගරු බහුමුනට පාත්‍රවූයේ, ඉතා වැදගත් ඕර්තඩොක්ස් හමුදාමය සාන්තුවරයන් අතුරින් කෙනෙකු ලෙසින් වන අතර,බොහෝ විට ශුද්ධවූ ජෝර්ජ් තුමා හා සමග එක්ව එසේ සැලකිණි. ග්‍රෙගෝරියානු දින දසුන භාවිතා කරන ක්‍රිස්තියානිවරුන් සඳහා එතුමාගේ මංගල්‍යය දිනය ඔක්තොම්බර් 26 දිනට යෙදී ඇති අතර ජූලියානු දින දසුන භාවිතා කරන ක්‍රිස්තියානිකරුවන් සඳහා එය නොවැම්බර් 8 දිනට යෙදී ඇත.