තිස්ස විජේසුරේන්ද්‍ර

ශ්‍රී ලාංකික නළු

තිස්ස විජේසුරේන්ද්‍ර (ඉංග්‍රීසි: Tissa Wijesurendra) යනු 1970 දශකයේ ලංකාවේ සිටි ජනප්‍රියම පෙම්වතා ලෙස රසික සිත් දිනා ගත් සිත් ඇදගන්නා රූපයක් තිබූ කඩවසම් චිත්‍රපට නළුවෙකි.

තිස්ස විජේසුරේන්ද්‍ර
Tissa Wijesurendra
උපත
නිවහනශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවචිත්‍රපට නළු
ප්‍රසිද්ධව ඇත්තේප්‍රවීන චිත්‍රපට නළු 1970 වකවානුව
කාල සීමාව1970 - 2020
ආගමබෞද්ධ

තිස්ස රඟපෑවේ සිංහල සිනමාවේ අති සුන්දරම සහ අති දක්‍ෂම නිළියන් වන මාලිනී ෆොන්සේකා, ගීතා කුමාරණසිංහ, නීටා ප්‍රනාන්දු,සුමනා අමරසිංහ,ජෙනිටා සමරවීර ඝමග ඔවුන්ගේ පෙම්වතා ලෙසිනි. ඉන් සමහරක් සුරේකා, සුදු පරවියෝ, සුහද පැතුම, කලණ මිතුරෝ වාගේ චිත්‍රපට යන්ය.

තිස්සගේ හොඳම සමකාලීනයන් වන්නේ විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා හා ටෝනි රණසිංහ යි. 1970 දී රන්ජිත් ලාල් අධ්‍යක්‍ෂණය කළ 'නිම් වළල්ල’‘ චිත්‍රපටය තිස්සගේ ප්‍රථම චිත්‍රපටයය.

තිස්සගේ නවතම රඟපෑම නාලක විතානගේ අධ්‍යක්‍ෂණය කළ රූපාන්තරණ චිත්‍රපටයේය. එහිදී ඔහු රවින්ද්‍ර රන්දෙණිය, රන්ජන් රාමනායක, අමිල කරුණානායක, මිලින්ද මඩුගල්ල සමග රඟයි.

තිස්ස විජේසුරේන්ද්‍ර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

  • "කලාත්මක විචාරයට හසු නොවූ තාරකාව". dinamina. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
"https://si.wikipedia.org/w/index.php?title=තිස්ස_විජේසුරේන්ද්‍ර&oldid=452738" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි