තිස්ස විජයරත්න
සුරතිස්ස දියසේන විජයරත්න (ඉංග්‍රීසි:Suratissa Diyasena Wijeyeratne) (17 පෙබරවාරි 1923 - 11 ජූලි 2002) (තිස්ස විජයරත්න) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, නීතිඥයෙක් සහ ව්‍යාපාරිකයෙකි. ඔහු විදේශ කටයුතු හා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ අග්‍රාමාත්‍යවරයා ගේ විදේශ කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක ද විය.[1][2][3][4][5][6]
තිස්ස විජයරත්න | |
---|---|
උපත | 17 පෙබරවාරි 1923 |
මියගිය දිනය | 11 ජූලි 2002 (වයස 79) |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | සමාජ සේවක, දේශපාලඥ හා රාජ්‍ය තාන්ත්‍රික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
කලත්‍රයා(යන්) | විශාකා බුලන්කුලම මැතිණිය |
දරුවන් | කල්පනා විජයරත්න රාවණා විජයරත්න |
ආගම | බෞද්ධ |
ළමා අවධිය
සංස්කරණයතිස්ස විජයරත්න උපත ලැබුවේ 1923 පෙබරවාරි 17 වැනිදා ශ්‍රී ලංකාවේ කීර්තිමත් දේශපාලන පවුලක ය. ඔහු සබරගමුවේ කෑගල්ල බුද්දෙනිපොල වලව්වේ ශ්‍රීමත් එඩ්වින් විජයරත්න සහ ලීලා විජයරත්න ආර්යාව ගේ වැඩිමහල් පුත්‍රයාය. ශ්‍රීමත් එඩ්වින් විජයරත්න මහතා, ඩී.එස්. සේනානායක රජයේ ස්වදේශ හා ග්‍රාම සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරය දැරී ය. තිස්ස විජයරත්න ගේ සොහොයුරු නිශ්ශංක විජයරත්න දේශපාලනඥයෙක්, සිවිල් සේවකයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ දියවඩන නිලමේ ධුරය දැරැ අතර ඔහුගේ තුන්වෙනි සොහොයුරු වෛද්‍යවරයකු වන කුඩා විජයරත්න ය. [7][8]
අධ්යාපනය
සංස්කරණයවිජයරත්න ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කළේ කොළඹ රාජකීය විද්‍යාලයේන්ය. 1941 දී පාසලෙන් ඉවත් වී ලන්ඩනයේ නීතිය හැදෑරීමට පෙර ස්විට්සර්ලන්තයේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරූ අතර පසුව විජයරත්න 1945 දී ලන්ඩනයේ අභ්‍යන්තර උසාවි හතරෙන් එකක් වන ඇතුල් උසාවියට (The Inner Temple is one of the four Inns of Court in London, UK) ඇතුළත් විය.[9]
නීති වෘත්තිය
සංස්කරණයශ්රී ලාංකීය නීතිඥයින්ට ජාතික ඇඳුමෙන් අධිකරණයට පැමිණීමේ අයිතිය ලබා දීම
සංස්කරණයවිජයරත්න 1959 දී ලන්ඩනයේ නීතිඥ මණ්‌ඩලයට කැඳවා 1960 දී නීතිඥවරයකු බවට පත් විය. වසරකට පසුව ශ්‍රී ලංකාවට පැමිණ කෑගල්ලේ නීතිඥවරයකු ලෙස සේවය ආරම්භ කළේය. අපරාධ නීතිය ගැන උනන්දුවක් දැක් වූ ඔහු වැඩි කල් නොගොස් සබරගමුව සහ මධ්‍යම පළාතේ සාර්ථකම නීතිඥයෙකු බවට පත්විය. ශ්‍රී ලාංකීය නීතිඥයින්ට ජාතික ඇඳුමෙන් අධිකරණයට පැමිණීමේ අයිතිය ලබා දීමට විජයරත්න මූලික විය. ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ ජාතික ඇඳුමෙන් සැරසී අධිකරණයේ පෙනී සිටි ප්‍රථම නීතීඥයා ඔහු විය.[10][11]
දේශපාලන ජීවිතය
සංස්කරණයශිෂ්යයෙකු ලෙස විජයරත්න කැපවූ මාක්ස්වාදියෙකු සහ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු විය. ඔහු ලන්ඩනයේ ලංකා ශිෂ්‍ය සංගමයේ සභාපති වූ අතර පසුව ජාත්‍යන්තර ශිෂ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ විය. 1951 දී රුසියාවේ අගනුවර වන මොස්කව්හි පැවති ලෝක යෞවන උළෙලට පළමු ලංකා නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ ඔහුය. මෙම කාලය තුළ ඔහු බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු බවට පත් විය.
ඔහු 1956 දී තම නීතීඥ විභාග අවසන් කිරීමට පෙර ලන්ඩන් සිට ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණ කාලීන ක්‍රියාකාරිකයෙකු බවට පත්විය. පසුව ඔහු ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ කෑගල්ල මැතිවරණ කොට්ඨාශයේ ප්‍රධාන සංවිධායකවරයා බවට පත් විය. 1950 ගණන්වල අග සහ 1960 ගණන්වල ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාල ප්‍රජාව සමඟ සමීප සබඳතා පැවැත්වූ අතර දේශපාලන දේශන පැවැත්වීම සඳහා අවස්ථා කිහිපයකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියේය. 1960 (මාර්තු) මහ මැතිවරණයේදී ඔහු කොමියුනිස්ට් පක්ෂයෙන් කෑගල්ල මැතිවරණ කොට්ඨාශයට තරග කළ නමුත් පරාජයට පත් විය. තිස්ස විජයරත්න පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය. ඔහු 1965 සිට පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ නමුත් 1970 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූයේ නැත.[12][13][14][15]
රාජ්යතාන්ත්රික ජීවිතය
සංස්කරණය1970 දශකයේ දී විජයරත්න ප්‍රංශය, යුනෙස්කෝ හා ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කරන ලදී. ශ්‍රී තානාපතිවරයා වශයෙන්, ඔහු විශේෂයෙන්ම යුරෝපීය රටවල් සමඟ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළඳ සබඳතා ශක්තිමත් කළ අතර, මෙම රටවල් සමඟ සමීප සබඳතා පවත්වමින් සංචාරක හා සම්ප්‍රදායික ශ්‍රී ලංකා අපනයන ප්‍රවර්ධනය කළේය. [16]
විදේශ කටයුතු වෘත්තිය
සංස්කරණයතිස්ස විජයරත්න 1974 දී ප්‍රංශයේ සිට ආපසු පැමිණි අතර විදේශ කටයුතු හා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ අග්‍රාමාත්‍යවරයා ගේ විදේශ කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කරන ලද අතර එහිදී ඔහු විදේශ කටයුතු සම්බන්ධයෙන් බොහෝ දුරට වගකිව යුතු විය. ඔහු 1976 ශ්‍රී ලංකාවේ පැවති නොබැඳි ජාතීන්ගේ සංවිධාන සමුළුවේ ප්‍රධාන සංවිධායකයන්ගෙන් කෙනෙකි. මෙම කාලය තුළ ඔහු ශ්‍රී ලංකාව තුළ වෙනම විදේශ අමාත්‍යාංශයක් පිහිටුවීම සඳහා දැඩි මහජන මතය ප්‍රකාශ කළේය. මෙය පසුව ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසින් ක්‍රියාත්මක කරන ලදී.
අග්‍රාමාත්‍යවරයා ගේ විදේශ කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක වශයෙන් විජයරත්න විදේශ සේවය තුළ ශ්‍රී ලාංකීය ජාතික අනන්‍යතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කළේය. මේ සඳහා ශ්‍රී ලංකා විදේශ සේවය ප්‍රතිසංවිධානය කිරීම ක්‍රියාවට නැංවීම සඳහා ඔහු රාජ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයන්ගෙන් අදහස් විමසා සිටි අතර එමඟින් විදේශ සේවය ජනතා අදහස් නියෝජනය කළේය. විදේශ දූත මණ්ඩලවලට ශ්‍රී ලංකාවේ අනන්‍යතාව පෝෂණය කිරීම සඳහා දේශීයව උගත් තරුණ තරුණියන් බඳවා ගනිමින් ඔහු විදේශ කාර්යාලයට සිංහල හා දෙමළ නැඹුරු වූ මානයක් ගෙන ආවේය. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවලට අනුබද්ධ විදේශ කටයුතු පිළිබඳ ආයතනයක ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කිරීමට ද ඔහු යෝජනා කළේ බලාපොරොත්තු ඇති රාජ්‍ය තාන්ත්‍රිකයින්ට පුහුණු අවස්ථා ලබා දෙමිනි. ඔහුගේ යෝජනාව 1975 දී බණ්ඩාරනායක විදේශ අධ්‍යයන ආයතනය ලෙස ක්‍රියාත්මක විය. විජයරත්න 1976 දී විදේශ සේවයෙන් ඉවත් වී කෑගල්ලේ නීතිඥ වෘත්තිය නැවත ආරම්භ කළේය.
මූල්‍ය ක්ෂේත්‍රය
සංස්කරණය1970 ගණන්වල අගභාගයේදී, තිස්ස විජයරත්න ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවන්ගේ ජීවිතය නඟා සිටුවීමට දැඩි ලෙස විශ්වාස කළ අතර, 1977 දි මූල්‍ය ක්ෂේත්‍රයට පිවිසියේය. බ්‍රිතාන්‍ය ආර්ථික විද්‍යාඥ ඊ.එෆ්. ෂූමාකර් (E. F. Schumacher) ගේ ආර්ථික දර්ශනය කෙරෙහි ඔහුගේ ගැඹුරු විශ්වාසය සමාගමට "කුඩා ලස්සනයි" යන ආදර්ශ පාඨය ලබා දුන්නේය. බලගතු නීතීඥයින් පිරිසක් මැද මහනුවර නගරයේ බලවත් ව්‍යාපාරිකයන් එක්කාසු කරගෙන ඔහු සිය අවසන් වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. මේ අනුව, 1978 දී සිංහපුත්‍ර මූල්‍ය සමාගම නමින් හැඳින්වෙන මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගමක් පිහිටුවා ගත් අතර එහි ආරම්භක සභාපතිවරයා විය. සමාගම 1979 දී සිංහපුත්‍ර කෘෂිකාර්මික සහ කාර්මික මූල්‍ය සමාගම නමින් ව්‍යාපාර ආරම්භ කළ අතර ග්‍රාමීය ප්‍රදේශවලට ඔවුන්ගේ නිෂ්පාදන වෙළඳපොළට ප්‍රවාහනය කිරීම සඳහා වාහන සැපයීම කෙරෙහි මූලික අවධානය යොමු කළේය. ඔහු ශ්‍රී ලංකා ෆිනෑන්ස් හවුස් ඇසෝසියේෂන් හි ක්‍රියාකාරී සාමාජිකයෙකු බවටද පත් වූ අතර, ප්‍රයෝජනවත් නීති සම්පාදනය කිරීමට නායකත්වය දුන් ක්‍රියාකාරී කණ්ඩායමක කොටසක් විය. ඔහුගේ ධූර කාලය තුළ, කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනය පිහිටුවීම ප්‍රවර්ධනය කිරීමට ද ඔහු දායක විය.[17][18]
පවුල් ජීවිතය
සංස්කරණයවිජයරත්න ශ්‍රී ලාංකීය ප්‍රසිද්ධ කලාකරුවෙකු වන විශාකා බුලන්කුලම සමඟ විවාහ විය. ඇය අනුරාධපුර නුවරවැව වලව්වේ වෛද්‍ය එඩ්මන්ඩ් අශෝක බුලන්කුලම සහ අයිවි සේනානායක බුලන්කුලම යන අයගේ දියණියයි. තිස්සට හා විශාකා විජයරත්නට එක් දියණියක් සිටි අතර, කල්පනා විජයරත්න සහ පුතෙකු වන රාවණා විජයරත්න, සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ ධුරය ද දැරූ අතර ප්‍රංශ රජයේ මහනුවර වත්මන් ගෞරවනීය කොන්සල්වරයාය.[19][20][21]
ජීවිතයෙන් සමු ගැනිම
සංස්කරණයතිස්ස විජයරත්න 2001 ජූලි 11 දින මහනුවර දි අභාවප්‍රාප්ත වන විට 79 හැවිරිදි වියේ පසු විය.
මේවාද බලන්න
සංස්කරණයබාහිර සබැඳි
සංස්කරණයආශ්රිත
සංස්කරණය- ^ IQBAL DAY CELEBRATION IN COLOMBO. Article specially written for the occasion by Mr. Tissa Wijeyeratne for the Ceylon Daily News of 21 April 1966.
- ^ Wikileaks. Wikileaks. Retrieved 27 March 1975.
- ^ Saving the Foreign Service Sri Lanka Guardian. Retrieved 17 March 2011.
- ^ Sorting Diplomats from The Officers. Daily News (Sri Lanka), Retrieved on 30 May 2013.
- ^ Foreign Policy Making in Sri Lanka: Institutions & Processes.
- ^ BUDDHIST DIPLOMACY IN PM SIRIMAVO BANDARANAIKE’S FOREIGN POLICY WON WORLD RESPECT FOR SRI LANKA. On Lanka. Retrieved 27 June 2013.
- ^ An illustrious son of Sabaragamuwa. Daily News (Sri Lanka). Retrieved 20 October 2007.
- ^ On Growth Two(1975). On Growth Two(1975) by Willem Oltmans.
- ^ Tissa Wijeyeratne, an illustrious son of Lanka by Ajith Samaranayake. Sunday Observer (Sri Lanka). Retrieved 14 July 2002.
- ^ A Tribute: Deshamanya Dr. Nissanka Parakrama Wijeyeratne by A. C. B. Pethiyagoda. The Island (Sri Lanka). Retrieved 11 February 2007.
- ^ Conspiracies to overthrow Government – I. Daily News. Retrieved 12 February 2010.
- ^ Tissa Wijeyeratne A Remarkable Personality by Professor. Wiswa Warnapala. The Island (Sri Lanka). Retrieved 5 September 2002.
- ^ Parliamentary Elections Results (1960 March) Official Website, Department of Elections, Sri Lanka.
- ^ India and Sri Lanka Touching Distances being the Bernard Soysa Centenary Commemoration Oration. By Gopalkrishna Gandhi (Ex Secretary to President of India) . Retrieved 9 May 2014.
- ^ ලංගමය වමෙන් පැද වූ අගලවත්තේ අනිල් සංරක්ෂණය කළ පිටපත 2023-03-29 at the Wayback Machine. දිනමිණ, සම්ප්‍රවේශනය කිරීම 6 නොවැම්බර් 2020.
- ^ Wikileaks. Wikileaks. Retrieved 12 March 1974.
- ^ Twenty years of financial excellence. Sunday Times. Retrieved 7 March 1999.
- ^ Sinhaputra counts 30. Daily News. Retrieved 3 March 2009.
- ^ Sinhaputhra aiming at Rs 9 b lending portfolio. Daily News. Retrieved 19 January 2012.
- ^ French Embassy opens Consulate in Kandy. Daily FT. Retrieved 15 October 2015.
- ^ Champagne Toast … as France’s jewel in Kandy’s Crown celebrates Golden Jubilee සංරක්ෂණය කළ පිටපත 2023-03-28 at the Wayback Machine. Colombo Diary. Retrieved 10 May 2017.