තාරකාශාස්ත්‍ර

තාරකා හා ග්‍රහලෝක වල සාපේක්ශ පිහිටීම උපයෝගී කරගෙන මිනිස් ජීවිතය හා සඹැදි අවිනිශ්චිත පැතිකඩ සම්බන්ධව විශ්වාසය තැබිය හැකි තීරණ ගැනීමට යොදාගන්නා දැනුම හා විශ්වාසය මත පදනම්වූ ශාස්ත්‍රයෝ තාරකාශාස්ත්‍ර නම්වේ. මෙහි මූලිකම අවශ්‍යතාවය වන්නේ අනාවැකි පල කරීමයි. ජ්‍යෝතිශ්ශාස්ත්‍රය ලෝකයේ පැරණිම විද්‍යාව ලෙස සැලකිය හැක. අතීතයේ මිනිසා අනන්ත අහස දෙස බලා එහි තරු තුලින් විවිධ රුප මැවූහ. එදා සිට එම තාරකා චක්‍ර හා ජීවිතයේ චක්‍ර අතර සම්බන්ධය සොයාගැනීමට ශතවර්ශ ගනනාවක් ගතවිය. වර්තමාන මිනිසා සඳ මත පා තැබීම දක්වා සියලු විද්‍යාවන් වල මූලාරම්භය ජ්‍යෝතිශ්ශාස්ත්‍රයයි.

තාරකාශාස්ත්‍ර
Venice ast sm.jpg
Aries symbol (planetary color).svg
Taurus symbol (planetary color).svg
Gemini symbol (planetary color).svg
Cancer symbol (planetary color).svg
Leo symbol (planetary color).svg
Virgo symbol (planetary color).svg
Libra symbol (planetary color).svg
Scorpius symbol (planetary color).svg
Sagittarius symbol (planetary color).svg
Capricornus symbol (planetary color).svg
Aquarius symbol (planetary color).svg
Pisces symbol (planetary color).svg
AriesTaurusGeminiCancerLeoVirgoLibra
ScorpioSagittariusCapricornAquariusPisces
Categories of astrology content
——————
Expand list
for reference

——————
Astrology ප්‍රවර්ගය සොයාගත නොහැකි විය
Quick links: branches
චීනDecumbitureElectionalEsotericFinancialHellenisticHoraryLocationalMundanePsychologicalMeteorologicalUranianඉන්දියානු
Astrology portal Astrology project
AstrologersAstrological organizations
Astrological traditions, types, and systems

සම්ප්‍රදායන්සංස්කරණය

එදා මෙදා තුර ජ්‍යෝතිෂ්ශාස්ත්‍රයේ විවිධ සම්ප්‍රදායන් පැවතින. මේ විවිධ සම්ප්‍රදායන් වල බොහෝ සමානකම් තිබුනද සමහර වෙනස්කම් ද ඇත. වර්තමානයේ ප්‍රධාන වශයෙන් ජ්‍යෝතිෂ්ශාස්ත්‍ර සම්ප්‍රදායන් තුනක් පවතී. ඒවා නම්:

මේවා අතුරෙන් ඉන්දියානු සම්ප්‍රදාය බොහෝ දුරට බටහිර සම්ප්‍රදායට සමාන කමක් දක්වයි. ඉන්දියාවේ සිට බටහිරට සංක්‍රමනය වූ විවිධ සින්දි ජන කොටස් හරහා බටහිරට ඉන්දියානු සම්ප්‍රදායන් සංක්‍රමනය වුනි යැයි සිතිය හැක. තවත් එක් මතයක් වන්නේ ක්‍රි:ව: 78 දී පමණ කණිශ්ක රජ තුමා (ශක වාංශික) ගාන්ධාර රටවල් යටත් කරගත් කාලයේ එහි සිට යුරෝපීය මාගයින් (Mages) ඉන්දියාවට පැමින බ්‍රාහ්මනයන් සමඟ කුලවැදුන බවයි.[1] මෙම කණිශ්ක රජ තුමා සිංහාසනාරුඨ වූයේ ක්‍රි:ව: 78 දීය. ජ්‍යෝතිෂ්ශාස්ත්‍රයේ ඉතා වැදගත් වර්ශයක් වන ශක වර්ශ ක්‍රමය ආරම්භ වූයේද මෙම අවස්ථාවේ සිටය.

රාශි චක්‍රයසංස්කරණය

බටහිර හා වේදීය ජ්‍යෝතිෂයේ එන රාශි චක්‍රය එක සමාන නාමයන් ඇතිමුත් ‍චීන ජ්‍යොතිෂයේ එන රාශි චක්‍රය මීට වෙනස් වේ. බටහිර හා වේදීය ජ්‍යෝතිෂයේ පෘටිවිය වටා අහස කොටස් දොලසකට බෙදා පහත නාම කරන දී ඇත.

අංකය රාශිය අධිපතියා කාල පුරුශයාගේ අවයවය
1 මේෂ කුජ හිස
2 වෘෂභ ශුක්‍ර මුහුණ
3 මිථුන බුධ උරය
4 කටක චන්ද්‍ර හෘදය
5 සිංහ රවි බඩ
6 කන්‍යා බුධ උකුල
7 තුලා ශුක්‍ර වස්තිය
8 වෘශ්චික කුජ(ප්ලූටෝ) ලිංගය
9 ධනු ගුරු කලවා
10 මකර ශනි දෙදන
11 කුම්භ ශනි(යුරේනස්) කෙණ්ඩා
12 මීන ගුරු(නැප්චුන්) දෙපතුල

ග්‍රහයෝසංස්කරණය

නව ග්‍රහ මණ්ඩලයසංස්කරණය

  1. රවි
  2. චන්ද්‍ර
  3. කුජ
  4. බුධ
  5. ගුරු
  6. ශුක්‍ර
  7. ශනි
  8. රාහු (‍බටහිර ජ්‍යෝතිෂය යේදී භාවිතා නොවේ)
  9. කේතු(‍බටහිර ජ්‍යෝතිෂය යේදී භාවිතා නොවේ)

වෙනත් ග්‍රහයෝසංස්කරණය

  1. යුරේනස්
  2. නැප්චුන්
  3. ප්ලූටෝ

උපග්‍රහයෝසංස්කරණය

සූර්‍ය උදාව සහා සූර්‍ය අස්ථය උපයෝගි කර ගනිමින්ද කේනද්‍රය සාදනවේලාවේ රවි නොහාත් සූර්යා සිටින ස්ථානය උපයෝගී කරගනිමින්ද වේදීය ජ්‍යෝතිෂ්ශයේ යොදාගන්න විශේෂ ග්‍රහයන් සඳහා උපග්‍රයෝ යන නම භාවිතා කරයි. ඒවා නම්,

  1. ධූම
  2. ව්යාප්ත
  3. පරිවේෂ
  4. ඉන්ද්රචාප
  5. උපකේතු
  6. ගුලික
  7. මාන්දි
  8. කෝදණ්ඩ
  9. යමගණ්ටක
  10. අර්ධ ප්රහාර
  11. මෘත්ය
  12. පරිධි
  13. කාල



නැකත් පාදසංස්කරණය

මේ සෑම නැකතක්ම සමානව පාද සතරකට බෙදා ඇත. එක් පාදයක් යනු නැකතකින් සතරකින් කොටසකි.

විවේචනයසංස්කරණය

බුදු රජාණන් වහන්සේ ජ්‍යොතිෂය බොහෝ අවස්තා වලදී විවේචනයට ලක් කල සේක.

මජ්ජිම නිකායේ භද්දෙකරත්ත සූත්‍රයේ (සූත්‍ර අංක 131), බුදු රජාණන් වහන්සේ ‍ෙමසේ වදාල සේක,

“පසුවූ අතීතය ගැන නොසිතන්න, ඉදිරියට ඇති අනාගතය ගැනද නොසිතන්න. තමා දැන් සිටින වර්තමානය නොහොත් මේ මොහොත ගැන සිතන්න. අද කල යුතු දේ අදම කරන්න. හෙට ඔබ මෙලොවින් සමුගන්නා දවස විය හැක. මෙලොව සාර්ථකම ජීවිතය ගත කරනුයේ. නොපමාව, නිකරනුනේ කල් නොදමා, මේ මොහොතේ කල යුතු දේ, මේ මොහොතේම කරන පුද්ගලයාමය.”

දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ (සූත්‍ර අංක 1), ජ්‍යොතිෂය සහ සෙසු ගුප්ත විද්‍යාවන්, වංචනික ශාස්ත්‍ර ලෙස හඳුන්වා ඇත.

වංචාවෙන් විවාහයක් කඩාකප්පල් කල කපටි ජ්‍යොතිෂවේදියකු ගැන කියැ‍ වෙන නක්කත්ත ජාතකයේ බුදු රජාණන් වහන්සේ ‍ෙමසේ වදාල සේක,

“මෝඩයා නැකතක් එන තුරු නිකරුනේ බලා සිටී. සැබෑම නැකත වන්නේ තමාගේ අරමුණ සපල කරගැනීමයි. තරුවලට කුමක් කල හැකිද?”

එමෙන්ම විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ ජ්‍යොතිෂය සහ ‍ෙසසු ගුප්ත විද්‍යාවන් මහා සංඝරත්නයට තහනම් කර ඇත.

නමුත් තිරස්චීන විද්‍යා යනුවෙන් බුදුන් වහන්සේ අදහස් කර ඇත්තේ නිවනට බාදා වන දේ බැවින් මෙම ශාස්ත්‍රය ගිහියන් විසින් භාවිතා කිරීමේ වරදක් නොමැති බවද විද්වතුන්ගේ මතයයි.

ආශ්‍රිත ලිපිසංස්කරණය

ආශ්‍රිතසංස්කරණය

  1. Preface of Brihatjatakaya, 1918 Paraphrased By Don David Jayamanna, Published by Vidyadarsa Press

බාහිර සබැඳුම්සංස්කරණය

තවද බලන්නසංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=තාරකාශාස්ත්‍ර&oldid=436424" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි