ත්‍රිශා (නිළිය)

ඉන්දියානු නිළිය

ත්‍රිශා ක්‍රිෂ්ණන් (උපත 1983 මැයි 4),[7] හෙවත් ඒකනාමිකව ත්‍රිශා යනුවෙන් හඳුන්වන්නේ ඉන්දියානු චිත්‍රපට නිළියක සහ නිරූපිකාවකි. වර්තමානයේ ඇය ප්‍රමුඛ නිළියක ලෙසින් සිය ස්ථානය ගොඩනගා ගෙන ඇත. ඇයව ජනයා විසින් හඳුනාගත්තේ මදුරාසි රූ රැජින (1999) වැනි රූමතියන් තේරීමේ තරගවලිනි. අනතුරුව ඇය චිත්‍රපට කර්මාන්තය වෙත දොරටු විවර කරගත්තා ය. දැනට ඇය දෙමළ,තෙලිගු,හින්දි,කන්නඩ හා මලයාලම් භාෂා චිත්‍රපටි රගපා ඇත.

ත්‍රිශා
ත්‍රිශා 2011දී
උපත4 මැයි 1983 (1983-05-04) (වයස 40)[1][2][3]
රැකියාවචිත්‍රපට නිළියක, නිරූපිකාවක
සක්‍රීය වසර1999–වර්තමානය

1999 දෙමළ චිත්‍රපටයක් වූ ජෝඩි තුළ සහාය චරිතයක් නිරූපණය කිරීමෙන් පසු 2002දී ඇය මෞනම් පේසියදේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළා ය. පසුව සාමි (2003) සහ ගිල්ලි (2004) වැනි සාර්ථක චිත්‍රපට තුළින් දෙමළ සිනමාවත්, වර්ෂම් (2004) වැනි චිත්‍රපට තුළින් තෙලිඟු සිනමාවත් ප්‍රවිෂ්ට වූවා ය.[8] . පසුව 2010දී, ඇය සිය බොලිවුඩ් ආගමනය සනිටුහන් කළේ ඛට්ට මීඨා චිත්‍රපටය තුළිනි.[9]2019 මෙවසරේ ඇයගේ සිහින චිත්‍රපටය ලෙස තිරගත වූ පේට්ට චිත්‍රපටයේ සුපිරි නළු රජිනිකාන්ත් සමග ඇය රගපා ඇත.

සම්මානනීය චිත්‍රපට සංස්කරණය

ඇයගේ හොඳම චිත්‍රපට ලෙස සැලකෙන්නේ අභියුම් නානුම් (2008) සහ වින්නෛතාණ්ඩි වරුවායා (2010) චිත්‍රපටයන් ය. මින් දෙවනුවට සඳහන් චිත්‍රපටය වෙනුවෙන් ඇය ප්‍රියතම වීරවරිය සඳහා විජයි සම්මානය හිමි කරගත් අතර ෆිල්ම්ෆෙයාර් හොඳම දෙමළ නිළිය සම්මානය සඳහා නිර්දේශ වූවා ය. 2016 දී කොඩි දෙමළ චිත්‍රපටයට ඇය siima හොදම ත්‍රාසජනක නිළිය ලෙස සම්මාන ලැබුවාය. නුව්වොස්තනන්ටේ නේනොඩ්ඩාන්ටනා (2005) සහ ආදාවරි මතලකු අර්ධලු වෙරුලේ (2007) වෙනුවෙන් ඇය තවත් දෙවරක් එම සම්මානය සිමිකර ගත්තා ය.වර්ෂම් තෙලිඟු චිත්‍රපටය වෙනුවෙන් ඇය සිය ප්‍රථම දකුණු ෆිල්ම්ෆෙයාර් හොඳම නිළිය සම්මානය හිමි කරගත්තා ය. දෙමළ සිනමාවේ සාර්ථකත්වයෙන් ඉහළ නිළිය ලෙස 2010 වසරේ තමිල්නාඩු රාජ්‍ය සම්මානයද ජූරි සම්මානයක්ද ඇය හිමිකරගත්තාය. නුව්වොස්තනන්ටේ නේනොඩ්ඩාන්ටනා චිත්‍රපටයට හොඳම නිළිය ලෙස 2010 වසරේ ආන්ද්‍රා ප්‍රාන්ත රාජ්‍ය සම්මානයද ඇය හිමිකරගත්තාය.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "It's Trisha's birthday!". Behindwoods. 4 May 2009. සම්ප්‍රවේශය 18 October 2011.
  2. "It's all about the Visibility!: Trisha". The Times of India. 24 July 2010. 25 April 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 October 2011.
  3. "Tamil actress Trisha's b'day treat". CNN IBN. සම්ප්‍රවේශය 18 October 2011.
  4. "About Trisha". trisha-krishnan.com. 2 December 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 February 2016. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  5. "Birthday Exclusive about Trisha". Deccan Chronicle. සම්ප්‍රවේශය 20 February 2016.
  6. "Happy Birthday Trisha". Times of India. සම්ප්‍රවේශය 20 February 2016.
  7. "About Me". Trisha Krishnan (Official Website). 2 December 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-01-30. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  8. "Trisha: Follow your dreams". IndiaGlitz. 13 December 2004. සම්ප්‍රවේශය 18 October 2011.
  9. "Trisha Krishnan – Biography, Photo, Movies, Trisha Krishnan Wallpapers, Videos, Songs". Chakpak.com. 4 May 1983. සම්ප්‍රවේශය 18 October 2011.

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:CineMAABestActress

"https://si.wikipedia.org/w/index.php?title=ත්‍රිශා_(නිළිය)&oldid=592191" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි