ඩේවිඩ් පේන්ටර්
ඩේවිඩ් පේන්ටර් ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු වේ.
ඩේවිඩ් පේන්ටර් | |
---|---|
උපත | 1900 මාර්තු 5 ඇල්ලෝරා, උතුරු ඉන්දියාව |
මියගිය දිනය | 1975 ජුනි 9 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
ප්‍රසිද්ධව ඇත්තේ | චිත්‍ර කලා ශිල්පි |
මුල් අවධිය
සංස්කරණය1900 වර්ෂයේ මාර්තු 5 වන දිනදී ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ඇල්ලෝරාහීදී මිෂනාරි පවුලකට දාව ඩේවිඩ් පේන්ටර් උපත ලැබී ය. ඔහුගේ පියා ගැලවීමේ හමුදාවේ යුරෝපීය ජාතිකයෙකු වූ අතර මව දකුණ පළාතේ සිංහල කාන්තාවක් වූවාය.[1] පසුකාලීනව ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ පේන්ටර් මහනුවර ත්‍රිත්ව විදුහලෙන් සිය අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා වයස අවුරුදු 19දී එංගලන්තයේ රෝයල් ඇකඩමියට ඇතුළත් විය.
චිත්‍ර ශිල්පියෙකු ලෙස
සංස්කරණයඩේවිඩ් පේන්ටර් විසින් නිර්මාණය කල මුල්ම බිතු සිතුවම් වන්නේ 1929-1933 අතර කාලය තුල දී ත්‍රිත්ව දෙව් මැදුරේ ඇඳි සිතුවම් වේ.[2]
1946 වර්ෂයේ නවදිල්ලියේ පවත්වන ලද ජාත්‍යන්තර චිත්‍ර ප්‍රදර්ශනයේදී විශ්ෂ්ඨතම චිත්‍ර ශිල්පියාට හිමි සම්මානය ඩේවිඩ් පේන්ටර් විසින් හිමිකර ගන්නා ලදී. 1956 දී ඔහු මෙරට රජයේ ලලිත කලායතනයේ දෙවැනි විදුහල්පති බවටද පත් විය.
නිර්මාණ
සංස්කරණය
| |
ආශ්‍රිත
සංස්කරණය- ^ "මානව රූපයේ ආයතනික ලාංකික ලකුණ ඩේවිඩ් පේන්ටර්". සිළුමිණ. සම්ප්‍රවේශය 23 ජූනි 2010.
- ^ "ත්‍රිත්ව දෙව් මැදුරේ සිතුවම් අතරේ". දිණමිණ. සම්ප්‍රවේශය 23 නොවැම්බර් 2012.