ඩෙන්මාර්ක රජ පවුලේ ප්‍රධානියා දෙවන මාග්‍රෙත් රැජින වේ. දෙවන මාග්‍රෙත් රැජින හැර ඩෙන්මාර්ක රාජකීය පවුලේ සියලුම සාමාජිකයින් ඩෙන්මාර්කයේ කුමරු/කුමරිය හෝ මොන්පෙසාට් හි කවුන්ට්වරයා/කවුන්ටස්වරිය යන පදවි නාමය දරයි . රජතුමාගේ දරුවන්, දරුවන්ගේ භාර්යාවන් සහ කිරුළ හිමි කුමරුගේ දරුවන් His /Her Royal Highness යන විලාසය පිරිනමනු ලබන අතර රාජවංශයේ අනෙකුත් කුමර,කුමරියන් His/Her Highness ලෙස ආමන්ත්‍රණය කරනු ලැබේ. කුමර,කුමරි පදවි නොදරන මොන්පෙසාට්හි කවුන්ට්වරයා/කවුන්ටස්වරිය යන පදවි පමණක් දරන රජ පවුලේ සමාජිකයන් His/Her Excellency ලෙස ආමන්ත්‍රණය කරනු ලැබේ. රැජින Her Majesty ලෙස ආමන්ත්‍රණය කරයි .

2010 අප්‍රේල් 16 වන දින රැජිනගේ 70 වැනි උපන්දිනය අතරතුර ඩෙන්මාර්කයේ රාජකීය පවුල. වමේ සිට දකුණට: ඔටුන්න හිමි මේරි කුමරිය , ෆීලික්ස් කවුන්ට්තුමා , ඔටුන්න හිමි ෆ්‍රෙඩ්රික් කුමරු , ක්‍රිස්ටියන් කුමරු , දෙවන මාග්‍රෙත් රැජින , නිකොලායි කවුන්ට්තුමා , හෙන්රික් කුමරු , ජෝකිම් කුමරු සහ ජෝකිම් කුමරු


රැජින, රැජිනගේ සහෝදර සහෝදරියන් සහ රැජිනගේ පරම්පරාව ඕල්ඩන්බර්ග් රාජවංශයේ ශාඛාවක් වන ග්ලූක්ස්බර්ග් රාජවංශයට අයත් වේ . රැජිනගේ දරුවන් සහ පිරිමි පරම්පරාවෙන් පැවත එන්නන් ද ලැබෝර්ඩ් ද මොන්පෙසාට් පවුලට අයත් වන අතර , 2008 අප්‍රේල් 30 වැනි දින රාජකීය නියෝගයෙන් ඔවුන්ට මොන්පෙසාට්හි කවුන්ට්වරයා/කවුන්ටස්වරිය යන පදවි නාමය ලබා දෙන ලදී .


ප්‍රධාන සාමාජිකයන් සංස්කරණය

ඩෙන්මාර්ක රාජකීය පවුලට ඇතුළත් වන්නේ:

1.දෙවන මාග්‍රෙත් රැජින ( ප්‍රධානියා )

2.ඔටුන්න හිමි ෆ්‍රෙඩ්රික් කුමරු සහ ඔටුන්න හිමි මේරි කුමරිය (රැජිනගේ පුතා සහ ලේලිය)

3.ක්‍රිස්ටියන් කුමරු (රැජිනගේ මුනුපුරා)

4.ඉසබෙලා කුමරිය (රැජිනගේ මිනිබිරිය)

5.වින්සන්ට් කුමරු (රැජිනගේ මුණුපුරා)

6.ජොසෆින් කුමරිය (රැජිනගේ මිනිබිරිය)

7.ජෝකිම් කුමරු සහ මාරි කුමරිය (රැජිනගේ පුතා සහ ලේලිය)

8.නිකොලායි කවුන්ට්වරයා(රැජිනගේ වැඩිමහල් මුනුපුරා)

9.ෆීලික්ස් කවුන්ට්වරයා (රැජිනගේ මුනුපුරා)

10.හෙන්රික් කවුන්ට්වරයා (රැජිනගේ මුනුපුරා)

11.ඇතීනා කවුන්ටස්වරිය (රැජිනගේ මිනිබිරිය)

13.බෙනඩික්ට් කුමරිය (රැජිනගේ සහෝදරිය)

"https://si.wikipedia.org/w/index.php?title=ඩෙන්මාර්ක_රජ_පවුල&oldid=555903" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි