ඩෙන්ඩෙරා ආලෝකය යනු ඊජිප්තුවේ ඩෙන්ඩෙරා දේවස්ථාන සංකීර්ණයේ හාතෝර් දේවස්ථානයේ ශෛලමය කැටයම් තුනක (තනි එකක් සහ ද්විත්ව නිරූපණයක්) නිරූපණය කොට ඇති යෝජිත පුරාතන ඊජිප්තු විද්‍යුත් ආලෝකකරණ තාක්ෂණයකි. මෙම කැටයමට ඇතැම් ඉතිහාසඥයන්‍ අතර වැදගත්කමක් හිමිව ඇත්තේ එහි වූ සංකේත ඇතැම් නූතන විද්‍යුත් ආලෝකකරණ ක්‍රමවලට සමානත්වයක් පෙන්වන හෙයිනි.

"ඩෙන්ඩෙරා ආලෝකය", එක් කුටියක දකුණු කොටසෙහි වම්පස බිත්තියේ වූ තනි නිරූපණයක්

බහුතරයක් ඊජිප්තුවේදීන් විශ්වාස කරන්නේ මෙය ඊජිප්තු පුරාණෝක්තිවේදයේ හුදු සංකේතාත්මක රූ පමණක් බව ය.

අර්ථ නිරූපණය සංස්කරණය

මුඛ්‍යධාරා මතය සංස්කරණය

ඊජිප්තුවේදීන්ගේ මතය වන්නේ මෙම කැටයම මගින් ඊජිප්තු පුරාණෝක්තිවේදයේ සංකල්ප නිරූපණය කෙරෙන ඩ්ජෙඩ් කුළුණක් සහ සර්පයකු මුදාහරින නෙළුම් මලක මිත්‍යාමය නිරූපණයක් බවයි.[1][2] ඩ්ජෙඩ් කුළුණ යනු ස්ථාවරත්වයේ සංකේතයක් වන අතර, එය ඔසිරිස් දෙවියන්ගේ කොඳු නාරටිය යනුවෙන් ද අර්ථ දැක්වේ. කුළුණු හිස සෑදී ඇති තිරස් රේඛා හතරෙන් මිනිස් අත් දෙකක් පැනනගින අයුරු දක්වා ඇත්තේ ඩ්ජෙඩ් කොඳුනාරටියේ ස්වභාවය සිහිපත් කරමිනි. අත් මගින් නෙළුම් මල තුළ වූ සර්පයා ඇද තබා ගනියි. නෙළුමෙන් විහිදෙන සර්පයා මගින් වාර්ෂික නයිල් ජලගැලුම් හා සම්බන්ධ සශ්‍රීකත්වය සංකේතවත් කෙරේ.[2]

අමතර මතය සංස්කරණය

ප්‍රධාන මතය හා සැසඳීමේ දී තවත් විකල්ප කල්පිතයක් ද ඇති අතර, ඉන් කියැවෙන්නේ එම කැටයම මගින් පුරාතන ඊජිප්තු විද්‍යුත් තාක්ෂණය නිරූපණය වන බවයිත මේ සඳහා පාදක කොටගෙන ඇත්තේ නූතන උපාංගවලට (ගයිස්ලර් නළ, කෲක්ස් නළ, සහ චාප ලාම්පු) මෙය දක්වන සමාන පෙනුමයි.[3][4] විදුලි පහන් පිළිබඳ වන මෙම හාස්‍යජනක මතය සඳහා ජේ. එන්. ලොකියර්ගේ ආශ්‍රේයයක් වන සොහොන්ගැබ්වලින් දැලි තැන්පතු හමුනොවීමේ කරුණ ඇතැම් අවස්ථාවල දී මෙම අර්ථනිරූපණය සඳහා තර්කයක් ලෙස භාවිතා වේ (තවත් තර්කයකින් කියැවෙන්නේ පරාවර්තන කැඩපත් සහිත පද්ධතියක් භාවිතා වූ බවයි).[5] මෙම මතයට පක්ෂව අදහස් දක්වන්නෝ මේ බවට තර්ක කිරීමට "තඹ ඵලකවලින් ආවරණය කළ උස් කුඹ ගස්" පිළිබඳ සටහනක් ඉදිරිපත් කරති.[6] නමුත් ආචාර්ය බොල්කෝ ස්ටර්න් කුළුණුවල (සම්බන්ධ අටලුවලට වඩා උසින් අඩු) මුදුන් තඹවලින් ආවරණය කිරීමට හේතුව විද්‍යුතය හෝ අකුණු ගැසීම් සමග සම්බන්ධ නොවන බව රචනා කොට ඇත. ඊජිප්තුව තුළ විද්‍යුතය උත්පාදනයට යම්කිසි දෙයක් භාවිත වූ බවට කිසිදු සාක්ෂියක් හමුනොවන නිසා මෙය හුදු මායාමය අදහසක් මිස තාක්ෂණික අදහසක් නොවන බව ඔහු කියයි.[7]

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Wolfgang Waitkus, Die Texte in den unteren Krypten des Hathortempels von Dendera: ihre Aussagen zur Funktion und Bedeutung dieser Räume, Mainz 1997 ISBN 3-8053-2322-0 (tr., The texts in the lower crypts of the Hathor temples of Dendera: their statements for the function and meaning of these areas)
  2. 2.0 2.1 "Dendera Temple Crypt". iafrica.com.
  3. Childress, D. H. (2000). Technology of the gods: the incredible sciences of the ancients. Kempton, Ill: Adventures Unlimited Press. ISBN 0932813739
  4. Electricity in ancient times. WUFOC and NÄRKONTAKT.
  5. Lockyer, J. Norman (1998) [1894]. The Dawn of Astronomy. Kessinger Publishing. pp. 180–1. ISBN 1564591123.[permanent dead link]
  6. Bruno Kolbe, Francis ed Legge, Joseph Skellon, tr., "An Introduction to Electricity". Kegan Paul, Trench, Trübner, 1908. 429 pages. Page 391. (cf., "[...] high poles covered with copper plates and with gilded tops were erected 'to break the stones coming from on high'. J. Dümichen, Baugeschichte des Dendera-Tempels, Strassburg, 1877")
  7. Stern, Bolko (1998) [1896]. Ägyptische Kulturgeschichte. Reprint-Verlag-Leipzig. pp. 106–108. ISBN 978-3826219085. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඩෙන්ඩෙරා_ආලෝකය&oldid=592144" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි