ඩීඑන්ඒ අළුත්වැඩියාව

ඩීඑන්ඒ අළුත්වැඩියාව යනු, සෛලයක් විසින්, එහි ජෙනෝමය කේතාංකනය කරන ඩීඑන්ඒ අණු වලට ඇතිවන හානි හඳුනාගෙන ඒවා නිවරද කරන ක්‍රියාවලීන් මාලාවකට යෙදෙන නමකි. මිනිස් සෛල තුලදී, සාමාන්‍ය පරිවෘත්තිමය ක්‍රියාවලියන් සහ පාරජම්බුල ආලෝකය සහ විකිරණය වැනි පාරිසරික සාධක යන දෙකම විසින් ඩීඑන්ඒ හානි ඇති විය හැකි අතර, දිනකට එක් සෛලයක් සඳහා 1 මිලියනයක් තරම් වැඩි ප්‍රමාණයක් තනි තනි අණුක ක්ෂතියන් සිදු වෙයි. [1] මෙම ක්ෂතියන් බොහෝමයක් විසින් ඩීඑන්ඒ අණු වලට ව්‍යුහාත්මක හානි සිදු කරන අතර, බලපෑමට ලක්වූ ඩීඑන්ඒ අණුව විසින් කේතාංකනය කරනු ලබන ජානය පිටපත්කිරීමට සෛලයෙහි ඇති හැකියාව වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට හෝ ඉවහල් විය හැක. අනෙකුත් ක්ෂතියන් විසින්, සෛලයෙහි ජෙනෝමය තුල, විභව්‍ය ලෙසින් අනර්ථකාරී විකෘතියන් ඇති කල හැකි අතර, අනූනන විභාජනයට ලක් වීමෙන් පසුව, එහි දුහිතෘ සෛලයන්ගේ නොනැසී පැවතීම කෙරෙහි බලපෑම් ඇති කර ලයි. මෙහි ප්‍රතිවිපාකයක් වශයෙන්, ඩීඑන්ඒ ව්‍යුහයට සිදු වන හානියට ප්‍රතිචාර දක්වන කල්හී, ඩීඑන්ඒ අළුත්වැඩියා ක්‍රියාවලිය නිරන්තරයෙන් සක්‍රීයව පවතියි.

බහු විධ බිඳුනු වර්ණදේහ ඇති කරන ඩීඑන්ඒ හානිය

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ ලොඩිෂ් එච්, බර්ක් ඒ, මට්සුඩයිරා පී, කයිසර් සී ඒ, ක්‍රීගර් එම්, ස්කොට් එම් පී, සිපර්ස්කි එස් එල්, ඩානෙල් ජේ. (2004). මොලිකියුලර් බයලජි ඔෆ් ද සෙල්, පි963. ඩබ් එච් ෆ්‍රීමන්: නිව්යොර්ක්, NY. 5වන සංස්.
"https://si.wikipedia.org/w/index.php?title=ඩීඑන්ඒ_අළුත්වැඩියාව&oldid=348280" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි