ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය - තෝලංගමුව

(ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය වෙතින් යළි-යොමු කරන ලදි)

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය කොළඹ-නුවර මහා මාර්ගයේ වරකාපොල නගරයට කිලෝමීටර් 6ක් පමණ නුවර දෙසට වන්නට පිහිටා ඇත. රමණිය කදු ගැටයක් මත පිහිටි මෙම විද්‍යාලය ඉදිරියෙන් ඇති තාල වර්ගයේ ශාක නිසා ඉතාමත්ම රමණියවි ඇත.

ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය - තෝලංගමුව


මෙම පාසල සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ මධ්‍ය මහා විද්‍යාල සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ආරම්භක පාසල් කිහිපය සමග ආරම්භ කරන ලදී. . දැනට ළමුන් 3000 ක් පමණ මෙහි අධ්‍යාපනය හදාරති. ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රධාන අධ්‍යාපනයට අමතරව පරිගණක අංශය, ක්‍රීඩා කටයුතු ,ආදිය ප්‍රධාන තැනක් ගනී. 1 සිට 5 ශ්‍රේණි දක්වා මෙම පාසලේ සමාන්තර පන්ති 3 බැගින් ඇති අතර 6 සිට 11 ශ්‍රේණිය දක්වා සමාන්තර පන්ති 5 බැගින් ඇත. භෞතික විද්‍යා, ගණිත, කලා හා වාණිජ පන්ති උසස් පෙල සිසුන් සදහා පැවැත්වේ. මේ අතරම 6 සිට 11 ශ්‍රේණි දක්වා විශයක් කිහිපයක්ද, අ.පො.ස. උසස් පෙළ ගණිත සහ ජීව විද්‍යා අංශයද ඉංග්‍රීසි මාධයෙන් පැවැත්වේ.


බාහිර සබැඳුම් සංස්කරණය