ටියුරින්හි ශ්‍රී සළුව

ටියුරින්හි ශ්‍රී සළුව (ඉතාලි: සින්ඩෝනෙ ඩි ටොරීනෝ), නැතහොත් ශ්‍රී සළු ධාතුව (ඉතාලි: සාක්‍රා සින්ඩෝනේ), යනු ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරයේ රුව කාවැදුනු හණ සළුවකි. ජේසුස් වහන්සේගේ උකුත්වීමේන් පසුව ශ්‍රී දේහය එතීමට යොදාගත්, ශ්‍රී රුව කාවැදුනු මෙම සළුව කතෝලික සභාව තුල පූජනීය ස්ථානයක් දරයි. ශ්‍රී මුහුණේ භැතියේදී භාවිතා වන රූපයද මෙයින් ලබා ගත් චායා රූපයකි.

ටියුරින්හි ශ්‍රී සළුව
ශ්‍රී සළු ධාතුවේ රූපය (වම), ඩිජිටල් මාර්ගයෙන් වැඩිදියුනු කල රුව (දකුණ)
මාධ්‍යයහණ රෙදි
ප්‍රමාණය4.4 m × 1.1 m (14 ft 5 in × 3 ft 7 in)
වර්තමාන පිහිටුමඉතාලියේ ටියුරින්හි ශ්‍රී සළුවේ දේව්මැදුර
Period13 හා 14වන සියවස
ශ්‍රී සළු ධාතුවේ සම්පූර්න ඡායාරූපයක්

මෙහි ලේඛනගත ඉතිහාසය එය උතුරු-මැද ප්‍රංශයේ ග්‍රාමයක් වන ලිරේ හි නව කොලෙජියට් දෙව්මැදුරේ ප්‍රදර්ශනය තබා තිබූ කාලය වන 1354 වර්ශය දක්වා දිව යයි. එය 1453 දී "සැවෝයි හවුස්" විසින් අත්පත් කර ගන්නා ලද අතර පසුව චැම්බරි හි දේවස්ථානයක තැන්පත් කරන ලදී. 1578 දී, සැවෝයිවරු ටියුරින් හි ඔවුන්ගේ නව අගනුවරට ශ්‍රී සළුව ගෙන ගිය අතර, වර්තමානයේ පවා එය එහි තැම්පත් කර ඇත්. ශ්‍රී සළුවේ භාරකාරත්වය එකම ශුද්ධවූ කතෝලික සභාවට පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=ටියුරින්හි_ශ්‍රී_සළුව&oldid=699123" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි