ටක (ඒක වචනය - ටකය) යනු ගොවිතැනේදී සහ වගාවන්දී ශබ්ද නැගීම මගින් සතුන් පලවාහැරීමට යොදාගන්නා උපකරණ වේ.

ටක වර්ග සංස්කරණය

සාමාන්‍ය ටක සංස්කරණය

කුරුල්ලන් වැනි කුඩා සතුන් පලවාහැරීම සඳහා උඩක රඳවන ලද ලණුවකින් මෙහෙයවන ශබ්දය නංවන උපකරණයකි. බොහෝවිට ටකය සාදාගනු ලබන්නේ පැරණි හෝ භාවිතයට නොගන්නා බාල්දියක් වැනි ලෝහමය වස්තුවක් ආධාරයෙනි. එම බාල්දිය මැදින් හිල් කර ඒ තුලින් කිසියම් තවත් එක් යකඩ කැබැල්ලක් එල්වනු ලැබේ. ඒම එල්ලූ යකඩ කැබැල්ලේ ගැට ගැසූ ලනුව ටකය නද කිරීමට යොදාගන්නා උපක්‍රමයයි. මෙම බාල්දිය උඩුකුරුව කිසියම් උසකින් ගසක සවි කරනු ලැබේ. ලණුව පැද්දීම නිසා බාල්දිය මැද ඇති යකඩ කැබැල්ල බාල්දියේ වැදේ. මෙවිට නැගෙන ශබ්දය මගින් කුරුල්ලන් වැනි කුඩා සතුන් පලවා ගත හැකිය. බොහෝවිට හේන් ගොවිතැන හා බැඳි උපකරණයකි.

දිය හොල්මන සංස්කරණය

දිය හොල්මන එසේත් නැත්නම් දිය ඩේඟරය යනු කුඹුරු වල වගා පාලු කිරීමට පැමිණෙන මීයන් කුරුල්ලන් වැනි කුඩා සතුන් එලවීම සඳහා අතීත සිංහල ගැමියන් විසින් බහුලව යොදා ගනු ලැබූ සරල උපකරණයකි. මෙය කුඹුරු බිම්හී බොහෝ විට යොදා ගන්නා ලදී.

ගොඩ හොල්මන සංස්කරණය

හුලං නාව සංස්කරණය

හුලං හොල්මන සංස්කරණය

බුරුම් පෙති සංස්කරණය

බොකු කුල්ල සංස්කරණය

දඬු බෙර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ටකය&oldid=425640" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි