ජෝසුන්හි සුන්ජෝ රජ

සුන්ජෝ (29 ජූලි 1790 – 13 දෙසැම්බර් 1834, රාජ්‍ය සමය 1800–1834) යනු කොරියානු ජොසොන් රාජවංශයේ 23වන පාලකයායි. ඔහු උපත ලැබූයේ රාජකීය කුමරු යි ගොං යන නාමයෙනි. සුන්ජෝ යනු ජොංජෝ රජු‍ගේ දෙවන පුත්‍රයා වූ අතර, ඔහු ජොංජෝ රජුට දාව රජුගේ උපබිසවක් වූ සුබින් බිසවට උපත ලැබී ය.

සුන්ජෝ
ජොසොන්හි රජ
රාජ්‍ය සමය1800-1834
පූර්වප්‍රාප්තිකයාජොසොන්හි ජොංජෝ
අනුප්‍රාප්තිකයාජොසොන්හි හොන්ජොං
උපත29 ජූලි 1790(1790-07-29)
මරණය13 December 1834(1834-12-13) (වයස 44)
භූමදානයඉල්ල්‍යොං, සෝල්, කොරියාව
වල්ලභයාසුන්වොන් අගබිසව,
රාජකීය පාක් උපබිසව
දරුවන්කිරුළහිමි හ්යෝම්යොං කුමරු
නොහඳුනන කුමරෙක්
ම්යොන්ගොන් කුමරිය
බොකොන් කුමරිය
දොකොන් කුමරිය
යොංගොන් කුමරිය
වංශයයි ගෘහය
පියාජොසොන්හි ජොංජෝ රජු
මවරාජකීය වංශවත් සු බිසව
ජෝසුන්හි සුන්ජෝ රජ
හංගුල්순조
හන්ජා純祖
ප්‍රතිශෝධිත රෝමානුකරණයසුන්ජෝ
මැකූන්–‍රයිෂවර්සුන්ජෝ
උපන් නාමය
හංගුල්이공
හන්ජා李蚣
ප්‍රතිශෝධිත රෝමානුකරණයඉ ගොං
මැකූන්–‍රයිෂවර්රි කොං

චරිතාපදානය සංස්කරණය

1800දී, සිය පිය රජු වූ ජොංජෝ රජුගේ වියෝවත් සමග, 11 වියැති සුන්ජෝ සිහසුනට පත් විය.

1802දී, සන්ජෝ රජු අන්දොංහි, කිම් ආර්යාව සමග විවාහ වූ අතර, ඇයව සුන්වොන් අගබිසව යන මරණාපර නාමයෙන් හැඳින්වෙයි. ඇය අන්දොං කිම් වංශයේ නායකයකු වූ කිම් ජෝ-සුන්ගේ දියණියයි.

ළාබාල වියේදී සිහසුනට පත් වීම නිසා, යොංජෝ රජුගේ දෙවන අගබිසව වූ ජොංසුන් මව්බිසව රාජ්‍යාධිකාරී රැජිනක ලෙස රාජ්‍ය පාලනය කරමින්, රාජ්‍ය සබඳතා ඔස්සේ බලය මෙහෙයවූවා ය. දේශපාලනය ප්‍රතිසංස්කරණය කිරීමට සුන්ජෝ රජු උත්සාහ දැරුව ද, රජයේ පදනම් මූලධර්ම පිරිහෙන්නට විය. රාජ්‍ය විභාගය අවිධිමත් වූ අතර රාජ්‍ය පරිපාලනය දූෂිත විය. මේ හේතුවෙන් සමාජයේ නොයෙකුත් අර්බුධ පැනනැගුණු අතර, ජනයා අතර නොයෙකුත් කැරලි පැනනැගිණි. ඒ අතර හොං ග්යොංනේගේ කැරැල්ල ප්‍රධාන වේ. මෙම යුගයේ දී, ඔගාජක්තොංබොප් (五家作統法, පංච නිවාස එක් ඒකකයක් ලෙස සංවිධානය කිරීම සඳහා හඳුන්වාදුන් සංඛ්‍යාලේඛන ලියාපදිංචි පද්ධතිය) ක්‍රමය ද ඇරඹිණි. එසේම රෝමානු කතෝලික ධර්මයට පීඩා කිරීම ද සිදු විය.[1]

වර්ෂ 35ක් රාජ්‍ය විචාරීමෙන් පසු 1834දී සුන්ජෝ රජු මියගියේ ය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 44කි. ඔහුගේ දේහය මුලින් පාජුහි, ජංන්‍යොංහි ඉන්ජෝ රජුගේ සහ ඉන්යෝ අගබිසවගේ සොහොනට යාබදව භූමදාන කරන ලදී. නමුත් පසුව එය ‍සෝල්හි ඉල්ල්‍යොංහි භුමදාන කරන ලද්දේ එම භූමියේ ෆෙං ෂුයි ක්‍රමය නොගැලෙප බව පැවසුණු නිසායි.[2]

පවුල සංස්කරණය

  1. අන්දොං කිම් වංශයේ සුන්වොන් අගබිසව (순원왕후 김씨, 15 මැයි 1789 – 4 අගෝස්තු 1857)[4][5]
    1. කිරුළහිමි හ්යෝම්යොං කුමරු (왕세자, 1809–1830)[6]
    2. නොහඳුනන කුමරෙක් (?, 1820–?)
    3. ම්යොංගොන් කුමරිය (명온공주, 1810–1832)
    4. බොකොන් කුමරිය (복온공주, 1818–1828)
    5. දොකොන් කුමරිය (덕온공주, 1828–1844)
  2. පාක් සුක්-උයි (숙의 박씨)
    1. යොංගොන් කුමරිය (영온옹주, 1817–1829)

ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය සංස්කරණය

  • කොරියාවේ මහා සුන්ජෝ සොංගක් යොන්දොක් හ්යොන්දෝ ග්යොංගින් සුන්හුයි චෙසොං ඉයුංම්යොං හ්‍යුම්ග්වං සොක්ග්යොං ග්යෙචොන් බේග්‍යුක් යුංවොන් දොන්හ්‍යු ඉයුයිහෙං සොයුන් හුයිහ්වා ජුන්ර්යොල් දේජුං ජිජොං හොංහුන් චොල්මෝ ගොන්සි තේහ්යොං චංගුන් හොංගි ගොම්යොං බක්හු ගංගොන් සුජොං ග්යේතොං සුර්යොක් ගොංග්යු බොම්මුන් අන්මු ජොංර්යොං ග්යොංසොං-හ්යෝ රජ
  • 순조선각연덕현도경인순희체성응명흠광석경계천배극융원돈휴의행소윤희화준렬대중지정홍훈철모건시태형창운홍기고명박후강건수정계통수력공유범문안무정령경성효대왕
  • 純祖宣恪淵德顯道景仁純禧體聖凝命欽光錫慶繼天配極隆元敦休懿行昭倫熙化浚烈大中至正洪勳哲謨乾始泰亨昌運弘基高明博厚剛健粹精啓統垂曆功裕範文安武靖英敬成孝大王

පෙළපත සංස්කරණය


මෙම රාජකීය පවුල සුරන් කිම් විසින් ඉදිරියට ගෙන යන ලදී. ඔහු මියාමි, FL හි පැවත එන පළමු පුද්ගලයායි.

මේවාත් බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "::: කල්චරල් හෙරිටේජ්, ද සෝස් ෆෝ කොරියන්ස්' ‍ස්ට්‍රෙංත් ඇන්ඩ් ඩ්‍රීම් :::". කොරියාවේ සංස්කෘතික උරුම පරිපාලනය. සම්ප්‍රවේශය 2 සැප්තැම්බර් 2013.
  2. "හොන්ඉල්ල්‍යොං රෝයල් ටූම්බ් සෝල්, කොරියා". එක්ස්ප්ලෝරිං කොරියා. සම්ප්‍රවේශය 2 සැප්තැම්බර් 2013.
  3. පාක් ජුන්-වොන් (박준원) සහ වොන්ජු වොන් වංශයේ වොන් මැතිණියගේ දියණියයි
  4. කිම් ජෝ-සුන් (김조순) සහ සිම් මැතිණියගේ (심씨) දියණියයි
  5. මරණයෙන් පසු ඇයව "සුන්වොන්, සූක් අධිරාජිනිය" (순원숙황후) ලෙස හැඳින්විණි
  6. ඔහුට "ඉක්ජොං" (익종) යන නාමය ලබාදෙන ලදී
ජෝසුන්හි සුන්ජෝ රජ
උපත: 1790 මරණය: 1834
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ජොංජෝ
ජොසොන්හි රජ
1800–1834
ජොංසුන් අගබිසව සමග (1800–1805)
අනුප්‍රාප්තික
හොන්ජොං
"https://si.wikipedia.org/w/index.php?title=ජෝසුන්හි_සුන්ජෝ_රජ&oldid=513827" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි