ජෝර්දාන නිම්නයෙහි බ්‍රිතාන්‍ය අධිවාසය

ඊජිප්තියානු කාර්යසාධක බලකාය (ඊඊඑෆ්) විසින් ජෝර්දාන් නිම්නය අධිවාසය 1918 පෙබරවාරි මාසයෙහිදී ඇරඹුනේ පළමුවන ලෝක යුද්ධයෙහි සයිනායි සහ පලස්තීන මෙහෙයුම තුලදීය. ජෙරිකෝව අල්ලාගැනීමෙන් පසුව පෙබරවාරි මාසයෙහිදී ඕක්ලන්ඩ් ආරෝහණ රයිෆල් රෙජිමේන්තුව විසින් ජෙරුසෙලෙමෙහි සිට මාර්ගයෙහි ඇරඹුමෙහි ජෙරිකෝව අසබඩ ජෝර්දාන් නිම්නයෙහි ප්‍රදේශයෙහි මුර සංචාරය කිරීම ඇරඹූහ. මාර්තු මස අවසානය වෙත්ම අම්මාන් වෙත පළමුවන අන්තඃජෝර්දාන ප්‍රහාරය සහ පළමුවන අම්මාන් සටන ජෝර්දාන් නිම්නයෙන් ඇරඹුනු අතර සති කිහියකට පසුව එලෙසින්ම අසාර්ථකවූ ෂනට් නිම්රින් ඇන්ඩ් එස් සෝල්ට් වෙත දෙවන අන්තඃ ජෝර්දාන ප්‍රහාරය අප්‍රේල් මාසයෙහිදී ක්‍රියාත්මක විය. මෙම කාලසීමාව තුලදී ජෝර්දාන අධිවාසය සම්පූර්ණයෙන් සංස්ථාපිතව තිබුණු අතර 1918 සරත් සමය දක්වා දිගටම පැවතිණි. ෂැරන් සටන සහ නැබ්ලස් සටන වෙතින් සමන්විත වූ මෙගීඩෝ සටන සැප්තැම්බරයෙහි ක්‍රියාත්මක වෙත්ම අධිවාසය කෙළවර විය. තෙවන අන්තඃජෝර්දාන ප්‍රහාරය සහ දෙවන අම්මාන් සටන සටන් වැදුනේ නැබ්ලස් සටනෙහි කොටසක් ලෙසිනි.

ජෝර්දාන නිම්නය අධිවාසය
පළමුවනලෝකයුද්ධයෙහි මැද පෙරදිග රණභූමියෙහි හි කොටසකි
Soldiers gathered round stacks of crates partly covered with a tarpaulin where food is being sold
ජෝර්දාන නිම්නයෙහි ඕස්ට්‍රේලියානු රාජකීය බලකාය (ඒඅයිඑෆ්) භෝජනාගාරය
දිනයපෙබරවාරි සිට සැප්තැම්බර් 1918
පිහිටුම
මළ මුහුද සහ වාඩි අහුජා අතර වූ ජෝර්දාන් නිමිනයෙහි නිරිතදිග කොටස
ප්‍රතිඵලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පැවතීම
යුද්ධාවතීරයන්

 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය

 ඕටමන් අධිරාජ්‍යය
 ජර්මානු අධිරාජ්‍යය
ආඥාපතියන් සහ නායකයන්
එක්සත් රාජධානිය එඩ්මන්ඩ් ඇලන්බි
ඕස්ට්‍රේලියාව හැරී ෂවෙල්
ජර්මානු අධිරාජ්‍යය ඔටෝ ලීමන් ෆන් සන්ඩර්ස්
ඕටමන් අධිරාජ්‍යය මොහමඩ් චෙමල් පාෂා
සම්බන්ධිත හමුදා ඒකකයන්
කාන්තාර ආරෝහී බලකාය සතරවැනි යුද්ධහමුදාව

ජෝර්දාන් නිම්නයෙහි අපහසු දේශගුණික සහ අහිතකර පරිසර තත්ත්වයන් මධ්‍යයෙහි වුවද, ජෙනරාල් එඩ්මන්ඩ් ඇලන්බි තීරණය කලේ, ඊඑෆ්එෆ්හී ඉදිරි පෙරමුණෙහි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, ඔහුගේ දකුණු පැත්ත ආරක්ෂාව තහවුරු කිරීමට, මධ්‍යධරණිය සිට ජුදයානු හෙල් ඔස්සේ මළ මුහුද දක්වා පෙරමුණ දිගු කළ යුතු බවයි. සැප්තැම්බර මාසය දක්වා මෙම පෙරමුණ ආරක්ෂා සහිතව පැවති අතර, නැගෙනහිර දිශාවට අම්මාන් වෙත සහ උතුරු දිශාවට දමස්කස් වෙත ප්‍රහාර එල්ල කිරීමට බලවත් පිහිටුමක් විය.

මාර්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුලදී ඕටමන් යුද්ධ හමුදාව විසින් නිම්නයෙහි නැගෙනහිර දිශාවෙහි වූ සහ නිම්නයෙහි උතුරු ප්‍රදේශයෙහි වූ මොවාබ් හෙල් වල බලය නතු කර ගෙන සිටියහ. ඔවුන් විසින් මැනවින් ස්ථානගත කර තිබූ කාළතුවක්කු හමුදාව විසින් විටින් විට අධිවාසිත බලකායයන් වෙත ප්‍රහාර එල්ල කල අතර, විශේෂයෙන් මැයි මාසයෙහිදී, පහලින් පියාසර කල ජර්මානු ගුවන්යානා වෙතින් නොකඩවා එල්ල කල බෝම්බ සහ මැෂින් තුවක්කු ප්‍රහාර මගින් තාවකාලික කඳවුරු සහ අශ්වයින් ගාල් කෙරුණු පෙරමුණු විනාශ කෙරිණි. මෙගීඩෝ වෙතින් ලබා ගත් ප්‍රධාන ජයග්‍රහණය හේතුවෙන් අධිවාසිත ප්‍රදේශය සහ සටන් වෙතින් අත්පත් කර ගත් පූර්ව ඕටමන් අධිරාජ්‍යය බල ප්‍රදේශ එක්කරන ලදි.

පසුබිම සංස්කරණය

1917 වසර අවසානයෙහිදී ජෙරුසෙලෙම අත්පත් කර ගැනීමෙන් පසුව පාබළ හමුදාවන් සහ ආරෝහි රයිෆල් භටයන් විසින් ජෝර්දාන් ගංගාව තරණය කොට අම්මාන් වෙත මාර්තු මාසයෙහිදී දියත් කිරීමට නියමිත වූ අසාර්ථක පළමුවන අන්තංජෝර්දාන ප්‍රහාරය ඇරඹුම සඳහා පිවිසුම් රැකවල් ස්ථාපනය කෙරිණි.