ජෙරිකෝව අල්ලාගැනීම


පලමුවන ලෝක යුද්ධයෙහි සයිනායි සහ පලස්තීන මෙහෙයුම තුලදී ජෝර්දාන නිම්නය අධිවාසය අරඹමින් ජෙරුසලෙමට නැගෙනහිර දෙසින් 1918 පෙබරවාරි 19 සහ 21 දින අතරතුර ජෙරිකෝව අල්ලාගැනීම සිදුවිය. බටහිරින් බෙත්ලෙහෙමනාබ්ලූස් මාර්ගය, නැගෙනහිරින් ජොර්දාන් නදිය, සහ උතුරින් ජෙරුසෙලෙම සිට මළ මුහුද දක්වා වූ රේඛාවකින් මායිම්වූ ප්‍රදේශයක සටන් සිදුවිය. [1]මෙහිදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය බලකායයක් විසින් ඕටමන් බලස්ථාන ආක්‍රමණය කිරීමත් සමගම ඔවුන් ජෙරිකෝව වෙතද, අත්‍යන්තයෙහිදී ජෝර්දාන් නදිය ඔබ්බටද පසුබස්වන ලදි.

ජෙරිකෝව අල්ලාගැනීම
පළමුවනලෝකයුද්ධයෙහි මැද පෙරදිග රණභූමියෙහි හි කොටසකි
Group of officers having a cup of tea with horses and cars in the background
ජෙරිකෝව අල්ලාගත් 1918 පෙබරවාරි 21 උදෑසන චේටර්, ෂුවෙල් සහ චෙට්වුඩ් ජෙනරල්වරුන්ගේ උදය ආහාර රැස්වීම
දිනය19–21 පෙබරවාරි 1918
පිහිටුම
ප්‍රතිඵලය ඊජිප්තියානු කාර්යසාධක බලකායෙහි ජයග්‍රහණය
යුද්ධාවතීරයන්

 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය

 ඕටමන් අධිරාජ්‍යය

ගාසාබියර්ශීබා යුධ පෙරමුණෙහි සිට ජෙරුසලෙම අල්ලාගැනීම දක්වා ඉදිරි ගමනෙන් පසුව 1917 දෙසැම්බර් මාසයෙහිදී ශීත කාලයෙහි වර්ෂාව ඇරඹීමත් සමගම යුද්ධ මෙහෙයුම්හි අවසානයක් දක්නට ලැබිණි. සටන් මෙහෙයුමිහී මෙම උපසමය වෙතින් අල්ලා ගත් භූමි ප්‍රදේශයන්හී ආරක්ෂාව සහ පහසුකම් තහවුරුකිරීමට අවස්ථාවක් සැපයිණි. සූවස් ඇළ ප්‍රදේශයෙහි මෝස්කර් සහ කන්තාරා ප්‍රදේශ වල පිහිටි ප්‍රධාන කඳවුරු වල සිට දළ වශයෙන් කිලෝමීටර් 240ක් පමණ දුරින් පිහිටි ඉදිරි-පෙරමුණු සේනාංක වෙත සන්නිවේදන පෙරමුණු ඔස්සේ අවශ්‍ය පමණට සැපයුම් ගෙන ඒමෙහි මහත් අවශ්‍යතාවයක්ද විය.


ජෙනරාල් එඩ්මන්ඩ් ඇලන්බිගේ මුල් උපාය මාර්ගික සැලසුම් වෙතින් අරමුණු ගත්තේ ඔහුගේ විවෘත දකුණු පැත්ත ආරක්ෂා කිරීම වෙතය. බටහිර දිශාවෙන් මධ්‍යධරණි මුහුද උපයෝගී කර ගනිමින් ආරක්ෂා සහිත වූ වම් පැත්ත මෙන් නොව, අවශ්‍ය තරමට විශාල බල සේනාවක් උපයෝගී කරගනිමින් නැගෙනහිර දිශාවෙන් පහර එල්ල කලොත් ඔහුගේ දකුණු පැත්ත බල බිඳීමකට ගොදුරු වනු ඇති බව ඔහුට නතු විය. එබැවින් ඔහුගේ අරමුණ වූයේ ජෙරුසලෙමට නැගෙනහිරින් මළ මුහුද දක්වාවූ ප්‍රදේශය අල්ලා ගැනීමෙන් ඔහුගේ දකුණු පැත්ත වඩාත් ආරක්ෂා සහිත කරලීමයි. මෙම ප්‍රදේශයෙහි හෙල් මත ඕටමන් සේණාංක කඳවුරු ලා සිටි අතර, බ්‍රිතාන්‍ය පාබළ හමුදාව, ඕස්ට්‍රේලියානු සැහැල්ලු අශ්වාරෝහක හමුදාව සහ නවසීලන්ත ආරෝහණ රයිෆල් සේණාංකය විසින් ඒවා වෙත පහර දෙන ලදි. පාබල හමුදාව විසින් ජෙරුසෙලෙම ජෙරිකෝ ප්‍රධාන මාර්ගයෙහි ටෙලට් එඩ් ඩම් අල්ලා ගන්නා ලද අතර සැහැල්ලු අශ්වරෝහක සහ ආරෝහණ රයිෆල් සේණාංක විසින් ජෙරිකෝව සහ දකුණු දිශාවට පිහිටි ජෝර්දාන් නදියට සහ මළ මුහුදට මායිම්වූ ප්‍රදේශය අල්ලා ගන්නා ලදි.

පසුබිම සංස්කරණය

 
පළමුවන ඕස්ට්‍රේලියානු සැහැල්ලු අශ්වාරෝහක බල ඇණියෙහි ගැල් ඔවුන්ගේ ආහාර සලාක ලබා ගැනීමට 1918 ජනවාරි 7 දිනදී එස්ඩඩ්හී ගං වතුර හරහා ගිය අයුරු. ඡායාරූපශිල්පියා ෆ්‍රෑන්ක් හර්ලි

බියර්ශීබා වෙතින් ඉදිරියට යුද්ධ මෙහෙයුම් දෙසැම්බරයෙහිදී නැවතුණි.[2][3] ඇලන්බි විසින් දෙසැම්බර් 14 දිනදී යුද්ධ කැබිනට් මණ්ඩලය වෙත වාර්තා කලේ ජෙරුසෙලෙම ආරක්ෂා සහිතව නතු කර ගැනීමෙන් පසුව අවම වශයෙන් මාස දෙකක කාලයක් තුලදී වර්ෂා සමය විසින් තවදුරටත් යුද්ධ මෙහෙයුම් සිදු කිරීම නතර වන බවයි.[4] මෙම කාල සීමාවෙහිදී, අවැසිදේ සම්පාදනය බිඳවැටීමක් නිසා ඊජිප්තියානු කාර්යසාධක බලකාය අබලි බවට පත්ව සිටිම නිසාවෙන් ගාසා වෙතින් දකුණු දෙසට රාජකීය ඔටු බලකාය සේණාංකය සමගින් ඇන්සැක් සහ ඕස්ට්‍රේලියානු ආරෝහණ බලකායයන් යැවීමට ඇලන්බි හට බල කෙරුනේ ඔවුන්ගේ සන්නිවේදන පෙරමුණ කෙටි කර ගැනීම සඳහාය. ඔහු විසින් ලියන ලද්දේ: " සහතික වශයෙන්ම මට ඔවුන්ට ආහාර සැපයීමට නොහැකිය. මෙම අවස්ථාවෙහිදී පවා දෙසතියක තද වැස්සක් විසින් අප නියත සාගතයක් වෙත ගෙන යනු ඇත."[5] ජනවාරි 1 දිනදී, 5වන ආරෝහණ බලකාය හා ඉන් පසුව 4වන සැහැල්ලු අශ්වාරෝහක සේණාංකයෙහි ක්ෂේත්‍ර ගිලන් රථය, විසින් වර්ෂාව හා ජලගැල්ම හරහා යළි ගමන ගාසා වෙතින් දකුණු දෙසට වූ ඩියර් අල් බලා වෙත ගමන් ඇරඹුවේ ඕස්ට්‍රේලියානු ආරෝහණ සේනාංකයෙහි ආපසු ගමන අරඹමිනි.[6] ඇන්සැක් ආරෝහණ සේණාංකය එතරම් දුරක් පසුපසට ගමන් නොකල අතර, 1වන සහ බොහෝවිට 2වන සැහැල්ලු අශ්වාරෝහක සේණාංක එෂ්ඩඩ් දක්වා පසුපසට ගමන් කල අතර නවසීලන්ත ආරෝහණ රයිෆල් සේණාංකය ජාෆා වෙතින් නුදුරු අයුන් කාරා අසබඩ ( රිෂොන් ලෙසියොන් ලෙසින්ද හැඳින්වෙන) වෙත තාවකාලික කඳවුරු ලන ලදි.[7][8]

ජනවාරි 25 දින ඇලන්බි ලියා තැබුවේ : "මාගේ දකුණු පැත්ත දිගු කර ගනිමින්, ජෙරිකෝ සහ මළ මුහුදින් උතුරු පෙදෙස එක් කර ගැනීමට මට අවශ්‍යය."[9] මෙම ඉදිරි මෙහෙයුම විසින් ඔහුගේ දකුණු පස වෙත තිබුණු දැඩි තර්ජනය ඉවත් කරන ලද්දේ සියළු සතුරු සේනාංක ජෝර්දාන් නදියෙන් ඔබ්බට පළවා හැර ජෝර්දාන් නදිය හරහා තරණය කිරීම් ආරක්ෂා සහිත කිරීම මගිනි. මළ මුහුදට බටහිර දෙසින් රට තුලට ආක්‍රමණ වැලැක්වීම සහ හෙජර්ස් දුම්රිය මාර්ගය වෙත ක්‍රියාන්විත ඇරඹීම සඳහා පටු ඇරඹුම් ස්ථානයක් ස්ථාපනය කිරීමද එය විසින් සිදු කෙරිණි.[10]

ප්‍රංශය වෙතින් කිසිම සේනාංකයක් ඊජිප්තියානු කාර්යසාධක බලකාය වෙත ප‍්‍රතිනියුක්තිය නොකල යුතු බවට යුද්ධ කාර්යාලයෙහි හවුල් සටහන අංක 12 වෙත ප්‍රංශ යෝග්‍යතාවයක් පිලිබඳව ඇලන්බි හා සමග සම්මන්ත්‍රණ කිරීමට රාජකීය යුද්ධ කැබිනට් මණඩලයෙහි සාමාජිකයෙක් වූ ජෙනරාල් ජෑන් ක්‍රිස්ටියන් ස්මට්ස් එවන ලදි. පෙබරවාරියෙහිදී ස්මට්ස් ලන්ඩනය වෙත යළි ගමන් කරන අතරතුර, ජෝර්දාන් නදිය තරණය කිරීම සහ හෙජර්ස් දුම්රිය මාර්ගය අල්ලා ගැනීම සහ ඉදිරි ආරක්ෂක වලල්ල නැගෙනහිර දිශාවට පුළුල් කිරීම පිළිබඳ ඔහුගේ යෝජනාව ගැන පළමු පියවර ලෙසින් ජෙරිකෝව සාර්ථක ලෙසින් අල්ලාගැනීම සිදුකෙරුණි.[11][12]

පූර්විකාව සංස්කරණය

 
ජෙරුසෙලෙම සහ ජෝර්දාන් නිම්නය අතර පිහිටි නිල් කඳු වැටිය

ජුදයානු කඳු වලට නැගෙනහිර දිශාවෙන් වූ රට විසින් ජෝර්දාන් නිම්නය හමුවන විට එය දකින්නේ පර්වත වැටි සහ ගැඹුරු පටු නිම්න සමූහයකි.[13] සියළුම වාඩි භූ සැදුම් දිවෙන්නේ බටහිර සිට නැගෙනහිර දිසාවට වන අතර; සමහරවිට උස් බෑවුම් වැටිද හමුවන අතර, සෑම දිශාවකින්ම එන බෙදුම් කොටස් එකිනෙකට හමුවන අතර, එය විසින් වැටි බෙදී හෙල් තැනෙමින් තරණය කිරීම නොහැකි තරමට දුෂ්කර කරයි. බොහෝ මං පෙත් වැටෙන්නේ පටු ගිරිකඳුරු තට්ටු ඔස්සේ වන බැවින් ඉදිරි ගමන සිදු කල යුතු වන්නේ තනි පේළියට වෙයි.

සටහන් සංස්කරණය

අධෝසටහන්
උපහරණ
  1. බැට්ල්ස් නොමෙන්ක්ලේචර් කමිටි 1922 පි. 33
  2. බොව් 2009, පි. 185
  3. පවුලස් 1922, පිටු. 172–3
  4. ග්‍රේන්ජර් 2006, පි. 218
  5. ඇලන්බි විසින් රොබට්සන් වෙත 25 ජනවාරි 1918 වුඩ්වර්ඩ් 2006, පි. 160 වෙත උපහරණය කරමින්
  6. හැමිල්ටන් 1996, පි. 99
  7. පවල්ස් 1922, පි. 171
  8. හර්ලි, ඕකෙෆී 1986, පි. 112
  9. ඇලන්බි විසින් රොබර්ට්සන් වෙත 25 ජනවාරි1918 හියුස් 2004, පි. 127 තුල උපහරණය කරමින්
  10. ෆෝල්ස් 1930 වෙළුම. 2 පි. 303
  11. වුඩ්වර්ඩ් 2006, පිටු. 161–2
  12. වෙවල් 1968, පිටු. 176–7
  13. වැවෙල් 1968 පිටු. 177–8
"https://si.wikipedia.org/w/index.php?title=ජෙරිකෝව_අල්ලාගැනීම&oldid=517567" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි