John Logie Baird

ගොනුව:John Logie Baird, Apparatus.jpg
ජෝන් ලොගී බෙයාඩ් ඔහුගේ "televisor" යන්ත්‍රය සමඟ, circa 1925
උපත13 අගෝස්තු 1888(1888-08-13)
Helensburgh, Dunbartonshire, Scotland
මියගිය දිනය14 June 1946(1946-06-14) (වයස 57)
Bexhill, Sussex, England
මිය යාමට හේතුවStroke
සතපවන ලද තැනBaird family grave in Helensburgh Cemetery
නිවහනScotland, England
ජාතිකත්වයScottish
පුරවැසිබවUnited Kingdom
අධ්‍යාපනයLarchfield Academy, Helensburgh
උගත් ශාස්ත්‍රාලයRoyal Technical College, Glasgow
Glasgow University
රැකියාවInventor
Businessman
සංවිධානයConsulting Technical Adviser, Cable & Wireless Ltd (1941-)
Director, John Logie Baird Ltd
Director, Capital and Provincial Cinemas Ltd
ප්‍රසිද්ධව ඇත්තේInvention of television
කලත්‍රයා(යන්)Margaret Albu (m. 1931)
දෙමව්පියන්(s)Rev John Baird, Minister, West Kirk, Helensburgh
Jessie Morrison Ingles
සටහන්
Member of the Physical Society (1927)
Member of the Television Society (1927)
Honorary Fellow of the Royal Society of Edinburgh (1937)
ආගමChurch of Scotland

රූපවාහිනී අත්හදා බැලීම්

සංස්කරණය

රූපවාහිනිය කීපදෙනෙකුගේ සොයා ගැනීම්වල ප්‍රතිඵලයක් වුවද වඩා ඉහළ දියුණුවක් මේ ක්ෂේත්‍රය තුළ ඇති කළ පුද්ගලයන් අතර මුල් ආරම්භකරුවෙකු ලෙස මොහුගේ නම ඉතිහාස ගතවනු ඇත. පරාවර්තිත ආලෝකයක් තුළ අඩු හඬ ස්වරූපයක් යටතේ චංචල වන සජීව ඡායාරූප ප්‍රතිබිම්බයන් නිෂ්පාදනය කිරීමේ ගෞරවය ඔහුට හිමි වේ. අනෙකුත් නිර්මාණකරුවන්ට මෙවැනි සොයා ගැනීමක් කිරීමට අපහසු වුවද ජෝන් ලොගී බෙයාර්ඩ් සිය ඡායාරූප විද්‍යූත් තාක්ෂණය හා සංඥා පද්ධතීන්ගේ තත්ත්වයන් දියුණු කරමින් විද්‍යූත් ඡායාරූප හා රූප විශාල කරණ වීඩියෝ භාවිතයෙන් මෙම නිර්මාණය සිදුකර ඇත.

රූපවාහිනී පද්ධතිය දියුණූ කිරීම සඳහා 1924 දී ඔහු ගත් පළමු උත්සාහයේදී ඔහුගේ පරීක්ෂණ සඳහා නිප්කොව් තැටි (Nipkow disk) භාවිතා කළ අතර ඒ පිළිබඳ එළිදැක්වීමක් Radio Times මඟින් කරන ලදී. එසේ කරන ලද්දේ සම යාන්ත්‍රිකව සම කාර්ය රූපවාහිනී ක්‍රමය මගින් අඳුරු සේයාවේ ප්‍රතිබිම්බය විකාශනය කරමිනි. මේ විකාශනය කරන ලද්දේ ලන්ඩන්හි පිහිටි සිය විද්‍යාගාරයේදී තම නලියන අතැඟිලි වලින්මය. ප්‍රථම වරට මහජන දර්ශනයක් සඳහා අඳුරු සේයා ප්‍රතිබිම්බයන් රූපවාහිනී මගින් විකාශනය කළේ 1925 මාර්තු 25 ලන්ඩන්හි පිහිටි සෙල්ප්‍රිඩජස් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේදීය.

1925 ඔක්තෝම්බර් 02 දින ඔහුට සිය විද්‍යාගාරයේදී ඉතා සාර්ථකව පළමු රූපවාහිනී පින්තූරය අඩු ස්වරයකින් යුක්තව විකාශනය කිරීමට හැකිවිය. එහිදී තත්පරයට පින්තූර 05 ක් ලැබෙන සේ සිරස් රේඛා 30 න් සියුම් ලෙස ලබා ගත් ප්‍රතිබිම්බයක් වන එහි ව්‍යාජ වූ තුන්වාදියෙකුගේ හිසකුත් සමග විය.එය “ස්ටුකි බිල්” (“Stooky Bill”) යන අනවර්ථ නාමයෙන් හැඳින්වුණි.එම පරීක්ෂණ අවස්ථාවේදීම පහළ මාලයට ගිය බෙයාර්ඩ් විසින් එහි සේවය කළ විසි හැවිරිදි විලියම් එඩ්වඩ් ටෙයින්ටන් කැටුව විත් මිනිස් රූපයක් කෙසේ විකාශනය වෙයිද යන්න පරීක්ෂණය කරන ලදී. ඒ අනුව සම්පූර්ණ හඬකින් විකාශය වූ පළමු මිනිස් ප්‍රතිබිම්භය ලෙස විලියම් එඩ්වඩ් පත්වුණි.

රූපවාහිනී සම්ප්‍රේෂණය

සංස්කරණය

1927 දී ජෝන් ලොගී බෙයාඩ් විසින් “දිගු-දුර රූපවාහිනී තරංගයක්" සැතපුම් 438 දිග දුරකථන මාර්ගයක් ඔස්සේ ලන්ඩන් හා ග්ලාස්ගෝ(Glasgow) අතර සම්ප්‍රේෂණය කරන ලදී.ඒ අනුව බෙයාඩ් ලොව පළමු දිගු-දුර රූපවාහිනි දර්ශනය, සම්ප්‍රේෂණය කරන ලද්දේ ග්ලාස්ගෝ කේන්ද්‍රස්ථානයේ සිට කේන්ද්‍ර හෝටලය (central Hotel) කරා.ය අනතුරුව ඔහු බෙයාඩ් රූපවාහිනී ප්‍රවර්ධන ආයතනය පිහිට වූ අතර, 1928 දී අත්ලාන්තික් සාගරය හරහා ලන්ඩන් සිට හාට්ස්ඩාලේ දක්වා ප්‍රථම රූපවාහිනි සම්ප්‍රේෂණයත් නිව්යොක්හිහා ප්‍රථම BBC රූපවාහිනී වැඩසටහන් සම්ප්‍රේෂණයත් සිදුකළේය. 1929 නොවැම්බර්හිදී ප්‍රශයේ බර්නාඩ් කාටන් සමඟ එක්ව ඔහු එරට පළමු රූපවාහිනී ආයතනය වන "රූපවාහිනී බෙයාඩ් නාටන් (Télévision-Baird-Natan )" ආයතනය ඇති කළේය. "එප්සොම් ඩර්බි" (Epsom Derby) නම් පළමු සජීවි වැඩසටහන 1931 දී විකාශය කිරීමටද ඔහු පුරෝගාමී විය.එමෙන්ම ඔහු 1930 දී "ලන්ඩන් කොලීසියම්", "බර්ලින්", "පැරිස්" හා "ස්ටොක්හොල්ම්" හිදී අඩි 2 x 2 ප්‍රමාණයේ රූප රාමුවක් රූපවාහිනී ශාලා පද්ධතියක ප්‍රදර්ශනය කළේය. 1939 වන විට ඔහු තම ශාලා ප්‍රක්ෂේපණ පද්ධතිය බොක්සිං ක්‍රීඩා තරඟයක් පෙන්වීමට හැකි අයුරින් අඩි 15 x අ 12 රූප රාමුවක් වන පරිදි වැඩි දියුණු කර සිටියේය.


1929 සිට 1932 දක්වා 30-මාර්ග බෙයාඩ් පද්ධතියක් භාවිතයෙන් BBC සම්ප්‍රේෂකයන් ඔස්සේ රූපවාහිනී වැඩසටහන් ප්‍රචාරණය කිරීම සිදුවිය. 1932-1935 දක්වා BBC ආයතනයේ වැඩසටහන් ඔවුන් සතු 16 පෝට්ලන්ඩ් මැදිරියේ දී නිෂ්පාදනය කළේය. 1936 නොවැම්බර් හිදී BBC ය ඔවුන්ගේ බෙයාඩ් 240 මාර්ග සම්ප්‍රේෂණය, EMI ඉලෙක්ට්‍රොනික සුපිරික්සීම් පද්ධතියකට මාරු කරන ලදී. එය මැක්රොනී සමඟ සංයුක්ත කිරීමෙන් පසු මෑතකදී එම පද්ධතිය 405-මාර්ග බවට පත්කර තිබේ. බෙයාඩ් පද්ධතියේ කැමරා රැගෙන යාමේ අපහසුව නිසාම, වර්ෂ 1937 දී BBC ය බෙයාඩ් පද්ධතිය ඔස්සේ කෙරෙන සම්ප්‍රේෂණ කටයුතු අතහැර දමන ලදී.


අයිසැක් ෂොන්බර්ග් යටතේ අලුතින් පටන් ගත් EMI - මාර්කෝනි( RCA හා ව්ලැද්මීර් ස්වොරියකින්ගේ බලපත්‍රවලට පරිශීලනයටද ඉඩකඩ ලබාදී තිබිණි) ආයතනයේ ඉලෙක්ට්‍රොනික රූපවාහිනී පද්ධතිය හා බෙයාඩ් රූපවාහිනී පද්ධතිය ප්‍රතිස්ථාපනය කරන ලදී. එසේම ෆිලියෝ T. ෆැන්ස්වරක්ගේ ඉලෙක්ට්‍රොනික රූප උපකරණ,පරිශීලනය කිරීමට( බලපත්‍ර සම්මුතියක ආධාරයෙන්) බෙයාඩ් ආයතනයට අවස්ථාව ලැබිණි.කෙසේ වුවත් මෙම රූප විච්ඡේදක කැමරාව ආලෝක සංවේදීතාවයෙන් තොර වූ අතර, එයට වැඩි දීප්තියක්ද අවශ්‍ය වුයේය.


බෙයාඩ් විසින් ඉලෙක්ට්‍රොනික රූපවාහිනී ක්ෂේත්‍රයට ඉමහත් දායකත්වයක් දැක්වීය.පාට පෙරනයක් සවිකල කවයක් ඉදිරියෙන් වූ කැරකෙන කැතෝඩ කිරණ නලයක් ආධාර කරගනිමින් වර්ෂ 1939 දී, ඔහු විසින් වර්ණ රූපවාහිනී දර්ශන පෙන්වන ලදී. පසුව මෙම ක්‍රමය ඇමරිකාවේ CBS හා RCA මඟින් ද ට ගැනිණි. 1944 අගෝස්තු 16 වැනි දින ඔහු ලොව ප්‍රථම සම්පූර්ණ ඉලෙක්ට්රොනික වර්ණ රූපවාහිනී දර්ශනයපෙන්වන ලදී. ඔහු තීරු 600 වර්ණ පද්ධතියකින් ය යුත් රූපයක් නිර්මාණය කිරීමට 6 වරක් ප්‍රස්තාර කරන (scanning) ත්‍රිත්ව-වියමනක් (triple interlacing) යොදාගන්නා ලදී. 1943 දී ඇතිවූ  යුද්ධයෙන් පසුව නැවතත් රූපවාහිනී සම්ප්‍රේෂණ සිදුකිරීම පිළිබදව සොයාබැලීම සඳහා හැන්කී කොමිටිය පත්කරන ලදී. බෙයාඩ් විසින් තමන්ගේ තීරු 1000 ටෙලික්‍රෝම් ඉලෙක්ට්‍රොනික වර්ණ පද්ධතිය, යුද්ධයෙන් පසු රූපවාහිනී සම්ප්‍රේෂණ සිදුකිරීමේ සම්මතය බවට පත්කරගන්නා ලෙස හැන්කී කොමිටියට ඒත්තු ගැන්වීය. හැන්කී කොමිටියේ සැලසුම් සියල්ලම පාහේ පාර්ශ්විකව යුද්ධයෙන් පසු අඩපණ විය.ඒ ඒවා නැවත ප්‍රතිසංස්කරණය අභියෝගයක් වීම නිසාය.එහෙත් මොනොත්රෝම් 405-තීරු සම්මතය 1985 දක්වා සමහර ප්‍රදේශවල දිගටම පැවතිණ. දශක 3 කින් පසුව 625-තීරු පද්ධතිය 1964 දී හඳුන්වා දුන් අතර 1967 දී PAL වර්ණ පද්ධතිය හඳුන්වා දෙන ලදී.

ප්‍රථම මහජන ප්‍රදර්ශනය

සංස්කරණය
ගොනුව:Baird experimental broadcast.jpg
මුල් කාලීන අත්හදා බැලිමේ විකාශනයක්.

1926 ජනවාරි මස 26 වනදා බෙයාඩ් විසින් ලන්ඩන් හි සොහෝ දිස්ත්‍රික්කයේ 22 වන ෆ්‍රිත් මාවතේ වූ ඔහුගේ විද්‍යාගාරයේ දී රාජකීය ආයතනයේ සාමාජිකයන්ට හා ද ටයිම්ස් හි වාර්තාකරුවෙකුට විකාශනය නැවත වරක් පෙන්වන ලදී. මෙම කාලය වන විට ඔහු පරිලෝකන ශීඝ්‍රතාව තත්පරයකට රූප 12.5ක් දක්වා වැඩි දියුණු කර තිබිණි. මෙය සත්‍ය රූපවාහිනී පද්ධතියක ලොව ප්‍රථම ප්‍රදර්ශනය වූ අතර ශබ්දය සමඟ චලනය වන සජීවී රූප විකාශනය කළ හැකි රූපවාහිනිය ද විය.

ඔහු 1928 ජූලි 3 වැනිදා ලෝකයේ ප්‍රථම වර්ණ සම්ප්‍රේෂණය ප්‍රදර්ශනය කළේය. මේ සඳහා ඔහු සම්ප්‍රේෂණ හා ප්‍රතිග්‍රාහක කෙළවරවල පරිලෝකනය කිරීමේ තැටි දඟර උපකරණ 3 ක් පමණ යොදා ගත් අතර එක් එක් දඟරය වෙනස් ප්‍රාථමික වර්ණවල පෙරහනක් සමඟ විය.ප්‍රතිග්‍රාහක අන්තයෙහි ආලෝක ප්‍රභව තුනක් හා ඒවායේ දීප්තිය විචල්‍ය කිරීමට කොමියුටේටරයකින් ද යුක්ත විය. එම වර්ෂයේ දීම ඔහු ත්‍රිමාණේක්ෂ රූපවාහිනී දර්ශන නිරූපණය කළේය. 1932 දී අධි කෙටි තරංග සම්ප්‍රේෂණය නිරූපණය කළ පළමු වැන්නා බවට ද ඔහු පත්විය.

"https://si.wikipedia.org/w/index.php?title=ජෝන්_ලොගී_බෙයාඩ්&oldid=385610" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි