ප්‍රධාන මෙනුව විවෘත කරන්න
Globe.svg

පෘථිවියේ ජීවින් සිටින කලාපය ජෛව ගෝලය වේ. පෘථිවිය මත වෙසෙන සියලු ජිවිනුත් එම ජිවින් සමග අන්තර් ක්‍රියා කරන අජිවි පරිසරයත එක්ව තැනෙන අති විශාල ක්‍රියාකාරි ඒකකය ජෛව ගෝලය ලෙස අර්ථ දැක්විය හැකිය. මුළු පෘථිවියටම ඇත්තේ තනි ජෛව ගෝලයක් වන අතර සියලුම පරිසර පද්ධතින් ඒ තුළ ක්‍රියාත්මක වේ. භෞම පද්ධතිය තුළ පිහිටි ඉතාම වැදගත් උප පද්ධතියක් ලෙස ජෛව ගෝලය හැඳින්විය හැකිය. එහි සංයුක්ත වි ඇති මුල ද්‍රව්‍යවන්නේ හයිඩ්‍රජන්, කාබන්, ඔක්සිජන් හා නයිට්‍රජන්ය.

ජෛව ගෝලයේ සිරස් ව්‍යාප්තියසංස්කරණය

සමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට මීටර 9000ක් පමණ උස් වු කදු මුදුන් දක්වාත් මීටර 11000ක් පමණ ගැඹුරැ අගාධ දක්වාත් කුමන හෝ විශේෂයකට අයිත්වන ජීවින් සිටිමට හැකිය.එහෙත් ජීවය බහුලව ව්‍යාප්ත වන්නේ ඊට වඩා සීමා වු ප්‍රදේශයකය.එය මුහුදු මටටමේ සිට මීටර 6000ක් පමණ උස්ප්‍රදේශ දක්වා විහිදෙන අතර ඕනැම තැනක පොළව මට්ටමේ සිට නම් උසම ශාකයේ උසම අත්ත්වායි.භුමිය(විශේෂයෙන්ම පස)පිළිබදව සලකන විට ශාකයක මුල් විහිදෙන මිටර 200ක් දක්වා ගැඹුරට සාගර ජිවින් බහුල වේ.


ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් හා අනුපිළිවෙලසංස්කරණය

පෘතුවියේ ජිවත් වන සියලුම ශාක,සතුන් හා ක්ෂද්‍ර ජිවින් ජෛව ගෝලයේ සජිවි සංරචක වේ.මෙහි අජිවි පරිසරයට වායුව,ඡලය,පාංශු ස්ථර අයිති වේ.පිටතින් ජෛව ගෝලයට ලැබෙනුයේ සුර්යාගෙන් ලැබෙන ආලෝක ශක්තිය පමණයි. ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් හා අනුපිළිවෙල ශ්‍රේණි කිහිපයකින් හදුනාගත හැකිය. 01.ජිවියා/ඒකෛක ජීවියා 02.ප්‍රඡාව 03.පරිසර පද්ධති 04.බියෝම 05.ජෛව ගෝලය

ජීවියා/ඒකෛක ජී‍වියාසංස්කරණය

  ඕනෑම තැනක ජිවත් වන ඕනෑම විශේෂයකට අයත් තනි ජිවියෙකු ඒ‍කෛක ජිවියෙකු ලෙස හැදින්වේ.නිදසුනක් වශයෙන් අප දකින අලියකුද,callus lafayetti විශේෂයට අයත් වළි කුකුළාද,සිංහරාඡයේදි අප දකින හොර ශාකයද ඒකෛක ජිවින් වේ.මිහිපිට දියුණුම සත්වයා වන මිනිසාද ඒකෛක ජිවියෙකි.ඒකෛක ජිවියෙකුගේ සිරුරක කොටස් ‍වලද අනුපිළිවෙලක් හදුනාගත හැකි වේ.


උප පරමාණුවක කොටස් - පරමාණුව - අණුව - ඉන්ද්‍රියිකාව - සෛලය - පටකය - ඉන්ද්‍රිය පද්ධතිය - ජීවියා - ගයනය - ප්‍රඡාව පරිසර පද්ධතිය - ජෛව ගෝලය

ප්‍රඡාවසංස්කරණය

සංවිධාන මට්ටම් ශ්‍රේණියේ ගහනයට ඉහළින් ඇති මට්ටම ප්‍රඡාවයි. ප්‍රඡාවක් ලෙස අර්ථ දක්වන්නේ එක්තරා ප්‍රදේශයක නිශ්චිත කාලයකදි ජිවත් වන පැහැදිලි ‍ජෛව විද්‍යාත්මක ක්‍රියාවලි මගින් එකිනෙකා සමග අන්තර් ක්‍රියා පවත්වන ගහන සමුහයකි.වර්තමානෙය් ලෝකයේ විවිධ පරිසර පද්ධතිවල සිටින සත්ත්ව ගහනයන් වඳ වී යමින් සිටියි.ශිෂ්ටාචාර යුගවලදි සතුන්ට වැදූම් පිදූම් කරමින් අදහන ලද නමුත් දැනට ලෝකයේ සත්ත්ව වීශේෂ 4000ක් පමණවඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇත. වීශේෂයේන් ජනගහනයේ වර්ධනය, මිනිස් අවශ්‍යතා පුලුල් වීම,කාර්මික දියුනුව හා තරඟකාරි ආර්ර්‍ථික රටාව මේ සඳහා බලපා ඇත.

මිට අමතරව ව්‍යාපාරික අමුදව්‍ය ලබා ගැනිම සඳහා සතුන් දඩයම ඒනම් සතුන් මරා ඔවුනගේ සම්, නිය,අං,මස්,වෙළදාම ආහාර සඳහා සතුන දඩයම ,පර්යේෂණ සඳහා යොදා ගැනිම,පරිසර දුෂණය ,වනාන්තර ඒළි කිරීම නිසා සතුන්ගේ වාසාස්ථාන අහිමි වීම, ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදුවන යුද්ද හා සිවිල අරගල සතුන් වඳ වී යාමට හේතු වේ. යුද්දවලදී භාවිතා කරන රසායනික අවි,රොකට්, බිම් බෝම්බ යනාදිය නිසා සතුන් අනතුරට පත් වේ.


පරිසර පද්ධතිසංස්කරණය

   

පරිසර පද්ධතියක් යනු ,‍ අන්තර් සබදතා සහිත ජිවි හා අජිවි සංරචකයන්ගෙන් යුතු පහසුවේන් වෙන් කොට හදුනා ගත හැකි ක්‍රියාකාරි ගතික පද්ධතියකි. පරිසර පද්ධතියක් තුලින් ශක්ති ගලනයද ද්‍රව්‍ය චක්‍රිකරණයද සිදුවිය යුතු අතර එය ස්ථායි ස්වයං රක්ෂිත සමතුලිත එකකි. උදාහරණ: වනාන්තර පරිසර පද්ධතියකි.

        පොකුණක් පරිසර පද්ධතියකි.
        කොරල් පර  පරිසර පද්ධතියකි.

සංවිධාන මට්ටම් ශ්‍රේණියේ ප්‍රඡාවට පසුව එන මට්ටම පරිසර පද්ධතියයි.යම් ප්‍රදේශයක ඉන්නා සියලුම ජීවින්ද ඒ ජිවන් සමග අන්තර් ක්‍රියා දක්වන එම ප්‍රදේශගත අජීවි පරිසරයද ඇතුළත් ක්‍රියාකාරි ඒකකය පරිසර පද්ධතියක් ලෙස අර්ථ දැක්විය හැකිය.ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති.ශ්‍රී ලංකාව ලෝකයේ අධිකම ‍‍ජෛව විවිධත්වයක් පවතින රටවල් 8 අතරින් එකකි.මේහි අධික වු පරිසර පද්ධති විවිධත්වයක්ද එබැවින් ඒවායේ වාසස්ථාන විවිධත්වයද අධිකය.එනිසාම විවිධත්වයද අධිකය.ශ්‍රී ලංකාව පරිසර පද්ධති පහත දැක්වේන පරිදි සමානකම් බේදා දැක්විය හැකිය.

වනාන්තරසංස්කරණය

 

o නිවර්තන තේත් සදාහරිත වනාන්තර/ පහතරට තේත් වනාන්තර. o නිවර්තන තේත් අර්ධ සදාහරිත වනාන්තර. o නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර o නිවර්තන කටු කැළෑ. o ගංගා ආශ්‍රිත වනාන්තර. o නිවර්තන පහල කදුකර වනාන්තර. උදාහරණ : ශ්‍රී පාද අඩ‍විය. o නිවර්තන ඉහල කදුකර වනාන්තර. උදාහරණ : ශ්‍රී පාද අඩ‍විය , නුවර එලිය , හග්ගල

තෘණ බිම්සංස්කරණය

o සවානා ( දමන තෘණ බිම් , තලාව තෘණ බිම් ) o තේත් පතන තෘණ බිම් (තේත් කදුකර තෘණ බිම් ) o වියලි පතන තෘණ බිම් ( වියලි කදුකර තෘණ බිම් )

වෙරළ සහ සාගරසංස්කරණය

  

o කඩොලාන o ලවණ වගුරු හෝ ලවණ හැල් o වැලි වැටි සහ වෙරළ o මඩ වගුරු o මුහුදු තෘණ බිම්. උදාහරණ : කල්පිටිය වෙරළ ආශ්‍රිතව o කොරල් පර

අභ්‍යන්තර තේත් බිම්සංස්කරණය

o පිටාර තැනි හා විල්ලු -( පත්ලේ වු මඩ සමගම ගංගා ජලය පිටාර ගලා දෙපස වු තැනි බිමේ රැදිමේන් පිටාර තැන්න සෑදේයි.එම පිටාරයන් දෙපස වු අවපාත වල රැදිමේන් සෑදේන තේත් බිම් විල්ලු නම් වේ. ) o දිය පහර සහ ගංගා o පොකුණු o වගුරු වනාන්තර

විශේෂ විවිධත්වය

පරිසර පද්ධති වලින් ස්වායක්තව මුළු ලෝකයේම සිටින ජීවින් සැලකුව විට ඔවුන්ගේ විවිධත්වය අධ්‍යයනය කිරිම සදහා සුදුසු වන්නේ එක් එක් විශේෂයන්හි විවිධත්වය අධ්‍යයනය කිරිමයි.

ජීවී විශේෂයක් ...... අන්තරාභිජනනයේන් සරු ජනිතයන් ලබා දේන ජිවීන් එකම විශේෂයකට අයත් ජිවීන් ලෙස හදුන්වනු ලබයි.නමුත් මෙම නිර්ණායකයට අනුව එකම විශේෂයකට අයත් ජිවීන් හදුනා ගැනීම ප්‍රායෝගිකව අසීරු නිසාද ඇතම් ජිවීන් ලිංගික ප්‍රජනනය සිදු නොකරන නිසාද මෙය එනම නිර්ණායක ලෙස නොගනි.මේ නිසා ජිවීන් එකම විශේෂයකට අයත් ජිවීන් කණ්ඩායමක් ලෙස සලකනුයේ,

  • බොහො ලක්ෂණ වලින් එකිනේකා සමාන වීම.
  • කැපි පෙනෙන එක් ලක්ෂණයකින් හෝ වෙනත් විශේෂ වල ජිවීන්ගේන් වෙනස් වීම.
  • ස්වාභාවික තත්ව යටතේ අහඹු ලෙස අන්තරාභිජනනයේ යෙදි සරැ ජනිතයන් ලබා දිම.
  • වෙනත් විශේෂයක ජිවීන් සමග අන්තරාභිජන ප්‍රවනතාවක් නැති වීම.

යන ඒවායින් වැඩි කොටසක් සිදු කරන එයට අයිත් වන ජීවින්ය.

බියොමසංස්කරණය

සමාන අංග ලක්‍ෂණ සහිත පරිසර පද්ධති සමුහයක් බියෝමයක් ලෙස හදුන්වයි.ගොඩබිම්වල ප්‍රධාන බියෝම 12ක් හදුනාගෙන ඇත.බියෝම ලෙස වර්ග කෙරෙන්නේ ස්වාභාවික වෘක්‍ෂලතා වර්ගයි. බියෝම. - ලෝකයේ පුළුල් භූමි ප්‍රදේශයක ව්‍යාප්තව පවතින සමාන ලාක්ෂණික පේනුමකින් යුතු සාධක මත පාලනය වන ජීවි සමුහයන් රැසක එකතුවයි. උදාහරණ : නිවර්තන තේත් සදාහරිත වනාන්තර බියෝමය ලෝකයේ භෞමික බියෝමයන්ද ජලජ බියෝමයන්ද වෙන් වෙන්ව සලකයි. ජෛව ගෝලය සෑදි ඇත්තේ මෙම සියළු ‍ බියෝමයන්ගේ එකතුවේනි.එනම් සියළුම පද්ධතිවල එකතුවේනි.

ගහනයක විශාලත්වයසංස්කරණය

සංවිධාන මට්ටම් ශ්‍රෙ‍්ණියේ ජිවියාට ඉහළින්ම ඇති සංවිධාන මට්ටම ගහනයයි.යම් ප්‍රදේශයක් තුළ ජිවත් වන එකම විශේෂයකට අයත් එකිනෙකා සමග අන්තර් ක්‍රියා දක්වන ජීවින් සමුහයක් ගහනයක් ලෙස හැදින්වේ.නිදසුනක් වශයෙන් 2002 වර්ෂයේදි යාල අභය භූමිය තුළ සිටි අලි ඇතුන් සමුහය දැක්විය හැකියි.එම වර්ෂයේ අප්‍රේල් මාසයේදි සංහරාඡයේ වළි කුකුළන්ද නිදසුනක් වෙ.ඕනෑම ගහනයකට විශාලත්වයක් ඇත.එනම් ගහනයකට නිශ්චිත සංඛ්‍යාවක් සිටිය යුතු වේ.එම සංඛ්‍යාව තීරණය වනුයේ එම ගහනයේ උපත් ශ්‍රිඝතාව,මරණ ශ්‍රිඝතාව,සංක්‍රමණ සහ නිශ්ක්‍රමණ අනුවයි.

ලෝකයේ ස්වාභාවික වෘක්‍ෂලතා වර්ගසංස්කරණය

  

01 නිවර්තන වර්ෂා වනාන්තර

02 නිවර්තන පතනශිල වනාන්තර

03 නිවර්තන කටු පදුරු සහිත වනාන්තර

04 නිවර්තන තෘණ භූමි

05 කාන්තාර සහ කටු පදුරු

06 මධ්‍යධරණි වනාන්තර

07 සෞම්‍ය කලාපික තෘණ භූමි

08 සෞම්‍ය කලාපික වනාන්තර

09 කේතුධර වනානාතර

10 තුන්ද්‍රා

11 කදුකර ප්‍රදේශ

12 ධ්‍රැවීය අයිස් වැස්ම


මේවාට අමතරව ඡලඡ ජීවි කලාප 04 ක් හදුනාගත හැකිය.

01 කොරල්පර

 

කොරල්පර වලට මිනිස් ක්‍රියාකාරකම් විශාල තර්ජනයක් එල්ල කරයි. මෙම පරිසර පද්ධතිවලට එල්ලවී ඇති ප්‍රබලම තර්ජනය වන්නේ දූෂණය හා අධික ලෙස මසුන් මැරීමයි. බෝට්ටු ගමනාගමනය හා නැව් තදබදය නිසාද කොරල්පර භෞතික විනාශ වීම සිදු වේ. ආහාර පිණිස සිදුකරන මාළු වෙළඳාම මෙයට හේතු වී ඇත්තේ සයනයිඩ් (Cyanide) භාවිතා කිරීම නිසාය. මීට අමතරව එමඟින් නිවර්තන කලාපයේ ජීවත්වන මිනිසුන්ටද හානි ගෙන දේ. Hughes (2003) ගේ වාර්ථාවලට අනුව ජනගහන වර්ධනය හා ප්‍රවාහන ක්‍රමවල සිදුව ඇති දියුණුව කොරල්පර සඳහා විශාල වශයෙන් බලපා ඇත. නිදසුන් වශයෙන් මසුන් සහ අනෙකුත් ස්වාභාවික සම්පත් සඳහා ගෝලීය වළඳපොළක් ඇති වීමත් කොරල්පර ආශ්‍රිත සම්පත් සඳහා ඇති ඉල්ලුම සැපයීමේදී ඊට අදාළ ප්‍රභවයන් විනාශ වී යාමක් දැක්විය හැකිය. පර්යේෂකයින් දැනටමත් කොරල්පර පද්ධතියට බලපෑම් එල්ලකරන විවිධ සාධක නිවැරදිව තහවුරු කර ගනිමින් සිටී. මේ සඳහා විවිධ සාධක බලපායි. නිදසුන් වශයෙන් සාගරය විසින් සිදු කරනු ලබන කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය පෘථිවි වටපිටාවේ සිදුවන වෙනස්කම් පාරජම්බුල කිරණ සාගර ආම්ලීකරණය ජීව විද්‍යාත්මක වෛරස් (Virus) දූවිලි කුණාටුවල බලපෑම, ඇල්ගී හා අනෙකුත් ශාකවල බලපෑම දැක්විය හැකිය. වෙරළ ආශ්‍රිත ප්‍රදේශවලදී කොරල්පරවලට වැඩි තර්ජනයක් එල්ල වේ. මීට අමතරව ඉඩම් සංවර්ධනය හා දූෂණයද සැළකිය යුතු හානියක් සිදු කළත් ගැටළුව වඩා පුළුල් ස්වභාවයක් ගනී.


02 ගංගා මෝයවල්

03 මහාද්විප තටාක

04 ගැඹුරු සාගර

සරාංශයසංස්කරණය

පෘතුවියේ සිටින සියලුම ජීවිනුත් ඒ ජිවින් සමග අන්තර් ක්‍රියා කරන අජිවි පරිසරයත් එක්ව තැනෙන අතිවිශාල ක්‍රියාකාරි ඒකකය ජෛව ගෝලය වේ. සියලුම බියෝම හා පරිසර පද්ධතිඒවා තුළ ඇත.ජෛව ගෝලය. - ලෝකයේ සියළුම පරිසර පද්ධති එකතු වීමෙන් සැදි විශාලම පරිසර පද්ධතියයි.


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියසංස්කරණය

  • කුමාරගමගේ ලෙනාඩ්,පරිසර පද්ධති,බොරලැස්ගමුව,සි.ආර්.සි මුද්‍රණාලය,2000
  • විජේසිංහ ඉවෝන්,ශ්‍රි ලංකාවේ දේශගුණික වෘක්‍ෂලතා සහ කෟත්‍රිම වනාන්තර,නුගේගොඩ,දීපානි මුද්‍රණාලය,1984
  • හෙට්ටි ආරච්චි ඡනක,දේශගුණ විද්‍යාව සහ ස්වාභාවික වෘක්‍ෂලතා,වැල්ලම්පිටිය,චතු මුද්‍රණාලය,2000
"https://si.wikipedia.org/w/index.php?title=ජෛව_ගෝලය&oldid=397780" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි