ජානක තරංග ආරියරත්න

රයිගම් කෝරළයේ සිංහල ලේඛකයෙකි, කවියෙකි, ගීත රචකයෙකි. ජනශ්‍රැති හා ඉතිහාස ගවේශකයෙකි. රංගධරයෙකි, දාර්ශනිකයෙකි. හෙතෙම විජය සහ ඉපරැණි රැජින, සක්විති විජය, විජය සහ අභිරහස් ලෝකය, හිරණ්‍යක,නිට්ටෑෂියානු පුනරාගමනය, මහා ජල ආක්‍රමනය ආදී මයා යතාර්ථවාදී නවකතාද, මායාකාර සෙම්බුව නමින් කෙටිකතා සංග්‍රහයක්ද, සිංහල ඉලක්කම්, අසිරිමත් රයිගම, උුගහ පත්තු විත්ති, හෙළයන්ගේ විද්‍යාවන් ආදී ශාස්තීය කෘතිද, මගේ සුරගන, නැගිටිව් මිනිසුනි ආදී කවිපොත්ද රචනා කළේය.මහාසම්මතවාදය නම් දේශපාලනික හා ආර්ථික දර්ශනික මූලධර්ම ඇතුළත් කෘතියේ රචකයාද ඔහුය.කැමතිනැද්ද පියාඹන්න, පිණිසලු ගොතන්නී, මාවක්ඔය කොමලී ආදී ගීත ඔහු විසින් රචිතය.

1981-06-07 දින උපත ලැබූ හෙතෙම ශ්‍රි ජයවර්ධනපුර සරසවියේ ශාස්ත්‍රෙව්දී උපාධිධාරියෙකි. ග්‍රාමීය සංවර්ධනය පිළිබද පශ්චාත් අධ්‍යපනය ලැබුවේද එම සරසවියෙනි. රයිගම් කෝරළාභිමාණී, දේශ ශක්ති කලාකීර්ති සම්මානයන්ට පත්‍රවූවෙකි. හෙතෙම හෙළ විද්‍යා පර්යේෂණ අධ්‍යයන ආයතනයේ ස්වෙච්ඡා ගුරුවරයෙක් ලෙසද පාරම්පරික හෙළ දැනුම බෙදාදෙන ලදී.

දිවියේ විවිධ රැකියාවන්හි නිරත වෙමින් සිට උපාධිදාරි සංවර්ධන නිලධාරියෙකු ලෙස පානදුර හා ඉංගිරිය ප්‍රෙද්ශීය ලේකම් කාර්යාලයන්ට අනුබද්ධව සේවය කළේය.ලයනල් ආරියරත්න හා ලලිතා ආරියරත්න ඔහුගේ දෙමාපියන්ය.

*මහා සම්මතවාදය පිළිබඳ පර්යේෂණ කල දාර්ශනිකයෙකි.

ඉංගිරිය ජන කෞතුකාගාරය පිහිටවීමට පුරෝගාමී විය.

හෙළ චිංතනය, හෙළ විද්‍යාවන් සහ හෙල ඉතිහාසය නැවත සමාජගත කිරීමට වෙහෙසුණු අයෙකි.

ඔහු විසින් රචික කෘති

නවකතා

විජය සහ ඉපරැණි රැජිණ

සක්විති විජය

විජය සහ අබිරහස් ලෝකය

ස්පාර්ටකස්.

හිරණ්‍යක

නිට්ටෑෂියානු පුනරාගමනය

මහාජල ආක්‍රමණය

ශ්‍රස්ත්‍රීය කෘති

සිංහල ඉලක්කම්

අසිරිමත් රයිගම[1]

මහාසම්මතවාදය

මහා සම්මත ශිෂ්ටාචාරය

සබ්බපබ්බත ආර්ථික ක්‍රමය

මහා සම්මුති නීතිය

මහා සම්මත දේශ කළමණාකරණය

රයිගම අසිරිමත් රජමැදුර

රුපු තෙද බිදි පෙරමුණ රෙමුණ

හෙළයන්ගේ විද්‍යාවන්

උඩුගහ පත්තු විත්ති

කෙටිකතා සංග්‍රහ

මායාකාර සෙම්බුව

ළමා නවකතා

ප්ලූටෝ (හුරතල් වලස් පැටියාගේ කතාව)

ප්ලූටෝ ලෝකේ අනිත් පැත්තට සවාරියක්

ප්ලූටෝ (මේක පැණි පිරුණු ලෝකයක්)

ළමාකතා

පූස්පැටව් බේරාගත් ප්ලූටෝ

මලීගේ බැටළුවා

විහාරමහාදේවිය

කම්මැළි හාවා

කවි සංග්‍රහ

නැගිටිව් මිනිසුනි

මගේ සුරගන

  1. [1] සංරක්ෂණය කළ පිටපත 2021-03-04 at the Wayback Machinehttp://raigama.ga

ජානක තරංග ආරියරත්නයන් විසින් රචිත ගීත

*කැමති නැද්ද පියාබන්න

*බිම්කුණ්ඩෝ බොල බිම්කුණ්ඩෝ

*පිනිසළු ගොතන්නී

*යෙහේලියන්ගේ ගුමු ගුමු නද අතරින්

*මාවක් ඔය කොමලී

ජානක තරංග ආරියරත්නයන් විසින් රචිත වේදිකා නාට්ය පිටපත්

*විමළධර්මම සූරිය

*ශේක්පියර්ය ගේ ආදරය

ජානක තරංග ආරියරත්නයන් රංගනයෙන් දායක වූ ටෙලිනාට්ය

*119

"https://si.wikipedia.org/w/index.php?title=ජානක_තරංග_ආරියරත්න&oldid=592052" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි