 |
මෙම පිටුව ප්‍රලේඛනය කරනුයේ ඉංග්‍රීසි විකිපීඩියාවෙන් අපත්‍යීකරණය කල සිංහල විකිපීඩියා ප්රතිපත්තීන් වන අතර, එය ඉංග්‍රීසි විකිපීඩියාවේ පුළුල් ලෙසින් පිළිගත් සම්මතයක් බැවින්ද සිංහල විකිපීඩියාවේ මීට වෙනස් සම්මුතියක් ජනිත වන තෙක් සිංහල විකිපීඩියාවේද එලෙසින් සම්මතය ලෙසින් අපත්‍යීකරණය කරන ලද බැවින්ද සමස්ත සංස්කාරක වරුන් විසින් සාමාන්‍ය වශයෙන් පිළිපැදිය යුතුය. එයට කෙරෙන වෙනස් කම් සම්මුතියක් ප්‍රකාරයෙන්ම සිදුවිය යුතු අතර අත්තනෝමතික ලෙසින් සිදු නොවිය යුතුමය. |
|
 | මෙම පිටුව පිණ්ඩාර්ථයෙන්: සෑම මාතෘකාවක් පිළිබඳවම සැලකිල්ලට ගත යුතු තරම් වැදගත් බවක් පෙන්නුම් කරන සියළු අදහස්, සාධාරණ ලෙසත්, ප්‍රමාණාත්මක ලෙසත්, සහ පක්ෂග්‍රාහිත්වයෙන් තොරවත් පිළිඹිබු කරමින් හා, මධ්‍යස්ථ දෘෂ්ඨිය මත පිහිටමින්, සියළු විකිපීඩියා ලිපි සහ අනෙකුත් අන්තර්ගත, සම්පාදනය කල යුතුය. |
මධ්‍යස්ථ දෘෂ්ඨිය යනු මූලික විකිමාධ්‍ය මූලධර්මයක් සහ විකිපීඩියාවේ ප්‍රධාන ප්‍රතිෂ්ඨාවන් අතුරින් එකකි. සියළු විකිපීඩියා ලිපි සහ අනෙකුත් විශ්වකෝෂ අන්තර්ගතය ලිවිය යුත්තේ මධ්‍යස්ථ දෘෂ්ඨියකින් විය යුතු අතර, විශ්වාසනීය මූලාශ්‍රයන් විසින් පල කොට ඇති සියළු වැදගත් අදහස් සාධාරණ ලෙසත්, සහ හැකි තරම් පක්ෂග්‍රාහීත්වයෙන් තොරව, නිරූපණය විය යුතුය. මෙය ගණුදෙනු කල නොහැකි හා සියළු ලිපි වල තිබේ යැයි බලාපොරොත්තු වන්නාවූ හා සියළු ලිපි සංස්කාරවරුන් වෙතින් බලාපොරොත්තු වන්නාවු ගුණාංගයකි. මධ්‍යස්ථ දෘෂ්ඨිය හා අනුකූල වන්නාවූ ලිපියක් තැනීම පිළිබඳ උපදෙස් සඳහා, මධ්‍යස්ථ දෘෂ්ඨිය පාඩම බලන්න; මෙම ප්‍රතිපත්තිය පිළිබඳ ඉතා ප්‍රධාන කරුණු විදහාදක්වන නිදසුන් හා පැහැදිලිකිරීම් සඳහා , Wikipedia:මධ්‍යස්ථ දෘෂ්ඨිය/නිඅපැ බලන්න.