ජාත්‍යන්තර සබඳතා
ජාත්‍යන්තර සම්බන්ධතා දේශපාලන විද්‍යා විෂයෙහි එක් අංශයක් වේ. එය රාජ්‍යයන්හි භූමිකාව, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සහ බහුජාතික සමාගම් ඇතුලූ ජාත්‍යන්තර පද්ධතියෙහි රාජ්‍යයන්ට අදාළ ගෝලීය කරුණු සහ විදේශ සබඳතා පිළිබඳ ව අධ්‍යයනය කරයි. එය අධ්‍යයන මෙන්ම පොදු ප‍්‍රතිපත්ති යන ක්ෂේත‍්‍රවලට අදාළ වන අතර, රාජ්‍යයන්හි විදේශ ප‍්‍රතිපත්ති තීරණය කරන හා විශ්ලේෂණය කරන ක‍්‍රියාකාරී හෝ මූලධාර්මික ආකාරයෙන් පැවතිය හැකිය.
දේශපාලන විද්‍යාව හැරුණු කොට ආර්ථික විද්‍යාව, ඉතිහාසය, නීතිය, දර්ශනය, භූගෝලය, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව හා සංස්කෘතික අධ්‍යයනයන් ආදිය ද මීට ඇතුළත් වේ. එය ගෝලීයකරණය හා රාජ්‍යයන්ට හා ඒවායේ ස්වාධීපත්‍යයට ඉන් සිදුවන බලපෑමෙහි පටන්, පාරිසරික යහපැවැත්ම, න්‍යෂ්ටික බලාගාර, ජාතිකවාදය, ආර්ථික සංවර්ධනය, ත‍්‍රස්තවාදය, සංවිධානාත්මක අපරාධ, මානව ආරක්ෂාව හා මානව හිමිකම් දක්වා කරුණු සාකච්ඡා කරයි.