චෞසති ජෝගිනී දේවාලය

ඉන්දියාවේ ඔඩිෂාහි දේවාලය

චෞසති ජෝගිනී මන්දීර් (64 ජෝගිනියන්ගේ දේවාලය)(ඔඩියා: ଚଉଷଠି ଯୋଗିନୀ ମନ୍ଦିର, ହୀରାପୁର) පිහිටියේ නැගෙනහිර ඉන්දියාවේ ඔඩිෂාවේ ප්‍රාන්තයේ අගනගරය වන භුබනේස්වර්[1] සිට 20 km දුරින් පිහිටි හිරාපූර් නම් කුඩා ගම්මානයේ ය.[2]

චෞසති ජෝගිනී දේවාලය
"ଚଉଷଠି ଯୋଗିନୀ ମନ୍ଦିର, ହୀରାପୁର"
චෞසති ජෝගිනී දේවාලය, හිරාපූර්
චෞසති ජෝගිනී දේවාලය is located in ඉන්දියාව
චෞසති ජෝගිනී දේවාලය
ඔඩිෂාව තුළ පිහිටීම
චෞසති ජෝගිනී දේවාලය is located in ඔඩිෂා
චෞසති ජෝගිනී දේවාලය
චෞසති ජෝගිනී දේවාලය (ඔඩිෂා)
මූලික තොරතුරු
පිහිටීමහිරාපූර්
භූගෝලීය ඛණ්ඩාංක20°13′35.454″N 85°52′32.141″E / 20.22651500°N 85.87559472°E / 20.22651500; 85.87559472ඛණ්ඩාංක: 20°13′35.454″N 85°52′32.141″E / 20.22651500°N 85.87559472°E / 20.22651500; 85.87559472
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාකාලි
උත්සවකාලි පූජා
දිස්ත්‍රික්කයකුර්දා
ජනපදයඔඩිෂා
රට ඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයHypaethral
සම්පූර්ණ විස්තර
දේවස්ථාන(ය)2
ස්මාරක(ය)3
උන්නතාංශය17 m (56 ft)

මෙම දේවාලය ඉදිකරන ල්දදේ 9වන සියවසේ බ්‍රහ්ම රාජවංශයේ හිරාදේවී රැජින විසිනි.[3]

වෘත්තාකාර සැලැස්මකින් යුතුව නිර්මිත මෙය සම්පූර්ණයෙන්ම නිර්මාණය කොට ඇත්තේ වැලිගල් කුට්ටිවලිනි. වෘත්තාකාර ප්‍රාකාරයට ඇතුළතින් කුටීර පිහිටි අතර, ඒ සෑම කුටීරයකම දෙවඟනකගේ ප්‍රතිමාවක් වේ. එවැනි ප්‍රතිමා 56කට ආසන්න සංඛ්‍යාවක් ඇති අතර, කළු ග්‍රැනයිට් පාෂාණයෙන් නිර්මිත ඒවා ප්‍රාකාරයේ කුටීර තුළ සවිකොට ඇත. මේවා පිහිටියේ කාලි දෙවඟනගේ ප්‍රධාන දේව ප්‍රතිමාවක් වටායි. මෙහි ඇය මිනිස් හිසක් මත සිටගෙන සිටින අතර, එමගින් බුද්ධිය පරදා හදවත ලද ජයග්‍රහණය සංකේතවත් කෙරේ. දේවාලයේ මධ්‍ය පූජාසනයක් (චණ්ඩි මණ්ඩප) ඇති අතර, එහි සතර පැත්තේ සෙසු දේවතා ප්‍රතිමා 8 තැන්පත් කොට ඇත. ඇතැම් ඉතිහාසයන් විශ්වාස කරන්නේ චණ්ඩි මණ්ඩපය තුළ මහා භෛරව ප්‍රතිමාවක් වන්දනයට ලක්වූ බවයි.[3]

සූසැට ජෝගිනී දේවාලය තන්ත්‍රික දේවාලයකි.[4] එහි ගෘහනිර්මාණ ශෛලියට හේතුවී ඇත්තේ තන්ත්‍රික යාඥා චාරිත්‍ර ක්‍රම භූමණ්ඩලය (ස්වභාවයේ පංච මහා ධාතූන්ගෙන් සැදුම් ලත් පරිසරය) හා සම්බන්ධ නිසායි.

ප්‍රදේශයේ පූජකයන්ට අනුව, දේවාලය හා සම්බන්ධ ජනප්‍රවාදය මගින් දුර්ගා දෙවඟන අර්ධ-දේවතාවියන් 64 දෙනාගේ වේශය ලබා ගනිමින් අසුරයකු පැරදූ ආකාරය කියැවේ. සටනින් පසු මෙම සූසැට දේවතාවියන් (ජෝගිනියන්) දුර්ගා දෙවඟනට තමන්ව සිහිපත් කරන්නට දේවාල ගොඩනැගිල්ලක් තනවන ලෙස පවසා ඇත.[1]

ජෝගිනී ප්‍රතිමා මගින් සත්ත්වයකු, රාක්ෂයකු හෝ මිනිස් හිසක් මත සිටගත් කාන්තා රුවක් නිරූපණය වේ. මෙමගින් ශක්ති (ස්ත්‍රී බලය) විජයග්‍රහණය නිරූපණය වේ.මෙම ප්‍රතිමා මගින් කෝපය, ශෝකය, සතුට, ආශාව සහ ප්‍රීතිය වැනි විවිධ දෑ සංකේතවත් කෙරේ.[1]

මෙවැනි දේවාල ඔඩිෂාවේ බලන්ගීර් දිස්ත්‍රික්කයේ රාණිපූර්-ජාරියාල් අඩවියෙන් සහ ඉන්දියාවේ තවත් ස්ථාන හතකින් හමුවේ.

64 යන සංඛ්‍යාව හින්දු පුරාණෝක්තිවේදය තුළ විවිධ ආකාරවලින් හමුවේ. මෙය නිදසුන් ලෙස කාලය සහ කලාවන් දැක්විය හැත. මෙම දේවාල සංකීර්ණයේ නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නේ ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි.

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 1.2 "Chausathi Yogini Temple – A Place of Wondrous Occult - Sand Pebbles Tour N Travels". Sand Pebbles Tour N Travels (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2014-06-15. 2016-12-20 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-12-06.
  2. "Orissa Review, Government Gazette". Orissa Review. Home Department, Government of Orissa. 43: 30. 1986. {{cite journal}}: |access-date= requires |url= (help)
  3. 3.0 3.1 Saravanan, V. Hari (2014). Gods, Heroes and their Story Tellers: Intangible cultural heritage of South India. Notion Press. ISBN 9384391492.
  4. "Yogini temple of Hirapur". The Hindu. 17 Oct 2003.

ගැලරිය සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Khordha district සැකිල්ල:Shakti temples in Odisha


"https://si.wikipedia.org/w/index.php?title=චෞසති_ජෝගිනී_දේවාලය&oldid=592008" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි