ඡින්නමස්තා (සංස්කෘත: छिन्नमस्ता, Chinnamastā, "හිස වෙන්වූ තැනැත්තිය"), හෙවත් චින්නමස්තා, හෝ ඡින්නමස්තිකා සහ ප්‍රචණ්ඩ චණ්ඩිකා යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දෙවඟනකි. ඇය තන්ත්‍ර සම්ප්‍රදායයෙහි එන මහාවිද්‍යා නම් දශ දේවතාවියන්ගෙන් අයකු ද වේ. ඇය හින්දු මාතෘ දේවතාවිය වන දේවීගේ රෞද්‍ර ස්වරූපයකි. දිව්‍යමය මෛථුන්‍යයේ යෙදෙන යුවළක් මත හිඳගත් හෝ සිටගත් මැය තම සිඳි හිස එක් අතකින් ද, අනෙක් අතින් දෑකැත්තක් ද දරා සිටියි. ඇයේ රුධිරය ගලන ගෙලෙන් පැනනැඟි රුධිර දහරා තුනක් ඇගේ වෙන්කළ හිස සහ තවත් සහායිකාවන් දෙදෙනෙක් විසින් පානය කරනු ලබති.

ඡින්නමස්තා
ඡින්නමස්තා නිරූපිත කාන්ග්‍රා සිතුවමක් ක්‍රි.ව. 1800 අවට)
දේවනාගරීछिन्नमस्ता
අනුබැඳියමහාවිද්‍යා, දේවී
වාසභවනයආදාහන භූමි
ග්‍රහලොවරාහු
මන්ත්‍රයශ්‍රීම් හ්‍රීම් ක්ලීම් ඓම් වජ්‍රවෛරෝචනියේ හම් හම් ඵාත් ස්වාහා
ආයුධයඛත්‍රී – දෑකැත්ත
වල්ලභයාශිව කබන්ධ ලෙස

ආශ්‍රේයයන් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=චින්නමස්තා&oldid=486374" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි