චම්පකේස්වර ශිව දේවාලය

භුබනේස්වර්හි හින්දු ශිව දේවාලය

චම්පකේස්වර ශිව දේවාලය පිහිටියේ ඉන්දියාවේ ඔඩිෂාවේ භුබනේස්වර් පැරණි නගර කලාපයේ අම්බිකා සාහි නම් ස්ථානයේ ය.[1][2] මෙය බින්දුසාගර වෙත දිවෙන කෝතීර්ථේස්වර වීථියේ දකුණුපස පරසුරාමේස්වර දේවාලයට මීටර 157ක් දුරින් පිහිටා ඇත.මෙය ලැටරයිට් දේවාලයකි. ප්‍රදේශයේ ජනයා විශ්වාස කරන්නේ මෙහි ගර්භගෘහයේ ඇති ශිව ලිංගය පාතාලඵුටයක් බවත්, එම පරිශ්‍රය නාගයන්ගේ(චම්පා නාග) විමානයක් බවත් ය. මේ නිසා මෙහි දේවතාවා ද චම්පකේස්වර ලෙස නම්කොට ඇත. එසේම ප්‍රදේශයේ ජනයා විශ්වාස කරන්නේ සර්පයන් සඳහා ගුහාවක් බඳු මෙම පරිශ්‍රයේ සිටින සර්පයන් කිසිවකුටත් කරදර නොකරන බවයි.

චම්පකේස්වර ශිව දේවාලය
චම්පකේස්වර ශිව දේවාලය is located in ඔඩිස්සා
චම්පකේස්වර ශිව දේවාලය
ඔරිස්සා තුළ පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමභුබනේස්වර්
භූගෝලීය ඛණ්ඩාංක20°14′48″N 85°51′28″E / 20.24667°N 85.85778°E / 20.24667; 85.85778ඛණ්ඩාංක: 20°14′48″N 85°51′28″E / 20.24667°N 85.85778°E / 20.24667; 85.85778
අනුබැඳියාවහින්දු ආගම
ජනපදයඔරිස්සා
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයකාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය)
සම්පූර්ණ කෙරුණේක්‍රි.ව. 13වන සියවස

දේවාලය සංස්කරණය

මෙම දේවාලයේ ඉතිහාසය ක්‍රි.ව. 13වන සියවස තෙක් දිවෙයි. අතීතයේ මෙන්ම වර්තමානයේ ද මෙයට විශේෂ වැදගත්කමක් හිමිව ඇත. ගංග යුගයේ දී මෙය වැදගත් සිද්ධස්ථානයක් විය. ශිවරාත්‍රී, ජාලසායී, රුද්‍රාභිෂේක, සංක්‍රාන්ති වැනි උත්සව මෙහි සමරනු ලබේ. නූල් උත්සව, උපන්දින සහ විවාහ චාරිත්‍ර ද මෙහි සිදුකරනු දැකගත හැකි ය. ලැටරයිට් ප්‍රාකාරයක් ඇතුළත පිහිටි මෙම දේවාලය වටා උතුරු දෙසින් නිවාස ගොඩනැගිලි ඇති අතර, දකුණු දෙසින් එය විස්වනාථ දේවාලයෙන් මායිම් වේ. නැගෙනහිරින් කෝතීර්ථේස්වර ජලාශයෙන් මායිම් වන මෙහි උතුරු සහ බටහිර පැතිවලින් මාර්ගයක් දැකගත හැක.

ගෘහනිර්මාණ ලක්ෂණ සංස්කරණය

මෙම දේවාලය සතුව දිගින් මීටර 11.05ක් සහ පළලින් මීටර 6.00ක් වන විමානයක් සහ ජාගමෝහනයක් ඇත. දේවාලය පංචරථ ආකාරයෙන් යුතු ය. විමාන, ජගමෝහන සහ අන්තරාල යන අංග පිළිවෙලින් වර්ග අඩි 4.50ක්, වර්ග අඩි 6.00ක් සහ වර්ග අඩි 0.55 ලෙස වේ. විමාන රේඛා සම්ප්‍රදායයෙන් යුත් අතර, ජාග මෝහනඅපීඪ දියුල් ආකාරයක් ගනියි. පංචාංගබාද දේවාලයක් වන මෙහි පභාග, තල ජංඝ, බන්ධනා, උපර ජංඝ සහ බරන්ද යන අංගවල මිනුම් පිළිවෙලින් මීටර 0.75, මීටර 0.75, මීටර 0.17, මීටර 0.72, සහ මීටර 0.82 ලෙස වේ. ගර්භගෘහය පොළොව මට්ටමින් මීටර 0.90ක් පහළින් පිහිටා ඇත. පභාගයේ බොරදම් පහක් ඇති අතර, ඒවා ඛුර, කුම්භ, පට, කනි සහ බසන්ත ලෙස වේ. බරන්ද කොටසේ ද බොරදම් පහක් දැකගත හැක. ජගමෝහන කොටසේ පභාග නම් අංගය මීටර 0.70ක් උසැති අතර එහි බොරදම් හතරක් වේ. පභාගයට ඉහළින් පිහිටි සම්පූර්ණ ව්‍යූහයම නූතන ප්‍රතිසංස්කරණයකි. බරන්ද බොරදම්වලට ඉහළින් පිහිටි ප්‍රධාන දේවාලයේ ගන්දි කොටස මීටර 5.81ක ප්‍රමාණයෙන් යුක්ත ය. මස්තකය මීටර 2.00ක උසින් යුත් අතර, එහි බේකි, ආම්ලක, ඛාපූරි සහ කලස යන අංග දක්නට ලැබේ. දේවාල පරිශ්‍රය වටා ලැටරයිට් පාෂාණයෙන් තැනූ ප්‍රාකාරයක් ඇති අතර, එහි උතුරු පෙදෙසේ පිවිසුම් දොරටුවක් ඇත. මෙම අංගණය දිගින් මීටර 30.50ක් ද, පළලින් මීටර 15.80ක් සහ උසින් මීටර 1.35ක් ද වේ.

රාහ නිකේතන සංස්කරණය

බටහිර, උතුරු සහ දකුණු පැතිවල පිහිටි රාහ නිකේතන පෙනුමින් සමාන අතර ඒවා උසින් මීටර 0.85ක්, පළලින් මීටර 0.47ක් සහ ගැඹුරින් මීටර 0.34ක් වේ. මෙම සියලු නිකේතන හිස් ය.

මෝස්තර අංග සංස්කරණය

මෙහි උළුවහු කණු පසුකාලීනව එක් කරන ලද ඒවා වන අතර, ඒවා චාම් ය. මෙහි නවග්‍රහ ස්තරයක් දක්නට නොමැත. පභාගය කිසිදු ප්‍රතිමා අංගයකින් තොර ය. ජංඝ කොටස තනි බොරදම් බන්ධනාවකින් වෙන් වේ. ජංඝ කොටස ද සරල නෙරි කුළුණු මෝස්තරවලින් අලංකාර කොට ඇත. බරන්ද කොටස ද චාම් ය. රාහ පාග කොටසෙහි ඇති ගන්දි අංගයේ පාදමේ ලඝු රේඛා දෙවොල් තුනක් ඇති අතර, ඉන් මධ්‍යයේ ඇති එක අනෙක් දෙකට වඩා උසින් වැඩි ය. ලඝු රේඛා දියුල් සහ කණික පාගයෙහි භූමි ආම්ල යන අංග හැරුණු විට, ගන්දි කොටස ද චාම් ය. ගන්දි කොටසේ රාහ පාගයෙහි සිව් දිශාවෙහි උද්‍යෝත සිංහ රූ දැකගත හැක.

විශේෂ ලක්ෂණ සංස්කරණය

මෙම පරිශ්‍රයේ බටහිර අන්තයේ වූ දේවාල නටබුන්වලින් පෙනීයන්නේ ලැටරයිට් දේවාලය මුලින් පංචායතන පරිශ්‍රයට අයත් වූ බවයි. මේ අසල්වැසි කුඩා දේවාලයක සිටගත් අත් සතරකින් යුත් කාර්තිකේයගේ කැඩීගිය ප්‍රතිමාවක් ඇත. එහි පහළ වම් අත බිඳීගොස් ඇති අතර, වම් අත කුකුළකු මත තබාගෙන සිටියි. මෙම කුකුළාව ඔසවාගෙන සිටින්නේ කුඩා ස්ත්‍රියකි. දේවාලයට ඉදිරියෙන් වර්ග මීටර 1.30ක වර්ග ප්‍රමාණයක් පැතිරි මීටර 5.25ක් ගැඹුරු පුරාතන ළිඳක් ද ඇත.

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Lesser Known Monuments of Bhubaneswar by Dr. Sadasiba Pradhan (ISBN 81-7375-164-1)
  2. "Champakesvara Siva Temple, Old Town, Bhubaneswar, Dist. – Khurda" (PDF). ignca.nic.in , 1 November 2017.
"https://si.wikipedia.org/w/index.php?title=චම්පකේස්වර_ශිව_දේවාලය&oldid=413385" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි