චන්ද්‍රසිරි කොඩිතුවක්කු

කොඩිතුවක්කු ආරච්චිගේ චන්ද්‍රසිරි (උපත 1949 දෙසැම්බර් 27 - විපත 2016 ජනවාරි 15), හෙවත් චන්ද්‍රසිරි කොඩිතුවක්කු, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි.[1] ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රියතම රූපවාහිනී නළුවෙකු වන ඔහු වඩාත් කැපී පෙනුනේ කෝපි කඩේ රූපවාහිනී කතාමාලාවේ "අබිලින්" නම් සුප්‍රසිද්ධ චරිතයෙනි.[2]

චන්ද්‍රසිරි කොඩිතුවක්කු
Chandrasiri Kodithuwakku
උපත
කොඩිතුවක්කු ආරච්චිගේ චන්ද්‍රසිරි

දෙසැම්බර් 27, 1949(1949-12-27)
මියගිය දිනයJanuary 15, 2016(2016-01-15) (වයස 66)
ගම්පහ, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
වෙනත් නම්අබිලින්
අධ්‍යාපනයසම්බෝධි විද්‍යාලය, කැලණිය
රැකියාවනළුවෙක්, නාට්‍යකරුවෙක්
සක්‍රීය වසර1969–2016
කලත්‍රයා(යන්)දයා ස්ටෙලා කොඩිතුවක්කු
දරුවන්2

පෞද්ගලික ජීවිතය සංස්කරණය

ඔහු 1949 දෙසැම්බර් 27 වැනිදා කැලණිය පෙතියාගොඩදී උපත ලැබීය. ඔහු අධ්‍යාපනය ලැබුවේ කැලණිය සම්බෝධි විද්‍යාලයෙනි. රංගනයට පූර්ණකාලීනව යොමුවීමට පෙර ඔහු මිරිස් කුඩු මෝලක ‍රැකියාව කරන ලදි.[3]

ඔහු විවාහ වී සිටියේ දයා ස්ටෙලා කොඩිතුවක්කු සමඟ වන අතර මෙම යුවළට පුතුන් දෙදෙනෙක් සිටිති.[4]

කොඩිතුවක්කු දිගු කලක සිට වකුගඩු හා ශ්වසන ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර ලබා ඇත. 2016 වසරේදී ශ්වසන සහ හෘද වාහිනී ආබාධ හේතුවෙන් ඔහු ගම්පහ මූලික රෝහලට ඇතුළත් කරන ලදී.[5] ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2016 ජනවාරි 15 ​​දින උදෑසන 7.20 ට වයස අවුරුදු 66 දී මිය ගියේය. දේහය දෙල්ගොඩ මීගහවත්තේ අංක 2 දරන නිවසේ තැන්පත් කර අවසන් කටයුතු 2016 ජනවාරි 17 වන දින ගෝනහේන පොදු සුසාන භූමියේදී සිදු විය.[4]

වෘත්තීය ජීවිතය සංස්කරණය

පාසල් කාලය අවසන් වූ පසු ධම්ම ජාගොඩ විසින් පවත්වනු ලබන නාට්‍ය පාසලට සම්බන්ධ වීමට ඔහු කැමති විය. නමුත් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔහුට නාට්‍ය පාසලට බැඳීමට නොහැකි විය.[6] මේ අතර ඔහු ජර්මානු සංස්කෘතික ආයතනයේ රංගන පාඨමාලාවක් හැදෑරීය.[3] ඉන්පසුව ඔහු "මොරටුව නව මගක යන්නෝ" සංවිධානය කළ කෙටි නාට්‍ය උළෙලට සහභාගි විය. ඔහුගේ කෙටි නාට්‍යය හොඳම පිටපත සහ හොඳම වේශ නිරූපණය සඳහා වන සම්මාන දිනා ගත්තේය.[7]

1969 දී සතිස්චන්ද්‍ර එදිරිසිංහ නිෂ්පාදනය කළ ‘‘සොක්කානෝ රජානෝ’’ වේදිකා නාට්‍යයෙන් ඔහු රංගනයට පිවිසියේය.[4] ඉන්පසුව කැකිල්ලේ, දේශපාලුවා, මනාපේ, බැද්දේ ගෝරනාඩුව, බක තපස්, දෙව්ලොව දෝණි, උතුරේ රාහුල වැනි වේදිකා නාට්‍ය රැසක රඟපෑවේය. [7][6] 1973 දී ඔහු ජයසේකර අපෝන්සු හා රංජිත් පෙරේරා සමඟ එක්වී අභිරූපණ රංගන කලාව ආරම්භ කළේය.[3]

1981 දී කොඩිතුවක්කු තේවිස් ගුරුගේ ගේ අධීක්ෂණය යටතේ රංගනය හැදෑරීය.[3] ඉන්පසුව ගුරුගේ විසින් රචිත කෝපි කඩේ රූපවාහිනී කතාමාලාවට ඔහුව තෝරා ගන්නා ලදී.[6] "අබිලින්" ලෙස ඔහුගේ භූමිකාව මහජනයා අතර බෙහෙවින් ජනප්‍රිය වූ අතර ඔහු සාමාන්‍යයෙන් හැඳින්වූයේ සැබෑ නමට වඩා ඔහුගේ චරිත නාමයෙනි.[8] ඔහු 1987 අප්‍රේල් 1 වන දින ප්‍රථම වරට විකාශය වූ මාලාවේ මුල සිටම පෙනී සිටියේය.[9] ඔහු අඛණ්ඩව වසර 30ක් එම කතා මාලාවේ රඟපෑ අතර ගමේ ඕපාදූපකාරයෙකු ලෙස නිරූපණය කල ඔහුගේ චරිතය නිසා "අබිලින්" යන නම ලංකාවේ ඕපාදූප කතා කරන අය සඳහා අන්වර්ථ නාමයක් බවට පත්විය.[7][10]

රංගනයට අමතරව ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බී ශ්‍රේණියේ ගායකයෙක් ද විය.[3] ඔහු සහෘද නිළි සුසිලා කූරගම සමඟ "ලංකා ලංකා", "ඔබ දැක්කොත් හරි", "ලස්සන සඳේ" සහ "ඇසුරු කල කාලයේ" වැනි යුගල ගීත ගායනා කළේය.[7]

ඔහු 1973 වසරේ J. සෙල්වරත්නම් විසින් අධ්‍යක්ෂණය කරන ලද හොදට හොදයි චිත්‍රපටයෙන් සිය මංගල සිනමා රංගනය සිදු කළේය.[11] එතැන් පටන් ඔහු සිනමාවේ සුළු චරිත කිහිපයක් රඟපෑවේය.[12][13]

චිත්‍රපටකරණය සංස්කරණය

වසර චිත්‍රපටය භූමිකාව Ref.
1973 හොදට හොදයි
1977 සුදු පරවියෝ
1978 සෙලිනගේ වලව්ව නෙරපා හරින ලද පදිංචිකරු
1984 කැකිල්ලේ රජ්ජුරුවෝ පුවක් බඩිල්ලා
1993 ජූරිය මමයි
1995 එදත් චණ්ඩියා අදත් චණ්ඩියා අසල්වැසියා
1996 නරලොව හොල්මන් මෘත ශරීරාගාරයේ කරඬු මිලදී ගන්නෙක්
1996 හිත හොදනම් වරදින් නෑ
1999 සීත සමිරේ
2001 ඔබ මගේම වේවා
2009 ලීඩර්

References සංස්කරණය

  1. "Veteran actor Chandrasiri Kodithuwakku passes away". Ada Derana. සම්ප්‍රවේශය 15 March 2020.
  2. "'Abilin' passes away". Daily Mirror. සම්ප්‍රවේශය 15 March 2020.
  3. 3.0 3.1 3.2 3.3 3.4 "Abilin left Kopi Kade forever". Silumina. සම්ප්‍රවේශය 15 March 2020.
  4. 4.0 4.1 4.2 "Farewell to Abilin of Kopi Kade". Dinamina. සම්ප්‍රවේශය 15 March 2020.
  5. "Kopi Kade Abilin admitted to Gampaha Hospital". Divaina. සම්ප්‍රවේශය 15 March 2020.
  6. 6.0 6.1 6.2 "Four farewells in two days". Sarasaviya. සම්ප්‍රවේශය 15 March 2020.
  7. 7.0 7.1 7.2 7.3 "Abilin Uncle bids farewell". Divaina. සම්ප්‍රවේශය 15 March 2020.
  8. "Funeral of Veteran actor Chandrasiri Kodituwakku". Divaina. සම්ප්‍රවේශය 15 March 2020.
  9. "Kopi Kade". Sunday Times. සම්ප්‍රවේශය 2010-08-14.
  10. "Those who have left us from Kopi Kade". lifie. සම්ප්‍රවේශය 16 March 2020.
  11. "Chandrasiri Kodithuwakku filmography". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 15 March 2020.
  12. "Chandrasiri Kodithuwakku". IMDb. සම්ප්‍රවේශය 15 March 2020.
  13. "Chandrasiri Kodithuwakku remembrance". Daily Mirror. සම්ප්‍රවේශය 15 March 2020.

External links සංස්කරණය