ගෝලීය ආර්ථිකයේ අවාසි

ගෝලීය ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා මිනිස් අයිතිවාසිකම් හා යහපැවැත්ම යටපත් කිරීම ගෝලීය ආර්ථික න්‍යායයන්ට පටහැනි වේ.

බොහෝ ඖෂධ සමාගම් රජයට බලපෑම් කිරීම පිළිබඳ චූදිතයන් වී තිබෙන ආකාරයට, මෙවැනි සමාගම් අනෙකුත් රටවලට වඩා රජයන්ට බලපෑම් එල්ල කරයි.

වැඩි දියුණුවන ගෝලීයකරණය නව අවස්ථාවන් විශාල ප්‍රමාණයක් නිර්මාණය කර තිබේ. නිදසුන් වශයෙන් අවකාශ වෙළඳපොළ දැක්විය හැකිය. මේ කිසා යම් අයෙකුට තරඟකාරී වීමට නම් ගෝලීයකරණය සමඟ ගමන් කිරීමට සිදුවේ. David Shane ඔහුගේ ලිපිවල මෙසේ සඳහන් කර ඇත.

“තාරුණ්‍යය ගෝලීය ආර්ථිකයක් තුල සාර්ථක වීමට අවශ්‍ය උපක්‍රම ඉගෙනගත යුතුය.” , ” තාක්ෂණය හා වෙළඳාම ආර්ථික ප්‍රධාන කොටස් 02ට බෙදයි., ගෝලීය ආර්ථිකය සමඟ කටයුත්‍ර කිරිමට අවශ්‍ය දක්ෂතා ඇති පුද්ගලයින් සහ එවැනි දකුෂතා නොමැති පුද්ගලයින් ලෙසයි.”Shane පවසන පරිදි දියුණු තාක්ෂණය භාවිතා කිරීම මගින් සංවර්ධනය වෙමින් පවතින රටවලට අධ්‍යාපනය හා කුසලතා යන ක්ෂේත්‍ර වලින් සංවර්ධිත රටවල් සමඟ තරඟ කිරීමට හැකියාව ලැබේ. මිනිසුන් සහ ව්‍යාපාර නිතරම ලෝකය වටා සිටින තම තරඟකරුවන් සමඟ කොත්ත්‍රාන්තු සහ ව්‍යාපාර ගණුදෙනු සඳහා තරඟ වදී.දියුණු වෙමින් පවතින ගෝලීය ආර්ථිකය සහමුලින්ම පැතිරුණු අන්තර්ජාලය මේ සඳහා සහය වේ. විශාල සමාගම් වලට අති විශාල සමාගම් බවට පත් විමට අවශ්‍ය වටපිටාව ගෝලීය ආර්ථිකය නිර්මාණය කර දී තිබේ. නමුත් විචාරකයින් පවසන්නේ හමය අන්තර්ජාතිකව ඉතා දරුණු තරගකාරිත්වයක් (Race-to-the-bottom) නිර්මාණය කර ඇති බවයි.බොහෝ සමාගම් වඩා තරගකාරීවීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල් වල පවතින අඩු පිරිවැය ශ්‍රමය හා අඩු පාරිසරික හා ආර්ථික ප්‍රතිපත්ති යටතේ නිෂ්පාදයන් සිදු කිරිමට පෙළඹී ඇත. මේ ආකාරයේ ව්‍යාපාර කටයුතු වලින් සමාගම් වලට මුදල් ඉතුරු කර ගැනීමට ,ආයෝජකයන්ට හොඳ ආදායම් ලබා දීමට, සේවා දායකයන්ට වඩා ලාභදායි නිෂ්පාදන ලබා දීමට හැකිවේ.සංවර්ධනය වෙමින් පවතින රටවල් ශ්‍රමිකයන් හා පරිසරය ආශ්‍රිතව නීති සම්පාදනය කිරීමේදී දක්නා නොසැළකිළිමත්කම බව මේ සඳහා හේතු වී ඇති බව බොහෝ අයගේ මතයයි.මෙවැනි අති විශාල සමාගම් නිතර රාජ්‍ය අංශයට බලපෑම් කරමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇතුලු වීමට උත්සහ කරයි.තවමත් බොහෝ සංවර්ධිත රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල අපනයන ඔවුන්ගේ වෙළඳපොළවල‍ට පැමිණීම වැළැක්වීම සඳහා ආරක්ෂණ වාදී ප්‍රතිපත්ති අනුගමනය කරයි.මෙවැනි කටයුතු රාජ්‍ය නීති තද කිරීම මගින් අඩු කර හැකි බව ඇතැමුන් විශ්වාස කරයි.ආර්ථික නිදහස පිළිබඳ සේවකයන්ට (proponents) අනුව ගෝලීයකරණයට අදාල ආර්ථික ප්‍රශ්න වලට හේතු වී තිබෙන්නේ පවත්නා රජයන්ගේ දුර්වලතාවයන්ය.

වෙළඳ බාධක නිතරම ගෝලීය වශයෙන් ආර්ථික සංවර්ධනයට බාධා එල්ල කරයි.අන්තර්ජාලය වැනි නව තාක්ෂණය වෙළඳ බාධක වලින් සිදු වන හානිය තව දුරටත් වැඩි කරයි.පුළුල් වන ගෝලීය ආර්ථිකයේ ‍විවේචකයන්ට අනුව මෙවැනි වෙළඳ බාධක සංවර්ධනය වෙමින් පවතින රටවල සමාගම් වලට දැඩි බලපෑමක් එල්ල කරයි.



Reference: http://en.wikipedia.org/wiki/Global_economy#Disadvantages

"https://si.wikipedia.org/w/index.php?title=ගෝලීය_ආර්ථිකයේ_අවාසි&oldid=453907" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි